හෙමින් අඩි තියමින්
ශාරදය එළඹෙයි දෙව්දාර කෙල්ලන්
හිසේ මිහිදුම් පළඳි
තෙතබරිත කඳු බෑවුම්
රත් බිම් මලින් සැරසෙයි
එන්න ඇවිදින්නට
අතීතය තව තරුණයි!
කොපුලකින් පිසලූ
වැහි දියක තෙත සලකුණ
දෙතොල මත ගිලිහුණු
හාදුවක මුදු මිමිණුම
එකින් එක එක්කර
තනමි සැමරුම් මල් මිට
එන්න ගෙනයන්නට
නූපදින හෙට දිනයට
watercolour pencils and ink on paper
හරි ලස්සනයි මේ කවිය. 'හෙමින් අඩි තියමින්....' හා 'අතීතය තව තරුණයි' කියන කොටස් තමයි මම කැමතිම. ස්වබාව ධර්මයට කිසිම 'හදිස්සියක්' නෑ නේද.
ReplyDeleteThank you Lotus. මුලින් චිත්‍රෙ ඇඳලා පස්සේ ලීව කවියක් මේක. :) ඉඳහිට කවි උල්පත පෑදෙනවා
Deleteස්වභාව ධර්මයට හදිස්සියක් ඇත්තෙම නැහැ නේද කියලා මටත් මේ ඊයේ පෙරේදා හිතුණා මගේ පැලයක අලුතින් දල්ලක් දාන්න ගන්න කාලේ දැකලා!
බොහෝ මිහිරි මතක, සොඳුරු නිමේෂ
ReplyDeleteඑකවරම, ඒත් සන්සුන්ව
සුවඳකට පෙරලා නැවත රැගෙන ආ සරල අසිරිමත් පද පෙළක්...