දරුවෝ ඉස්කෝලේ යද්දී දෙමව්පියොත් ආයෙත් ඉස්කෝලේ යනවා කියලා කතාවක් තියෙනවනේ. එහෙම වෙන්නේ ඒ කාලෙට අපිට වැඩිහිටි කෝණයකින් ආයෙත් පාසැල් අධ්‍යාපනය දකින්න අවස්ථාවක් ලැබෙන නිසා වෙන්න ඇති.
අවුරුදු දාහතරක් වුණු මගේ පුතා ඉගෙනගන්නේ මෙල්බර්න් නගරයේ පිරිමි ළමුන්ගේ පාසලක. සාමාන්‍යයෙන් මේ වයසේ ළමයි ටිකක් දඩබ්බර නාහෙට නාහන අය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. විශේෂයෙන් පිරිමි ළමයි විතරක් ඉගෙන ගන්න පාසලක මේ දරුවන්ගේ අවධානය විෂය කරුණු වලට නම්මලා තියාගන්න ගුරුවරුන්ට ඇප කැප වෙන්න වෙනවා. පුතාලාගේ සමහර පාඩම් හරි අපූරුවට, 'දැනෙන්න' උගන්නන වෙලාවල් මම නිරීක්ෂණය කරලා තියෙනවා. මේ වයසේ ළමයින්ගේ ස්වභාවික නැඹුරුවීම්, ප්‍රියතාවයන්ට එරෙහි නොවී පුළුවන් අවස්ථා වලදී මේවා ඇසුරෙන්ම විෂය මාලාව ඉදිරිපත් කිරීම තමයි මම දැක්ක විශේෂත්වය.
උදාහරණයක් හැටියට ළඟදී දවසක පුතාලාට ප්‍රවේගය පාඩම උගන්නන්න paper planes පාවිච්චි කරලා තිබුණා. එක එක ගනකමින් යුත් කඩදාසි වලින් planes හදලා පිට්ටනියට අරගෙන ගිහින් ඒවා යන දුර මැනලා කළ ඒ පාඩම හරිම විනෝදජනක බව පුතා කිව්වා. බොහොම දුර යන 'මිග්' වර්ගයේ paper planes හදන්න ගුරුවරයා අතුරු පාඩමක් කළ බවත් අන්තිමේදී ළමයි අතරේ පොඩි plane තරඟයක් තිබ්බ බවත් පුතා කිව්වේ හරිම සතුටින්. එහෙම විනෝදයෙන් ඉගෙන ගත්තාම විෂය කරුණු මතක හිටින බව අහන්න දෙයකුත් නෙමෙයිනේ.
මේ වගේම පුතාලාට තියෙනවා VCD කියලා විෂයක්. Visual Communication and Design. මේකෙන් communication design, environmental design and industrial design කියන කොටස් ගැන මූලික කරුණු හඳුන්වලා දෙනවා. පුතාලාගේ මේ පාඩමෙන් දුන්නු එක පැවරුමක් තමයි video game එකක කවරයක් නිර්මාණය කිරීම. අලුතින් game එකක් ගැන හිතලා, ඒක පාවිච්චි කරන වයස සීමාවේ අයට ආකර්ෂණය වෙන විදිහට පාට, රූප යොදාගෙන මේ කවරය නිර්මාණය කරන්න ඕන. මේ වගේ කවරෙක තියෙන්න ඕන හැම විස්තරයක්ම (සුදුසු වයස කාණ්ඩය, තාක්ෂණික විස්තර ආදිය) ඇතුලත් කරන්න ඕන. ඉතින් මේ පැවරුම කරන්න ඉලන්දාරියාට තිබුණු උනන්දුව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනේ. ගෙදර ඇවිත් කන්නේ බොන්නත් වුවමනාවක් නැතිව මිනිහා මේකට මහන්සි වුණා. 'පරිසරය සුරැකීම ගැන පෝස්ටරයක් හදන්න' වගේ ඇල්මැරුණු මාතෘකාවක් නොදී මේ වයසේ ළමයින්ගේ හිතට ළඟ video game වගේ දෙයක් යොදා ගැනීමෙන් මේ පාඩම් කොයිතරම් සාර්ථක වෙනවද?

