November 23, 2023

කාලය

කාලයේ ප්‍රධානම සොඳුරු බව නම් එය කල් ඇතිව නාස්ති කිරීමට නොහැකි වීමයි.

ඊළඟ අවුරුද්ද, ඊළඟ දවස, ඊළඟ පැය පරිපූර්ණ ලෙස ඔබ වෙනුවෙන් සූදානම් ව බලා සිටින්නේ ඔබ කිසිදිනෙක එක මොහොතක්වත් නාස්ති නොකළ ලෙසිනි. ඔබ තෝරාගන්නේ නම් එළඹෙන හැම පැයකදී ම ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට අවස්ථාව ඇත. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of a quote by Arnold Bennett

Digital painting 





16 comments:

  1. ලස්සන අදහසක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  2. “Time you enjoy wasting is not wasted time.”
    ― Marthe Troly-Curtin

    ReplyDelete
    Replies
    1. Pra - මාත් නිතරම කියන දෙයක් මේක :D

      Delete
  3. කාලය හොද වෙදෙක්...හැබැයි නරක බියුටීශිෂන් කෙනෙක් කියලා කියනවනෙ - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියා- සහතික ඇත්ත!

      Delete
  4. ඔබේ චිත්‍ර ආසාවෙන් රසවිදිනවා. ඕවා තරග වලට යවන්න බැරිද ? . ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ- ඒවා රස විඳින අය ඉන්න එකත් මට සතුටක්. මේ ඩිජිටල් චිත්‍ර අඳින එක මම බොහොම enjoy කරන වැඩක්. ගොඩක්මේ වෙලාවට inspiration එක pinterest. ඒත් ඇඳලා ඉවර උනාම සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා! මේවාට තරඟ තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. ආරංචි උනොත් කියන්න.

      Delete
  5. Replies
    1. ස්තූතියි නවීන්!

      Delete
  6. කාලය නාස්ති නොකිරීම ගැන බුදු බනෙන්. අතීතයේ කල නොකල දේවල් ගැන පසු තැවීමට හෝ අනාගතය ගැන සිතමින් බයවීමට මේ මොහොත නාස්ති නොකරන්න. ඔබ එසේ සිතා එනතෙක් මේ මොහොත බලා නොසිටී.

    ReplyDelete
    Replies
    1. ඉයන් - ඇත්ත
      Don't look back, you are not going that way කියන්නේ ඒකනේ.

      Delete
  7. ඇත්ත, ලස්සන අදහසක්.
    OD ගන්න බැරි වෙයි, ඒත් ලබාගත් ණය නාස්ති කලොත් පොලීයත් එක්ක ගෙවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. කොරල්- ඇත්ත, ඒ බව තේරෙද්දීත් පරක්කු වැඩියි බොහෝ වෙලාවට

      Delete
  8. ඇත්ත. නැපෝලියන්ගෙ ක්ලැසික් කියමනක් තියෙන්නෙ... "වර්තමානයේ අපතේ හරින සෑම තත්පරයක් ම අනාගත ව්‍යසනයට අවස්ථාවකි" කියලා. ඒකත් එක්ක ගැළපෙනවා කියා මට පේනව. මට හරි ම තේරුම අහුවෙලා නැද්ද දන්නෑ?

    ReplyDelete
  9. ඕෂොගෙ, උපනිෂද් මුනිවරයෙක්ගෙ අදහසක් වගේ ❤!

    එකම හැඟිම බොහෝ දෙනෙකුට දැනෙන්න බැරි නෑනෙ. මේ වගෙ.
    ලෝකයම තනි යායක් කියන එකෙ

    ReplyDelete