'Moonlight floods the whole sky from horizon to horizon; How much it can fill your room depends on its windows.'- Rumi

February 11, 2024

කවියෙකු සමාව ඉල්ලයි



මා නොලියූ කවි ගැන
සමාව දෙනු මැන මට

උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා අත්හැර දැමූ
බොහොමයක් කවි ඇත

නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්
පළවා හැරියෙමි ඒ හැම

ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
ඒවා අඳුරේ හෙලීම ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත

මගේ නිහඬ බව තුළ
මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘The poet asks forgiveness’ by Fay Zwicky

ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වූ Fay Zwicky, ලේඛිකාවක් සහ කථිකාචාර්යවරියක්ද වූවාය. යුරෝපයේ යුදෙව් පවුලකින් පැවත ආ ඇය ඒ පසුබිම ඇසුරෙන් නිර්මාණ රැසක් බිහි කර ඇත

ලන්ඩන්කවි 2024 පෙබරවාරි කලාපය

Digital Painting


8 comments:

  1. අපූරුයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  2. "ඕස්ට්‍රේලියානු කිවිඳියක" දෙයියනේ ඔයා ඇරුනාම තව කවි ලියන ඕස්ට්‍රේලියානුවෝ ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, තව කීපදෙනෙක් ඉන්නවා :D

      Delete
  3. මේ කවි ටිකේ ඒ යුදෙව් පසුබිමක් ගැන ජායාවක් තියෙනවද? මට එහෙමම හිතුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. නැහැ මේකේ නම් එහෙම නැහැ නේද? Fay ලියන කවි වල සාමාන්‍යයෙන් එහෙම තියෙනවා මගේ හිතේ

      Delete