'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

October 22, 2022

එන්න!

හෙමින් අඩි තියමින්
ශාරදය එළඹෙයි
දෙව්දාර කෙල්ලන්
හිසේ මිහිදුම් පළඳි
තෙතබරිත කඳු බෑවුම්
රත් බිම් මලින් සැරසෙයි
එන්න ඇවිදින්නට
අතීතය තව තරුණයි!

කොපුලකින් පිසලූ 
වැහි දියක තෙත සලකුණ
දෙතොල මත ගිලිහුණු 
හාදුවක මුදු මිමිණුම 
එකින් එක එක්කර 
තනමි සැමරුම් මල් මිට 
එන්න ගෙනයන්නට 
නූපදින හෙට දිනයට 


watercolour pencils and ink on paper


3 comments:

  1. හරි ලස්සනයි මේ කවිය. 'හෙමින් අඩි තියමින්....' හා 'අතීතය තව තරුණයි' කියන කොටස් තමයි මම කැමතිම. ස්වබාව ධර්මයට කිසිම 'හදිස්සියක්' නෑ නේද.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus. මුලින් චිත්‍රෙ ඇඳලා පස්සේ ලීව කවියක් මේක. :) ඉඳහිට කවි උල්පත පෑදෙනවා

      ස්වභාව ධර්මයට හදිස්සියක් ඇත්තෙම නැහැ නේද කියලා මටත් මේ ඊයේ පෙරේදා හිතුණා මගේ පැලයක අලුතින් දල්ලක් දාන්න ගන්න කාලේ දැකලා!

      Delete
  2. බොහෝ මිහිරි මතක, සොඳුරු නිමේෂ
    එකවරම, ඒත් සන්සුන්ව
    සුවඳකට පෙරලා නැවත රැගෙන ආ සරල අසිරිමත් පද පෙළක්...

    ReplyDelete