November 03, 2021

ගූගල් සිතියම්

Translation of the poem 'Google Maps' by Pamodi Kuruppu

ඉඳහිට දිනක
දුරකථනය අතට ගෙන
ගූගල් සිතියම් වල
මම ඔබ සොයමි

ආදරය අමුතුම උමතුවක් වී
ප්‍රාථමික හද ගැස්මක් රැව්දෙන
මේ නගරයේ
මත්තේගොඩ, කොට්ටාව සොයමි මම

සිතියමේ චන්ද්‍රිකා දර්ශනය වෙත මාරු වී
එහි මාවත් ඔස්සේ දිව යමි
ඔබ නිවස වෙත වාහනය එළවද්දී
යන්නේ මේ මගෙහි යැයි සිතමි

ඔබ පසුකරන කෙත්වතු
පටු මං, පෙට්ටි කඩ, සල් ගස් හන්දිය
ආදී හැම මඟ සලකුණක්ම
මා නරඹන්නේ
ඉක්මන් සිහි කැඳවීමට ඒවා අවශ්‍ය බැවිනි

නැවත නැවතත්
ඒ මඟ හදාරමි
නුගේගොඩත් මත්තෙගොඩත් අතර දුර සොයමි
ස්පර්ශ තිරයක නම්
එය දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර තරම්
ඉතා කුඩා දුරකි

දන්නවාද?
සිතියමක අප කෙතරම් සමීපද යත්
ඇඟිලි තුඩු යා කිරීමෙන් පවා
අප දෙදෙන එක්තැන් කළ හැක

ඔබ නැති විට
මම ගූගල් සිතියම් පිරික්සමි
එවිට හැම මොහොතකම
ඔබ සමීප ය


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

දිනමිණ 03.11.2021 වසත් සුළඟ අතිරේකය


 

 










19 comments:

  1. Replies
    1. ස්තූතියි අපූරු මල්. දැක්ක කල්!:)

      Delete
  2. මමත් ඔය වැඩේ කරනවා, අතීත මතක මං පෙත් දිගේ යන්න, යන්නෙ ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන්. ඒත් බොහෝ වෙලාවට වෙන්නෙ, අතරමං වෙන එකයි, හැමදේම වෙනස් වෙලා. හැමතැනම තාප්ප, ගෙවල් සහ කඩ. බලන,බලන හැම තැනම එකම විදිහයි, කිසිම විවිධත්වයක් නෑ.

    ඉඳලා හිටලා පරණ පොත් කඩයක්, එදා දැක්ක විදිහටම දැක්කාම, බාප්ප දැක්කා වගේ සංතෝසයි.

    ReplyDelete
    Replies
    1. බස්සා අපිත් ලංකාවේ පරණ මතක තැන් වලට virtual ටුවර් එකක් දාලා එනවා ඉඳහිට වෙනස් වුණු තරම බලන්න. ඇත්තටම පරණ තැනක් අඳුනාගත්තාම 'බාප්පා දැක්කා වගේ' සන්තෝසයි තමයි! :D

      Delete
  3. අපූරුයි... ස්ට්‍රීට් වීව් වලිින්නං සෑහෙන්න වැඩ ගන්නව. වැඩිපුරම අන්තර්ජාලෙ හොයාගන්න නැති කඩවල නම්බර් ඒම 🙈🙈🙈🙈 😃😃😃

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඒක හරි. ඇයි 'ඒ පාරට දැන් තාර දාලාද?' වගේ ඒවා හොයාගන්න එහෙම හරි ප්‍රයෝජනයි

      Delete
  4. @ DGMB, remember Bambalapitiya junction?

    ReplyDelete
    Replies
    1. බස්සා ඇවිත් මේකට උත්තර දීලා බම්බලපිටිය හන්දිය ගැන අපි නොදන්නා කතාවත් කියලා යන්න :D

      Delete
    2. බම්බලපිටියෙ පැටිකිරියම මතක වුනත්, ප්‍රාජේ අදහස් කලදේ ගැන තේරුණේ නෑ. දැනට පේන්න තියෙන ගුණසේන පොත් සාප්පුවටත්, එච්චරම පැරණි ඉතිහාසයක් නෑ. ගිහින් බෞද්ධාලෝක මාවතේ ගස් ටිකට "හායි" කියල ආවා.

      Delete
    3. Secondhand bookshop

      Delete
  5. පරිවර්තනය කීවේ ? මමත් ඔය දෙකම නිතර කරන වැඩක්. නිසඳස අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්, මේක පමෝදී කුරුප්පු කියන කිවිඳියගේ ඉංග්‍රීසි කවියක පරිවර්තනය.

      Delete
  6. Google සිතියම් බොහෝ අවස්වථාලදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කලකට ඉහතදී නිවහන වී තිබුණු, දශක කිහිපයක් පදිංචි වී සිට සදහටම මතකයෙන් ඉවත් කළ නිවස ආපසු දකින විට නම් සිතට සන්තාපයක් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. තාත්තා- ඔව් ලංකාවෙන් පිට ඉන්නකොට ගූගල් මැප්ස් හරහා ලංකාවට පොඩි නොස්ටැල්ජික් ගමනක් ගිහින් එන්න පුළුවන්

      Delete
  7. 'සිතියමක අප කෙතරම් සමීපද යත් ඇඟිලි තුඩු යා කිරීමෙන් පවා අප දෙදෙන එක්තැන් කළ හැක' Goose bumps!!

    I tried to find the original but couldn't.

    ReplyDelete
    Replies
    1. Lotus- yeah, it stopped me in my tracks too!

      Here is the original

      Google Maps by Pamodi Kuruppu

      Once in a while
      I'd take my phone out
      and search for you
      on google maps.
      I search for Mattegoda, Kottawa;
      in this town
      a premordial heartbeat exists
      and love is terrific madness.
      I switch to satellite view
      run through roads, thinking,
      this must be the route
      you take to drive home.
      I watch the paddyfields you pass by,
      the thin roads, petti kades,
      sal gas junction and every landmark
      necessary for quick recall.
      I study the roads,
      again and again.
      I look for
      the distance from Nugegoda to Mattegoda;
      and it is so small
      that it is only the length
      between forefinger and thumb
      when moving on a touch screen.
      You know what?
      On maps
      we are so close, that,
      just by pinching two fingers
      you and I can be brought together.
      In your absence
      I check Google Maps
      because you are close
      everytime.

      Delete
    2. Thank you මලී. Both are equally brilliant.

      Delete
  8. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  9. Google street ගිහින් බලපු පාරවල් තිබ්බා තමයි.. හ්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete