August 24, 2022
එක්කෝ එය නිමවෙයි
August 23, 2022
කවි පොත් කීපයක්
දීර්ඝ ලිවීමේ කටයුත්තක නිරතවෙලා හිටිය නිසා පහුගිය ටිකේ බ්ලොග් එක වෙනුවෙන් අලුත් දෙයක් ලියන්න ලැබුණේ නැහැ. කොහොමත් මට තදබල deadline භීතිකාවක් තියෙන නිසා ඉවරකරන්න යමක් නියමිත වෙලා තියෙද්දී චිත්රයක් වත් අඳින්න හිතෙන්නේ නැහැ. අන්තිමට අතක අමාරුවකුත් හදාගෙන deadline එකට ටිකක් කලින්ම වැඩ ඉවරකළ බව දැනුම් දෙන්නේ සතුටින්!
මේ සතුට නිමිත්තෙන් අද ගේන්නේ කවි පොත් පෝස්ට් එකක්.
කවි පොත් වලට මගේ හිතේ තෙතමනයක් තියෙන බව මගේ සමීපතමයෝ දන්නවා. ඒ මම කවි පොතක් ලියන්න නියමිතව තිබිලා මඟින් හැරිලා ආව කෙනෙක් නිසා වෙන්න පුළුවන්. perhaps in another life.
අපේ council පුස්තකාලයේ සිංහල පොත් ලොකු එකතුවක් තියෙනවානේ. ඒ අතර කවි පොතුත් සෑහෙන්න ප්රමාණයක් තියෙනවා. ඉඳහිට නිවාඩු පාඩු වෙලාවට මම එතැනින් කවි පොත් කීපයක්ම උස්සාගෙන එනවා. දැන් දැන් දකින්න ලැබෙන මේ පොත් වල කවරවල ලස්සන වෙනම මාතෘකාවකට කාරණාවක්. කවරත් කවි වගේ!
මේ මම රස වින්ද කවි පොත් කීපයක්. හිතේ රැඳුණු කවි දෙකකුත් උපුටා ගත්තා. තව රස කවි සෑහෙන්න තිබුණා. මීට අමතරව ගෙත්තම්පාණ පොතේ ඒ නමම තියෙන කවි පන්තියත් සිත කම්පා කරන සුළුයි. ටිකක් දිග නිසා උපුටා දැක්වූවේ නැහැ.
මාත් කවි ලියන (ලීව තමයි වඩාත්ම හරි) කෙනෙක් වුණත් දිග කතාවක් කෙටියෙන් කියන්න කවියට තියෙන සමත්කම හැමදාම මගේ හිතේ විස්මයක් ඇති කරනවා.
පුංචි
(ගෙත්තම්පාණ- රත්න ශ්රී විජේසිංහ)ගෑනුන්ට පුළුවන්
(බිමට වට සිත - එරන්දි ඉරේකා තිරාණගම)August 15, 2022
ආදර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
බිඳුණු අත පය, වෙළුම්පටි, කිහිලිකරු සහිතව
පැමිණිල්ලක් කිරීමට නොඉවසිලිමත්ව
මේ ගොඩනැගිල්ලේ රෝස පැහැති මුහුණත ඉදිරිපස
පෙළගැසී ඇත
ඔවුන්, තම තමන්ගේ නම් සහ
මෑත දී අතහැරුණු පෙම්වතුන්ගේ අඩුපාඩු
කුරුටු ගාන ලද කඩදාසි
කෙල ගා මුද්රා තබමිනි
මේ පෙම්වතුන් වැඩි දෙනෙක් ගේ
නම් ගම් පවා හොඳින් හඳුනන
මෙහි මුරකරුවෝ
ඔට්ටු අල්ලති
ඔවුන් යළි මෙහි පැමිණෙන දින ගැන
පීඩිතයන් කිහිප දෙනෙක්
මෙහි පසුපස දොරින් පිටවී
කොර ගසමින්,
ලයිලැක් වැටිය අසලින් ඈත යනු පෙනේ
නිරුවත් ප්රතිමා දෙකක් ළඟ මඳක් නවතී ඔවුන්
කහ පැහැ කෙස් ඇති ගැහැනිය
කෙස් විදාලමින් අඟර දඟර පාමිනි
ගැඹුරු හඬක් ඇති උස පිරිමියා
මහා හඬින් හිනැහෙමිනි
මඳ වෙලාවක් සල්ලාපයේ යෙදුණු පසු
ඈ ඔහුගේ දෑත අල්ලා
තම අංකය ඔහු අත්ලේ ලියන්නීය
දුර සිට බැලූ බැල්මට නම්
මෙය සාර්ථක වන හැඩයි
ඒත් හරියටම ප්රතිශත අනුව බලන්නේ නම්
ලබන අඟහරුවාදා වෙද්දී
ඔවුන් යළිත් මේ පෝලිමට එක්වනු ඇත
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the prose poem 'Department of Love' by David Shumate
Sketch- watercolours on paper
August 09, 2022
මේඝ සක්මන