February 21, 2024

සිහි නොවන දිනයක් නැත


කලබල වීදියක
දස අත දුවන සෙනඟ'තර
නාඳුනන මුහුණක
ඒ අඩ දෑස් සිනහව ම

ඔබ සිහි නොවන දිනයක් නැත


හිස රැඳි ඔටුනු බර
දැනෙන වෙහෙසී හවසක
රිය ගාලේ ඉරි තැල්මක
ඔබ දුන් දම් පැහැ මල ම

ඔබ සිහි නොවන දිනයක් නැත


නොසෙල්වෙන රිය පෙළ මැද
සිරවුණු අනෝරාවක
"පාලු අඳුරු නිල් අහසේ"
තාල සූරයි හදවත

ඔබ සිහි නොවන දිනයක් නැත

~හෙල්මලී~  

Digital painting



15 comments:

  1. Replies
    1. මෙදා පාර වැට නම් තේරුණේ නැහැ බස්සා :D

      Delete
    2. එහෙම විශේෂ තේරුමක් නෑ. අර අනිත් වඩු බාස් වැට ගහලා අගට ඉනි දෙකක් ඉතුරු කරලා යනවා. ලී මදිද, ඇණ මදිද මන්දා? ඉතිං මාත් එහෙම ඉටැයිල් කෑල්ලක් දාන්නයි බැලුවෙ.🤭

      Delete
    3. මං හිතුවා සෙන්ටිග්‍රේඩ් වලට වඩා අඩු ලකුණ ගැන යමක් කියවෙන වැටක් කියලා :D

      Delete
    4. එහෙම එකකුත් තියනව නං තමා. අදත් වින්ටරේ අසාමාන්‍ය ලෙස උණුසුම් දවසක්. ගෙඩි පිටින් සැන්ටිග්‍රේඩ්ම 8 ක්.🤔

      Delete
  2. Replies
    1. ඉතින්... එච්චරයි :)

      Delete
  3. නාඳුනන මුහුණකම ඒ අඩ දෑස් සිනහව දකින එක තමයි අප්සෙට් එක නේද.

    මේක පරිවර්තනයක් කියලා හිතාගෙන මම මුලින්ම කියෙව්වෙ. බලනකොට මලීනෙ ලියලා තියෙන්නෙ හරි ලස්සනයි. "රිය ගාලේ ඉරි තැල්මක-ඔබ දුන් දම් පැහැ මල ම"- Your unique style, මලී.

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      මගේ කවි දැන් endangered species වර්ගයේ :)

      Delete
  4. මෙන්න හරියටම ගහපු වැටක් ...

    +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මෙන්න වැටවල්! :)
      හැබැයි හරි වැටවල් ස්පෑම් යනවා කියලා නේද කට්ටිය ඔය එක එක සුකුරුත්තන් එල්ලන්නේ?

      Delete
  5. ඔබ සිහි නොවන දිනයක් නැත..... පින්තුරයක් නැත.... මතක් කලා. කවි පොතකුත් කරමු නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!
      දැන් නම් කවි ලියවෙන්නේ නැතිම ගානයි :)

      Delete