August 20, 2026

තදින්ම ප්‍රේම කළ අය

තදින්ම ප්‍රේම කළ අය
තම ප්‍රේමයන් ගැන නොදොඩති

ෆ්රැන්චෙස්කා, ග්වීනවියර්,
ඩෙයිඩ්රේ, ඉසූල්ට්, හෙලෝයිස්
ඉතිහාසයේත්, සාහිත්‍යයේත්
මේ වීරවරියෝ
දෙව්ලොව සුවඳවත් උද්‍යාන වල සැරිසරති
ඔවුන් පසුවන්නේ නිහඬවමයි
දොඩන්නේ නම් ඒ
සියුම්, නොවැදගත් දේ ගැනයි

එලෙසම
මා දන්නා ගැහැනියක්
තරුණ වියේ සිට
දෛවය හා ඔට්ටු වෙමින්
මානය හා සටන් වදිමින්
එක්තරා තරුණයෙකුට පමණක් පෙම් කළා ය
ඒ ගැන කිසිවිටෙක කිසිවක් නොකීවාය
එනමුදු අහම්බෙන් හෝ
ඔහුගේ නම ඇසුණහොත්
මොහොතකට
ඇගේ උවන මත
ආලෝකයක් විහිදෙනු පෙනුණි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Those who love most' by Sara Teasdale

Digital art



6 comments:

  1. වචන තේරීම සුපිරි නිසාම පරිවර්තනයක් කියා දැනෙන්නේ නැහැ. අලංකාර පරිවර්තනයක්. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  2. හරිම ලස්සන
    ඒ වගේම ඇත්තක්...

    තදින්ම ප්‍රේම කළ අය
    තම ප්‍රේමයන් ගැන නොදොඩති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  3. පරිවර්තනය ලස්සනයි ඒත් මටනම් එකඟ වෙන්න අමාරු කතාවක් . ග්වීනවියර් ලියන්නේ ලන්ස්ලෝට් කතාවද ? ඒක ප්‍රබන්ධයෙක් නේ . දැන් ස්කොට් සහ සෙල්ඩා අදර කතාව , ලියෝ ටෝල්ස්ටෝයි හා බිරිඳ සෝන්යා ඒ වගේ ගොඩක් තද ප්‍රේම කතා ලියවිලා තිබුනේ . හිතේ තද කරගත් ප්‍රේමය ද්විශයට හෝ පලිගැනීමට පසුව ඇලක් වෙනවා . ලක් කරනවා . වදරින් හයිට්ස් වගේ ප්‍රබන්ද බලන්න . බෙල් ජාර් එකේ සිල්වියා තමන්ගේ ඇත්ත කතාව ලියන්නේ . ඔස්කාර් වයිඩ් ගේ තහනම් ආදරය ඒවා එලියට ආපු කතා

    ReplyDelete
    Replies
    1. අජිත් - ඔව් සාහිත්‍යයේ ආදර කතා වැඩි හරියක් ඛේදවාචක නේ. ඒ නිසා ඒවා නම් ආදර්ශයට ගන්න අමාරුයි. ආදරය සමහර වෙලාවට හිතේම තියෙන, වචනයට නැඟෙන්නේ නැති දෙයක් කියන්න සුන්දර උපමාවක් හැටියට වෙන්නැති මේ කවියට ඒක ගන්න ඇත්තේ

      Delete