November 19, 2023

අවසානය

ඉතින් මෙලෙසයි අවසානය
ඍතු වෙනසක් ලෙසින්
ඉතාමත්ම සෙමෙන්

පත්‍රවල පැහැ වෙනස් වී
බෙහෙවින්ම මෘදු ලෙස
පොළොවටත්, ගසටත් නොදැනෙන්න
එකින් එක ගිලිහෙන සේ

ඉතින් මෙලෙසයි අපගේ වෙන්වීම
වදන් රහිතව
බරපතල ඉඟි රහිතව

හිඩැසක් පමණි
තව තවත් විශාල වන
හිඩැසක් පමණි

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of the poem 'End' by Green Tea Diaries

Digital painting




24 comments:

  1. හරිම ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී!

      Delete
  2. ඒක අලංකාරයි මලී, ජය!

    ReplyDelete
  3. ++++++++
    පට්ට රහයි - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයියා!

      Delete
  4. Replies
    1. thank you බස්සා!
      මේ බ්ලොග් එක ගිහින් බලන්න. නියම කිනිසි ටයිප් කෙටි කවි ටිකක් තියනවා. www.greenteadiaries.wordpress.com

      Delete
    2. අඩේ ඇත්ත නේන්නං. කිනිසිම තමයි. 🙏👌

      Delete
  5. ගයාන් පෙරේරගෙ බොරුකාරි සිංදුව ඉවර වෙන්නෙත් , "ඉවරායි...!" කියල.

    ReplyDelete
  6. අවසානය සෘතු වෙනසක් මෙන් නම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි නේ! ඒක තවත්සෘතුවක ආරම්භයම වෙයි!

    ලස්සන කවියක්!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද?
      හැමදේම එහම චක්‍රීයව වෙනවා නම්!

      Delete
  7. ලස්සන පරිවර්තනයක්. ඇත්ත ජීවිතේ හැම වෙලේම මේ වගේ smooth transitions වෙන්නෙ නැති එකයි අප්සෙට් එක.

    "හිඩැසක් පමණි ..තව තවත් විශාල වන...හිඩැසක් පමණි" මමත් හිතන්නෙ මෙතනින් පෙන්වන්නෙ බලාපොරොත්තුව කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus ඔව් ගොඩක් වෙලාවට අඩි දෙකක් ඉස්සරහට අඩියක් පස්සට වගේ තමයි transitions වෙන්නේ නේද? //"හිඩැසක් පමණි ..තව තවත් විශාල වන...හිඩැසක් පමණි// මට නම් මෙතන පෙනුණේ එන්න එන්න වැඩිවන despair එකක්

      උඩ බස්සා ගේ කමෙන්ට් එකට මේකේ ඔරිජිනල් කවිය තිබුණ බ්ලොග් එක දැම්මා. ගිහින් බලන්න. ඔයාත් කැමති වෙයි ඒ කවි වලට.

      Delete
  8. මට කොහොමද මේ බ්ලොග් එක මිස් වෙලා තියෙන්නෙ.🤔 දෙයියනේ මේවයෙ රහ

    ReplyDelete
    Replies
    1. අපට අපිව මිස් වුණා සඳවතී! :)
      දැන්වත් අඳුනා ගමු නේ?

      Delete
  9. අපට OL කරද්දී (1955) Green Tea Diaries වල පද්‍ය පන්ති කිහිපයක්ම English වලට භාවිත කළ Poetry for pleasure පොතේ තිබුණා . ඒ කාලේ මේවයේ ගැඹුර තේරුණේ නැහැ . අවුරුදු හැට ගණනකට පස්සේ මේ පරිවර් තනය කියවුවාට පස්සේ නැවත මුල් පොත කියවන්නට හිතුනා.

    ReplyDelete
    Replies
    1. තාත්තා- මේ පරිවර්තනයේ මුල් කවිය ගත්තේ නම් Green Tea Diaries කියලා බ්ලොග් එකකින්.
      www.greenteadiaries.wordpress.com

      Delete
  10. හැම අලුත් ජිව්විතයක්ම් පාටන් ගන්නෙත් එහමයි , ජිවිතේ අලුත් පරිච්චේද පටන් ගන්නෙත් එහෙමයි

    ReplyDelete