February 26, 2024

කරුණාවන්ත මරණය

දෙවියනි,
කරුණාකර
අධිවේගයේදී මියෙන මුවන් ව
උසැති මෘදු තෘණ පිරුණු
නැවත ප්‍රියයන් මුණ ගැසෙන
කිනම් හෝ දෙව්ලොවකට යවන්න

පියැසි පහන්හි
ගැටෙන සළබයන්ට
දහසකින් හිරු නැගෙන
උන්ට එකවර ගිලී යා හැකි තරම්
පැණි රසැති ගුලාවකට
යන්නට ඉඩ හරින්න

තෙල් හා මැලියම්හි
සිරවූ මීයන්ගේ
කුස් පුරවා
සදා උණුසුම්, වියළි ලෝම
ලබා දෙන්න

ජීවත් වීම නිසාම
මා මරා දමනු ලැබේනම්
ඒ මරණය
මිනිසාට වැඩියෙන්
කරුණාවන්ත කරන්න

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Kinder than Man' by Athea Davis
Digital painting\




9 comments:

  1. ලස්සන හිමවතේ කවි ගී පැසෙන්නේ
    අලි එන නිසයි අපි වැටවල් ගහන්නේ
    රැක්මෙන දෙවියනේ, තව කවි ලියන්නේ
    රසවත් කතාවක් නැද්දෝ ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. වැටවල් ගසා මෙහි කවි ගී රකින්නේ
      එබැවින් අලි කොටි ද කිසිවෙක් නොඑන්නේ
      හේන් පාලු වළකා කවි ලියන්නේ
      අද හෙට කතාවක් පැළ කර බලන්නේ
      :D

      Delete
    2. මලීටම නොකර කරදර විටින් විට
      බස්සටත් බැරියැ මොකවත් ලියන්නට

      Delete

    3. මලීට සිව්පද ගැට ගහගන්න බැහැ කියලා කලින් කියලා තිබුනා නේද. දැන් ඔය ලස්සනට සිව්පද ලියලා තියෙන්නෙ.

      Delete
    4. Lotus- මට තාම සිව්පද බෑ! :D
      ඒත් මේකට සිව්පදෙන් නැතිව උත්තර දීලාත් වැඩක් නැති නිසා ට්‍රයි කරලා ගැටගහ ගත්තා.

      කුමුදු - බස්සා ලියන්නේ ටෙක් කතා නේ වැඩිපුර. රස කතා හොයන්න වෙන බ්ලොග් වලට පියාඹනවා :D

      Delete
  2. "අධිවේගයේදී මියෙන මුවන් ව උසැති මෘදු තෘණ පිරුණු නැවත ප්‍රියයන් මුණ ගැසෙන කිනම් හෝ දෙව්ලොවකට යවන්න" මමත් ඇත්තටම එහෙම තමයි හිතන්නෙ. මේක කියවලා අවුරුදු කීපෙකට කලින් වෙච්ච දෙයක් මතක්වුනා freeway එකේදී මගේ කාර් එකට wombat පැටියෙක් අහුවුනා. මම හිතන්නෙ රැලෙන් මඟ ඇරිච්ච පැටියා කලබල වෙලා, කැලේ වෙනුවට පාර මැදටම දුවගෙන ආවා. ඒ වෙලාවෙ වාහන කීපයක්ම එකිනෙකාට පිටිපස්සෙන් ආව නිසා සීයට එකසිය දහයට යන වාහනේ බ්රේක් කරන්නද නැද්ද කියලා මට හිතාගන්න බැරිවුනා. මම තනියම එලවගෙන ගියෙ. මට තාමත් මතක් වෙනකොට ලොකු දුකක් දැනෙන සිදුවීමක් ඒක.

    ReplyDelete
    Replies
    1. Lotus - අනේ මම දන්නවා ඒ feeling එක. හරිම අසරණ හැඟීමක් නේ? මට නම් තාම වෙලා නැහැ, ඒත් ලංකාවට නිවාඩුවකට ගිය වෙලාවක අපි ගිය වාහනේකට බල්ලෙක් පැනලා හැප්පුනා. නවත්තලා බලමු කියලා අපේ කොලුවා ලතෝනි දුන්නා. ඒත් ලංකාවේ ඕක බොහොම සාමාන්‍ය සිද්ධියක් නිසා ඩ්‍රයිවර් මහත්තයා ගණන් ගත්තේ නැහැ. පුතා මෑතක් වෙනකම් ඕක මතක් කළා. freeway එක අයිනේ මැරිලා ඉන්නවා පේන පූසෝ, නරි, පොසම් ලා, හාවෝ දැක්කාම මටත් මොකක්දෝ අඳුරු බවක් දැනෙනවා. මේ කවියෙන් කියන අදහසට relate කරන්න පුළුවන්.

      Delete