අනෝරා වැහි ඉහිරී
දුර ඈත කඳු මත්තෙන්
මතක මීදුම් පැතිරෙන
තෙතබරිත වූ දිනයක
දෙතොලග මඳ සිනාවෙන්
නුඹ මැවේ නෙතු අද්දර
පිටුවක කොණක් සන් කර
වසා ලා කියවූ පොත
කෝපි උගුරක් තොලගා
නෙතු හෙලයි කඳු යායට
හදවත පුරා මුල් ඇදි
පාළුව, විසල් තනිකම
නුහුලනා දිනයන් ඇත
ඔහෙත් හරියට වැස්සද?
අපූරු කවියක්. මට මතක් වුනේ බීටල් අන්තිමට ලියපු කවිය.
ReplyDeleteදැන් පරිවර්තන කරන්නෙ, චිත්‍ර අඳින්නෙ එහෙම නැද්ද?
මතක් කරන්න එපා බීටල් ව! ලියන්නේ නැතිව ඉන්නවා අන්න කම්මැලි වෙලා. :D
Deleteපරිවර්තන නම් කරනවා බස්සා, දිනමිණේ වසත් සුළඟ දැන් සති දෙකකට සැරයක්නේ තියෙන්නේ. ඒකට නොවරදවාම එකක් යවනවා. චිත්‍ර නම් ටිකක් ඇන හිටලා තියෙන්නේ. මේ ටිකේ අලුත් ගෙදරකට මාරු වෙන නිසා චිත්‍ර මූඩ් එකට ඕන නිස්කලංකය නැහැ.
++++++
ReplyDeletethank you Pra Jay
Delete"නැමීගත් හිස් අතර
ReplyDeleteඉඩැ‘ති අසුනක් නැතත්
හිස් බවක් නැගෙයි සිත
පිටු අතර පාව යන."
blog එකට ගිහින් කවිය කියෙව්වා.
Deleteමේ පරාසයේම කවියක් :)
අහා! සුන්දර කවියක්!
ReplyDeleteතෑන්ක් යූ!
Deleteලස්සනයි.
ReplyDelete'ඔහෙත් හරියට වැස්සද?' මලී වැස්ස ගැන කවි ලියපු ගමන් වැස්ස නැවතුනා හැබැයි.
මෙහෙට නම් නොකඩවා වැසි.
Deleteඉස්සර නම් වැස්ස පාලනය කරන්න බලයක් තිබ්බා. දැන් ම්හු :)
මෙහෙත් හරි වැස්ස.. වෙලත් උතුරන්න!
ReplyDelete