May 17, 2024

අත් හැරීම

අප ප්‍රතිරෝධය පාන දේ අප ව හඹා එයි. 
අප හඹා යන දේ අප ට ප්‍රතිරෝධය පායි. 
නිදහස ඇත්තේ අත් හැරීමෙහි ය.

translation of a quote by unknown author

Digital art




10 comments:

  1. ඒ වගේම අගනා දේවල් අපට පහසුවෙන් ලබා ගන්නත් බැහැ.පහසුවෙන් ලබා ගත හැකි දේවල් අපට එතරම් වටින්නෙත් නැහැ.‍යම් අගනා දෙයක් උනත් අපට පහසුවෙන් ලබාගන්න පුලුවන් නම් එහි අගය උනත් අපට එපමන දැනෙන්නේ නැහැ නේද?ඒත් නිදහස වන්නේ අත් හැරීමයි යන්න පරම සත්‍යයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත. පහසුවෙන් ලැබෙන දේ taken for granted වෙනවනේ.
      අත් හරින එක ලේසි නැතත් සැනසීම එතැන බව සමහර වෙලාවට හොඳින්ම පැහැදිලි වෙනවා.

      Delete
  2. "නිදහස ඇත්තේ අත් හැරීමෙහි ය" දවසක් Ajahn Brahm කිව්වා "Let go with wisdom" කියලා. මම හිතන්නෙ ඒක තමයි වැදගත්ම හා කරන්න අමාරුම. අපි ආදරේ කරන අය අත් අරින්නෙ කොහොමද; නිකන්ම අත් අරින්න බෑනෙ. "අත් අරින්න, අත් අරින්න" කිව්වට අත් අරින්නෙ කොහොමද කියලා pragmatically තේරුම් ගන්න එකයි අමාරු.

    ReplyDelete
    Replies
    1. "Let go with wisdom" තමයි අමාරුම මගේ හිතේ. නොකර බැරි නිසා කරන එකයි ඒකයි අතරේ වෙනසක් තියෙනවානේ.
      මේ quote එකෙත් What we resist will chase us, what we chase will resist us කියන එකත් හරියටම හරි. අපි හිතෙන් අනවශ්‍ය තරමට ගැටීම් ඇතිකරගෙන තියෙන සමහර දේවල් අත් අරින කම්ම අපේ පස්සෙන් එනවා.

      Delete
    2. "What we resist will chase us" ඔව් මේ කොටසනම් හරියටම හරි. අපි සාමාන්‍යයෙන් අකැමති කෙනෙක් අපිට coffee එකකට යන්න අඬගහනවා කියමුකො. අපි බෑ කියලා හේතු ඉදිරිපත් කරන තරමට බල කිරීම වැඩි වෙනවා, hikis.

      Delete
    3. Lotusටත් වෙන වැඩ! ඔය කෝපි එක බොන්න යන්නම වෙනවා :D

      Delete
  3. අතහැරීමත් ප්‍රේමයකි
    🙈🙈

    ReplyDelete