November 24, 2021

තනි ඉරක ඇවිදීම

Translation of the poem Walking at Noon | Nicolette Stasko


වසන්තයට කිට්ටු දවසක
කෙටි දුරක් ඇවිදිද්දී
පෙනෙන දසුන් කෙතරම් අපූරු ද

අයෙක් ගල් පවුරකට පිටදී
හිරු රැස් නාන්නේ
ඵල පිරුණු රට දෙහි ගසක් මෙනි

පෙම්වතුන් දෙදෙනෙක්
දෑත් නොඅල්ලාම
ඉතා උද්යෝගයෙන්
එකිනෙකා වෙත නැඹුරුව සිටී
ඔවුන්ගේ හාත්පස
උයන පුරා මල් පිපෙමිනි

තරුණ කතක්, තනිවම
දේවදාර ගසක සෙවනේ
ලී කොටයක් මත හිඳ
ලිපියක් කියවමිනි

ගලාහ් කුරුල්ලන් මෙන්
රොක් වෙන සිසුන්
දොඩමින්, සැන්විච් පෙති කමිනි

මා පසු කර යන
බයිසිකල්ද, දුවන්නන්ද
බොඳවී පෙනේ

විශාල ගිරවෙක්
විදිලියක් සේ ඉගිල යයි

මම
ඔවුන් අතරින්
දළ වශයෙන් තනි ඉරක ඇවිදිමි

තව කෙනෙක් දකිනු ඇත්තේ

ලෙලෙන දිගු වැහි කබායක් පැළඳි
එතරම්ම තරුණ නැති කාන්තාවක් බවයි

ඈ සිනාසෙමිනි 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


දිනමිණ වසත් සුළඟ 17.11.2021  

https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=19b66508

Photo- summer in Ballarat VIC

 


 



14 comments:

  1. Replies
    1. වැට ප්ලස් ඉමොජි පේළියයි කියන්නේ එක්ස්ට්‍රා ගුඩ් කියන එකද?😊
      තැන්ක්යූ බස්සා!

      Delete
    2. වැට ගැහැව්වේ කවියට. ඉමෝජි පින්තූරෙට. දැන් එයි වැටේ අයිතිකාරය පිඹගෙන.😂

      Delete
    3. //Pra Jay has left a new comment on your post 'තනි ඉරක ඇවිදීම':

      ++++++++++++//

      මෙහෙම ඊමේල් නොටිෆිකේෂන් එකක් ආවා. ඒත් කෝ කමෙන්ට් එක? 🤔

      Delete
    4. ආයෙ දෙකක් නෑ, ඒක කුණුගොඩේ ඇති.😂🤣

      බ්ලොගර් ඩෑෂ් බෝඩ් ගිහින් "spam" එකේ බලන්න. ඒකෙම තියෙන "comment" වලින් බලාගත්තෑකි, කොහාටද ගියේ කියලා. ඊට පස්සෙ "spam" ෆොල්ඩර් එකට ගිහින් පුළුවනි, ඒක ආයෙ ගෙනැත් දාන්න.

      Delete
    5. මම කවදාවත් spam බලලා තිබ්බේ නැහැ! බැලින්නම් Pra Jay ගේ කලින් වැටකුත් එතැන තිබුණා :D

      Delete
    6. ආන්න බලා..න්ට. ගූගලයා වුනත් දන්නවා ඒක.🤔👌🙏🤣😂

      Delete
  2. ෂාහ් මැවිලා පෙනුන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්, එහෙනම් වැඩේ සාර්ථකයි!

      Delete
  3. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවිය ඇතුළත් කිරීම ගැන ස්තූතියි

      Delete
  4. Casino, Vegas, Vegas, NV. - DrmCD
    i found that MGM Resorts, which owns Casino 경주 출장안마 City in New Jersey, has 영주 출장샵 a monopoly on 포항 출장샵 gambling. However, as 부천 출장안마 the 나주 출장안마 casino floor expands,

    ReplyDelete