අහසක් පුරා තෙත බිඳුවක් නැති කලෙක
කවියක් ලෙසට වත් නොපිපුණි හිත සතුට
දිය සිඳි බිමක ගුරු පෑ දුහුවිලි අතර
සඟවා බොහෝ කල් විය බිඳි හදවතම
බෝ දුර ඇදෙන ගැල් ගමනක අතරතුර
එක නුග රුකක සිසිලස මහමෙර තරම
ගණ කළු අඳුරු දින දින පිරි දිගු සසර
එක තරු කැටක එළියත් දෙනෙතට අඳුන
නුඹ ළය හිස හොවමි, හදවත හඬ අසමි
මහදට පුරුදු තානම ළඟ හිත තබමි
කවුළුව දුරින් ඉහිරෙන සඳ දිය දකිමි
නුඹේ කටහඬක කැටයම් හීනෙක අඳිමි
Grunge Nature Art

හරිම අපුරුයි
ReplyDeleteනියමයි
ReplyDeleteජය වේවා ..!!!
සඳ දිය ගල ගලා ආළෝකය වැඩිවේනම්
ReplyDeleteබිඳ බිඳ වැටෙන වැහිපොද සිසිලක් දේනම්
හදවත මගේ හඩ කැටයම් කරගයි නම්
විඳ ගමි සතුට නුඹ හද නිති සතුටින්නම්....
ලස්සනයි මලී. නිතරම දාන මේ රූපත් මලී ඇඳපුවාමද?
ජයවේවා!!!
ස්තූතියි පොකුරු වැහි, සුමුදු, දුමින්ද
ReplyDeleteදුමින්ද- මගේ චිත්‍ර මීට වඩා බොහොම ප්‍රාථමිකයි! :)
<3
ReplyDelete