අහස තද දම් පැහැ වී
හිම තුහින තුඩු විසුරන
සැඩ සුළං, සර සරයෙන්
දුර තුරු මුදුන් කළඹන
අකුණු එක එක දිලිසෙන
තෙතබරිත හවස් වරුවල
සුහදිනිය,
නුඹ වෙසෙන අර්ධ ගෝලයේ
කල් ගෙවන්නේ කෙලෙසද?
ලෙහා විහිදා මුහුලස
ඉගිලෙන සුළං මිත වෙත
එබි එබී කවුළු දොර'ගින්
අසමින් ගිගුම් මිමිණුම
කෝපිත් කවිත් උණුහුම්
සමසමව දෑතට ගෙන
සුහදාන
මා වෙසෙන අර්ධ ගෝලයේ
නරඹමිනි මේඝ සක්මන!
sketch- colour pencils on paper
++++
ReplyDeleteThanks Pra Jay!
Deleteලස්සන කවිය. චිත්‍රය ඊටත් වඩා ලස්සනයි. සරල රේඛා කීපයකින් ,දිග කතාවක් කියවෙන හැටි අපූරුයි. කොහොමත් වැස්ස , හීතල හුළඟ සහ කෝපි අතර තියෙන්නෙ සංසාරගත බැඳීමක්.
ReplyDeleteතෑන්ක් යූ බස්සා! සමහරවෙලාවට චිත්‍රය මුලින් ඇවිත්, කවිය එන්නේ දෙවනුව :)
Delete(කෝපි ගැන කවි ලිව්වාට කෝපි නොබොන කෙනෙක් මම!)
unique art. beautiful.....
ReplyDelete