October 12, 2022

විශ්වය පිළිබඳ න්‍යායන්

මා යම් යම් දේ
වෙනත් දෘෂ්ඨි කෝණයකින් 
දකින්නට උත්සාහ කරමිනි

මා ආහාරයට ගනිමින් සිටින
චොකලට් කැබලි සහිත, පීනට් බටර් තැවරූ
බනිස් ගෙඩියෙන් කොටසක්
මගේ බල්ලා ඉල්ලා සිටියි
 
බල්ලන්ට චොකලට් ඉතාමත් අගුණ බැවින්
ඌට එය දිය නොහැකි බව
මා දන්නා මුත්
ඌ ඒ බව නොදනී
 
අමනාපයෙන් මුහුණ දිගු කර ගනිමින්
ඌ සාලුවක් සේ
මගේ පාදය වටා එතෙන්නේ
පාන් කැබැල්ලෙන් ඉතා කුඩා කොටසක් හෝ
ඌට දෙන ලෙස
මට ඒත්තුගන්වන්නට මෙනි
 
මා ඊට යටත් නොවූ විට
ටික වෙලාවකින්
පියානෝව යට ඈත කෙළවරකට
ඌ යන්නේ
දුක්මුසුව, කළකිරීමෙනි
 
මා මගේ බල්ලාට සුදුසුම දේ
ගැන දන්නා අයුරින්ම
මේ විශ්වයත් මට සුදුසුම දේ
දන්නවා ඇතැයි සිතමි

මගේ මුළු ආත්මයෙන්ම යමක් පතද්දී
විශ්වය එය මට නොදී
තමන්ටම මෙලෙස කියාගනු ඇතැයි සිතමි
 
"පිස්සු කෙල්ල, එයා හිතනවා මේ තමයි එයාට වුවමනා දේ කියලා
ඒත් මේකෙන් කොයිතරම් වේදනාවක් ලැබේවිද කියලා එයා දන්නේ නැහැ.."

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Theories about the Universe' by Blythe Baird

Digital painting using oil brush tools from touch pad

දිනමිණ - වසත් සුළඟ 12.10. 2022





8 comments:

  1. විශ්වය දැන ගෙන හිටියට මදි හැබැයි😪

    අපිට ඕනි දේ අපිටම දැන ගන්න විදියක නැද්ද😁

    ReplyDelete
    Replies
    1. අපිට නොපෙන්වන එක තමයි විශ්වයේ රහස! :)

      Delete
  2. නියමයි , මගේ ජිවිත දර්ශනය

    ReplyDelete
  3. අජිත් කිව්වා වගේ මගෙත් ජීවිත දර්ශනය මේක තමයි. එතකොට කොයි වෙලාවෙවත් බලාපොරොත්තු නැති වෙන්නෙ නෑ- හොඳම දේ ලැබෙන බව දන්නවනෙ. ඒක කියන්න මේ කවියෙ ගත්ත සරල උදාහරනය කොච්චර හොඳද.

    ReplyDelete
    Replies
    1. විශ්වය දෙන දේ ජීවිතය මාර පහසු වුනා. ඊට පස්සේ හිනාවෙලා ජිවත් වෙන්න පුළුවන් කම ලැබුන.

      Delete
    2. අජිත්, Lotus - මමත් (දැන් දැන්) more or less මේ පාරේ යන්නේ. expecting less, accepting more කිව්වොත් හරි. එතකොට විශ්වයේ තීන්දු බාරගන්න ලේසියි.

      //"පිස්සු කෙල්ල, එයා හිතනවා මේ තමයි එයාට වුවමනා දේ කියලා
      ඒත් මේකෙන් කොයිතරම් වේදනාවක් ලැබේවිද කියලා එයා දන්නේ නැහැ.."// වගේ විශ්වය මං ගැනත් හිතලා තියෙන බව මම දන්නවා

      Delete
  4. @අජිත් මාමෙ, @මලී, @lotus ඒකියන්නෙ අර සර්වබලධාරී දෙවියො, දෛවය වගේම සංකල්පයක් වෙනවා නේද එතකොට විශ්වය කියන එක🤔

    අපට පාලනය කරන්න බැරි දේවල් ගැන මොකක් හරි නිසා උනා කියලා හිත හදාගන්න ද එහෙම කරන්නෙ🤔

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා දරුවෝ මේවා ඔක්කොම හිත හදාගන්න ක්‍රම තමයි :D

      Delete