මේ ඉගැන්නුම් ක්‍රම දකිද්දී අපි ඉගෙනගත්ත ක්‍රම මට මතක්වෙන්නේ නිරායාසයෙන්. රටවල් දෙකක්වත්, අවුරුදු තිහක විතර කාලයේ වෙනසක්වත් සංසන්දනය කරන්න බැරි බව නම් ඇත්ත. ඒත් මේ වගේ හිතට ළඟ ක්‍රම වලට, ආසා හිතෙන විදිහට නැතිව ඒ කාලේ කටපාඩම් කරලා ඉගෙනගත්ත අපි ගැන පුංචි දුකක් දැනෙන එක වළක්වන්න බැහැ. පුතාලා ඉගෙනගන්න මේ ක්‍රම වලට අමුතුවෙන් වියදමක් යන්නේ නැහැ. ගුරුවරුන්ගේ නිර්මාණශීලී බවත්, දරුවන්ගේ මනස තේරුම් ගන්න ඇති සූදානමත්, වෙනස් දෙයක් කරන්න ඉඩ පහසුකමත් විතරයි අවශ්‍ය. අපිට ඉතින් ඒ අවස්ථාව මඟ ඇරුණා. අඩුම ගාණේ දරුවෝ වත් එහෙම ඉගෙනගන්න වාසනාව ලබලා.
photo Unsplash
කොයිතරම් අපූරු ඉගැන්වීම් රටාවක්ද? අපේ රටේ දරුවො ගැන දුකත් හිතුණා...
ReplyDeleteමට මතකයි පුතා දවසක් ප්‍රසන්ටේෂන් එකක් හැදුව විදියත් ඔයා ලියල තිබුණා. අලුත් ලෝකයත් එක්ක ඉදිරියට යන්න මේ වගේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් හරි වටිනවා.
ඔව් තරු, මට වැඩියෙන්ම හිතුනේ මේ වගේ ළමයින්ට ආසා හිතෙන විදිහට උගන්නන ඕන රටක ගුරුවරුන්ට පුළුවන් නේද කියලා. මේවාට වියදමක් යන්නෙත් නැහැ, ඒත් කාර්යක්ෂමතාවය ඉහළයි. සුපුරුදු වට්ටෝරු ක්‍රමයෙන් පිට හිතන්න තියෙන උවමනාව විතරයි ඕන. මට ඉස්සර විද්‍යාව විෂයේ චලිතය, ප්‍රවේගය කොටස් පේන්න බැහැ. මෙහෙම ආසා හිතෙන විදිහට ඉගෙනගන්න තිබ්බා නම් කියලා දුක හිතුණා.
Delete+++++++++++++++++++++
ReplyDeleteThank you Pra Jay!
Deleteඅපේ රටේ අධ්‍යාපනය නේද? අපට වෙනස් කරන්නත් බැරි, කිව්වයි කියල ඇති වැඩකුත් නැති නිසා නොකියම ඉන්නම්.
ReplyDeleteඑක දෙයක් ගැන නම් සතුටුයි. ඉන්ටනෙට් සහ යූ-ටියුබ් හරහා, දැණුම යම් පමණකට නිදහසේ බෙදී යාමේ නැඹුරුවක් පෙන්නුම් කරනවා. ඒත් ඒකෙන් හරිහැටි ප්‍රයෝජනයක් ගන්න නම් ඉංග්‍රීසී දැණුම අවශ්‍යය වෙනවා. Digital Divide කෙරෙනවා නං, ඒක කරන්නේ අපේ රටේම ඉන්න අයම තමා.
ඔව් ටොමියා දුකයි ඒ ගැන.
Deleteඉන්ටනෙට් එකේ සෑහෙන්න මේ වගේ විෂය දැනුම තියෙන එක ඇත්තටම හොඳ දෙයක්. පුතාත් නිකම් ඉන්න වෙලාවට බලන දේවල් නිසා තමයි මාත් ඒ ගැන දැනුවත්. ඉංග්‍රීසි දැනුමට අමතරව තව වැඩිදුර විස්තර හොයන්න උවමනාව, ආසාවත් වැදගත්. ඒත් තියෙන එක ඩේටා කාඩ් එක ඉස්කෝලේ වැඩවලට/ ටියුෂන් පන්තියට පාවිච්චි කරන ළමයින්ට මේ පහසුකමත් ඇහිරෙනවා නේද? ගුරුවරුන්ගේ අඩුපාඩුවක් කියනවා නෙමෙයි. එයාලාත් තියෙන සීමිත පහසුකම් වලින් නේ ඔය මහා යුද්ධයක් කරන්නේ. ඒත් කරන පාඩම උනත් ටිකක් හරි ශිෂ්‍ය මූලික කරලා, ආසා හිතෙන විදිහට උගන්නන්න එයාලාට තියෙන ඉඩකඩ හරියට පාවිච්චි වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.
ඉතාමත් හොඳ සරල අධ්‍යාපන ප්‍රවේශයක් ගැන වටිනා පැහැදිලි කිරීමක්.
