May 07, 2024

පෙම් කරද්දී

පෙම් කරද්දී
මා කාලයට අධිපති යැයි හැඟෙයි මට
මුළු ලොවම මගේ වී ඇත
මගේ අසු පිට නැඟී
හිරු තුළට වුව යා හැකි බව දැනේ

පෙම් කරද්දී
පියවි දෑසට නොපෙනෙන
ද්‍රව ආලෝකයකි මා
පිටු මත ලියැවෙන මගේ කවි
යායට පිපුණු පොපී හා මිමෝසා මල් මෙනි

පෙම් කරද්දී
සිහිල් දිය ගලයි මා අතැඟිලි අගින්
දිව’ග තණ පලසකි
මා කාලයේ රීතියෙන් පිටත ය

පෙම් කරද්දී මා
තුරු පෙළ දිව එයි මා වෙත
නිරුවත් දෙපයින් යුතුව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘When I love’ by Nizar Qabbani


සිරියානු ජාතික කවියෙකු වන Nizar Qabbani වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර රටවල් කිහිපයකම රාජ්‍ය දූතයෙකු ලෙසද සේවය කර තිබේ. ශෘංගාරාත්මක පෙම් කවි ලිවීමට ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

ලන්ඩන් කවි 2024 මැයි කලාපය 

Digital painting



4 comments:

  1. සිරියන් කවි වල ලස්සන

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලුශා- මටත් ඕකම හිතුණා. අපි මෙතරම් කල් මේවා ගැන නොදැන හිටියේ කොහොමද කියලා.

      Delete
  2. නීතී වේදියෙක් ,රාජ්‍ය දූතයෙක් වීමට අමතරව එයා හොද ප්‍රේමවන්තයෙකුත් වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. සරත්- ඒක ඇත්ත.
      තමන් විප්ලවවාදියෙක්ද කියලා අහපු ප්‍රශ්නයකට Qabbani මෙහෙම උත්තර දීලා තියෙනවා //“Love in the Arab world is like a prisoner, and I want to set (it) free. I want to free the Arab soul, sense, and body with my poetry. The relationships between men and women in our society are not healthy.”// එයා ලීව දේවල් සෑහෙන්න ප්‍රශ්න කිරීම් වලට ලක් කෙරුණත් ඉහළ පැලැන්තිය එක්ක තිබුණු සම්බන්ධතා නිසා බේරුණු බව තමයි සඳහන්.

      Delete