'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

March 12, 2017

නැවතුම

අහසක් පුරා තෙත බිඳුවක් නැති කලෙක
කවියක් ලෙසට වත් නොපිපුණි හිත සතුට
දිය සිඳි බිමක ගුරු පෑ දුහුවිලි අතර
සඟවා බොහෝ කල් විය බිඳි හදවතම

බෝ දුර ඇදෙන ගැල් ගමනක අතරතුර
එක නුග රුකක සිසිලස මහමෙර තරම 
ගණ කළු අඳුරු දින දින පිරි දිගු සසර 
එක තරු කැටක එළියත් දෙනෙතට අඳුන

නුඹ ළය හිස හොවමි, හදවත හඬ අසමි 
මහදට පුරුදු තානම ළඟ හිත තබමි
කවුළුව දුරින් ඉහිරෙන සඳ දිය දකිමි
නුඹේ කටහඬක කැටයම් හීනෙක අඳිමි



















Grunge Nature Art




5 comments:

  1. නියමයි
    ජය වේවා ..!!!

    ReplyDelete
  2. සඳ දිය ගල ගලා ආළෝකය වැඩිවේනම්
    බිඳ බිඳ වැටෙන වැහිපොද සිසිලක් දේනම්
    හදවත මගේ හඩ කැටයම් කරගයි නම්
    විඳ ගමි සතුට නුඹ හද නිති සතුටින්නම්....

    ලස්සනයි මලී. නිතරම දාන මේ රූපත් මලී ඇඳපුවාමද?

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තූතියි පොකුරු වැහි, සුමුදු, දුමින්ද

    දුමින්ද- මගේ චිත්‍ර මීට වඩා බොහොම ප්‍රාථමිකයි! :)

    ReplyDelete