ReplyDeleteඅපේ රටේත් මේ තරමටම නැති උනත් තරමක උත්සාහයක් ගත් කාලයක් තිබුණා. අද මෙන් තාක්ෂණ දියුණුවක් නොමැති ඒ කාළයේ අධ්‍යාපනයේ නියලී සිටි නිසයි මා නිර්භයව මෙසේ කියන්නේ. දැනට දශක තුන හතරකට ඉහතදී 'සැමටම විද්‍යාව' (Science for all) යන සංකල්පය යටතේ දරුවාට තම අත්දැකීම් අනුසාරයෙන් දැනුම, අවබෝධය, නිර්මානශිලිබව ආදී කුසලතා වර්ධනය කර ගැනීමට මෙම අධ්‍යාපන ක්‍රමය ප්‍රයෝජනවත් වූවා. ප්‍රාථමික මට්ටමේ මෙය බොහෝ සාර්ථක වූවා. මෙම ක්‍රමවේදය ද්විතීය මට්ටමේ දිගුවක් ලෙස පරිසරය ආශ්‍රීත ව්‍යාපෘති ඇතුළත් 'On-site environmental studies' යන නමින් නියාමක වැඩ සටහනක් ආරම්භ කළා. මටත් මෙහි සම්පත් දායකයෙකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. එසේ වුවත් පසුව සිදුවූ 'ඉහළ ස්ථර වල පුටු මාරුවීම්' නිසා මේවා අහෝසි වී ගියා. මෙහි සඳහන් දරුවා මාගේ මුනුපුරෙක්. ඔහුගේ විශේෂ දක්ෂතා කුඩා කාලයේ සිටම දකින්නට ලැබුණා. ඔහු මෑතදී, මා වැඩිපුර යමක් දැන නොසිටි "fibonacci sequence" නමැති සවභාවික වස්තු වල දකින්නට ලැබෙන ගණිතමය සංකල්පයක් ගැන මට පැහැදිලි කිරීමක් කළා. ඔහු එම සංකල්පය අවබෝධ කරගෙන තිබුණේ 'යූ -ටියුබ්' පාඩමකින්. එම සංකල්පය ස්වභාවික වස්තු වල බෙහෙවින් තිබෙන බව මා වටහා ගත්තෙත් ඉන් පසුවයි. දරුවන්ට නිසි මග සරල ආකාරයට ප්‍රායෝගිකව පෙන්වා දෙන විට ඔව්හු නිතැතින්ම නිසි මගට යොමුවෙනවා.
තාත්තා, කොහොමහරි සිලබස් කවර් කරනවා වෙනුවට ජීවිත කාලයක් මතක හිටින විදිහට මෙහෙම උගන්නන්න නම් වුවමනා ගුරුවරයා ටිකක් වෙනස් විදිහට හිතන එක විතරයි. එහෙම අය ලංකාවේ exception not the norm වුණු එක තමයි කනගාටුවට කාරණාව.
Deleteපුතා ඊයේ පෙරේදා දවසක මට කියනවා එයාට විද්‍යාව පැත්තෙන් ඉදිරියට ඉගෙනගන්න අඩිතාලම වැටුණේ පුංචි කාලේ සීයා එක්ක කරපු එක එක පුංචි විද්‍යා පරීක්ෂණ නිසා ඇතිවුණු ආසාව වෙන්න ඇති කියලා. මිනිහා ආවාට ගියාට ඔහොම ඒවා කියන්නේ නැති නිසා මට හිතුණා ඒක කියන්න ඇත්තේ සෑහෙන්න කල්පනා කරලා කියලා. ඒ සම්මානය සීයාට!
ඉතා වටිනා ලියැවිල්ලක්! තවත් ටිකක් මේ රට එපා උනා!
ReplyDeleteමට ඕන උනා මට බැරි උනත් මගේ ඊළඟ පරම්පරාව වත්; මිනිසුන්ට ගරු කරණ රටක ජීවත් කරවන්න. ඒ නිසයි මගේ පුතාව මම ඔය දේශයටම එව්වේ!
ReplyDeleteතට්ටයා, රටට එහෙම වුණ එක අපරාදේ කියලා හිතෙන අයටවත් වෙනසක් කරන්න ඉඩක් තිබ්බා නම්!
ReplyDeleteපුතා මෙහේද? නියමයි!
ඔව් එයා ඔහේ! එයා හොඳ කොල්ලෙක්! කෙල්ලවත් එවන්නයි හිතාන ඉන්නේ! ඔයා එයාව බලා ගන්න!
Delete