May 20, 2024

පත්‍ර

ගිලිහුණු පත්‍රයක අත බලා
අනාවැකිකරු සාස්තරයක් කියයි

‘එන්න මා ඔබ සැම එක් රැස් කරන්නම්,
අප සැම එක්ව ගිනි ගොඩකින් දුමක් මවමු’ රේක්කය කියයි

මූට්ටු ගෙත්තමක් වැනි මේ වනයේ
සර සර හඬැති පත්‍ර පොරෝණය මත අපි වැතිර හිඳිමු

ගිලිහෙන පත්‍රයක නටුව
මාලිමාවක තියුණු කටුව සේ කැරකී
උතුර සොයයි

දරුවා දැක දෙමව්පියන් හැඳිනීම-
පොප්ලර් කහ පැහැතිය, ඩෝග්වුඩ් රත් පැහැතිය

‘පසුතැවිල්ලේ පැහැය කුමක්ද?’
විලෝ ගස විමසයි

අප ද කෙදිනක හෝ පොහොර වන්නට නියමිතයි
එන්න, මේ ෂෙරී පැහැති කාලගුණයෙන් මත් වන්න

‘මම දෙවියන්ගේ නාස් පුඩු කිතිකවමි’
ගිනි ගොඩින් නැගෙන දුම කියයි.

‘අනාගතයේදී
සුදු පැහැති, පත්‍ර හැඩති යමක්
වෙව්ලමින් ඇදහැලෙනු ඇත,
නමුත් ඉන් ඔබ්බෙහි ඇත්තේ හරිත පැහැයයි’
අනාවැකිකරු කියයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Leaves' by Linda Pastan

Photo- Autumn beauty of a Chinese Pistache tree in Burwood, Vic


10 comments:

  1. මෙයින් කියවෙන්නේ සියලුම මනුශ්‍ය වර්ගයා එකම අයුරින් මහ පොලොව මත ඉපදිලා ඉන් පසු කුමන විදිහට ජාතීන් ලෙස ,වර්නය අනුව බෙදිලා ජීවත් උනත් සියල්ල අවසානයේ එකම විදිහට කිසිම උස් පහත් භේදයක් නොමැතිව මියැදිලා ඒ සිරුරු මහ පොලොව සරු කරන අතරෙ ,ස්වභාව දර්මයෙ ඒ චක්‍රය නොනැවතී ඉදිරියටම යන බවද?

    ReplyDelete
  2. මේ කවිය තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද. මුල් කොටස හා අන්තිම කොටස අනුව මට හිතුනෙ අනාවැකිකරු කියන්නෙත් too obvious දේ විතරයි කියලා. As in nobody can predict anything beyond the nature. එහෙම අනාවැකි කියන අය කරන්නෙ ස්වබාව දර්මයේ සිදුවීම්ම ටිකක් දාර්ශනික විදිහට හදලා කියන එක කියලා. I don't know-I could be totally side tracked.

    මම ඔරිජිනල් කවිය කියවන්න ගියා, ඒත් හොයාගන්න බැරි වුනා. The way the leaves keep falling කියන poem එක විතරයි google පෙන්වන්නෙ.

    ReplyDelete
    Replies
    1. copilot හොයල දුන්න මේක:

      Perhaps the purpose of leaves is to conceal
      the verticality of trees
      which we notice in December
      as if for the first time: row after row
      of dark forms yearning upwards.
      And since we will be horizontal ourselves
      for so long, let us now honor
      the gods of the vertical:
      stalks of wheat which to the ant
      must seem as high as these trees do to us,
      silos and telephone poles, stalagmites
      and skyscrapers.
      But most of all
      these winter oaks, these soft-fleshed poplars,
      this birch whose bark is like roughened skin
      against which I lean my chilled head,
      not ready to lie down.

      Linda Pastan, with her quiet and contemplative style, invites us to see the world anew. In “Leaves,” she muses on the purpose of leaves, their concealment of trees’ verticality, and the stark contrast between our horizontal existence and the yearning upward growth of nature. 🌿🍂

      Delete
    2. සර්ච් කරනවට "ගූගල් කරනවා" කියන එක, නැවත සලකා බලන්න කාලෙ හරි වගේ කියල මට හිතෙනවා.🤔

      Delete
  3. Thank you හැමදෙනාටම!
    සරත්, Lotus මම නම් හිතන්නේ මේ කවිය වැඩිය විශ්ලේෂණය කළ යුතු නැති එකක් කියලා. නිකම් patchwork කවියක් වගේ. autumn එකේ වටපිට බැලුවාම පේන දේවල් එකතු කරලා පොඩි humour එකකුත් දාලා ලියලා වගේ. සමහර විට ඔරිජිනල් කවිය දැක්කාම මේ බව තේරෙයි. මෙහෙම ඉලක්කම් එක්කමයි තිබුණේ.

    -Leaves by Linda Pastan-
    1
    a gypsy reads the palm of a fallen leaf
    2
    the rake says: let me gather you together, let us make smoke
    3
    in these patchwork woods
    we lie down on the rustling quilt of leaves
    4
    sharp as a compass needle, the stem of a falling leaf spins north
    5
    know the parent by the child: poplar yellow, dogwood red
    6
    the willow asks; what color is regret?
    7
    no more than compost ourselves, let us grow drunk on this sherry-colored weather
    8
    the smoke says: I will sting the nostrils of God
    9
    The gypsy says: I see white leaf-shaped flakes come shivering down
    but the future is green

    Lotus & බස්සා
    මේ කවිය හොයාගන්න බැරි වුණු ඒක ගැන පුදුමයක් නැහැ. ඒක Linda ගේ An Early Afterlife: Poems (1995) කියන පොතෙන් මම ගත්තේ. ඒකෙ scanned copy එකක් archive කරලා තියෙනවා. වචන 'ගුගල්' කරලා හොයාගන්න බැරි වර්ගයේ එකක් මේක :)

    ReplyDelete
    Replies

    1. මදැයි ඕනවට වඩා හිතන්න ගිහින් වෙච්ච දේ. මම දහ අතේ කල්පනා කලා මුල හා අවසන් කොටසේ අනාවැකිකරු ගැන තියෙන දේ කවියේ මැද කොටස් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. ඔරිජිනල් කවියේ ඉලක්කම් දාලම තියෙන්නෙ කවියේ තියෙන fragmented ස්වබාවය ගැන හින්ට් එකක් දෙන්න වෙන්න ඇති. (මම ආයිත් ඕනවට වඩා හිතනවා).

      එතකොට බස්සා දාලා තියෙන්නෙ තවත් කවියක්. Leaves ගැන Linda Pastan කවි ලියලා වැඩියි වගේ.

      Delete
    2. Lotus - සමහරවිට ඔයාලාට ඒ confusion එක එන්න ඇත්තේ මම ඔරිජිනල් කවියේ වගේ අංක නොදැම්ම නිසා වෙන්නැති. මට නම් මේක දැක්ක ගමන් ආසා හිතුණේ ඒ fragmented ගතියටමයි. Linda ගේ කවි සෑහෙන්න ප්‍රමාණයක් ගස් ගැන, ඍතු ගැන එහෙම තියෙන්නේ. ඒවා ගැන ඕන තරම් ලියන්න පුළුවන් එකත් දක්ෂකමක් නේද?

      Delete
  4. මෙන්න බස්සා හොයාගත්ත කවියේ පරිවර්තනය :)
    https://hotchocolatedays.blogspot.com/2018/08/blog-post_14.html

    ReplyDelete