August 15, 2023

තුන්දහස් වසරක යාඥාව




"In China we say Xiu hai shi ke tong zhou" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)


එකම යාත්‍රාවක
එතෙර වන්නට නදියක්
තුන්සියක් වසරක් වත්
යාඥා කළ බව අප
පැහැදිලියි නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී
හැපි හැපී ගල් කුළු මත
දෙහද හඬ පමණක්
මුමුණ මුමුණා රහසෙන්
දෑත් අල්ලා තරයේ
ළංව උන්නා නුඹ, මම

එයිනුදු නොනැවතී
වසර දහසක් වත්
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුණේ එනිසයි

එහෙත්
එක සිතින් එක වර
යාඥා නොකළෙන්
දිගු තුන්දහස් වසරක්
වෙන්ව යන්නට යෙදුණයි

ගැඹුරු නින්දකදී
නුඹේ ඇසිපිය නිසලව
වැතිරෙන අයුරු කොපුලත
දකින්නට වරමක් නැති
හේතුව එයයි, නියතයි

දිගු තුන්දහස් වසරක්
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
 
වෙන්ව යන්නට යෙදුණයි

- හෙල්මලී

පසු සටහන-
මේක ඉස්සර මම ලීව කවියක්. (පරිවර්තනයක් නෙමෙයි) ඒකට නිමිත්ත වුණේ Yiyun Li ගේ කෙටිකතාවක ඉහතින් උපුටලා තියෙන ඡේදය. Yiyun-li ගේ ලියවිලි හරි ප්‍රබලයි, සමහර වෙලාවට සාන්ද්‍රයි. මේ කවිය මම කලිනුත් පළ කළා. ඒත් ඒකට ගැලපෙන චිත්‍රය ඇඳුනේ දැන්. 

Excerpt from the Short Story Collection- A Thousand Years of Good Prayers by Yiyun- Li (2005) Random House Publishers

Digital Painting

9 comments:

  1. Replies
    1. Thanks Pra Jay :D
      බස්සා නම් කිසිත් නොකියමි කියලා නේද ඒ තියෙන්නේ? :)

      Delete
  2. "Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street". මට හිතෙන්නෙ එතන enemies සඳහන් කරලා තියෙන එක හරිම විශේෂයි කියලා. සාමාන්‍යයෙන් අපි පෙරුම් පුරලා, යාඥා කරලා හම්බවෙන්න හිතන්නෙ අපි ආදරය කරන අය විතරනෙ. අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා enemies නිසා අපි කොයිතරම් දේවල් ඉගෙන ගන්නවද කියන එක, උදාහරණ විදිහට ඉවසීම වැඩියෙන් පුරුදු කිරීම, උපක්‍රමශීලී වීම වගේ දේ. ඒ නිසා මේ කතුවරයා එතෙන්ට enemies එකතු කරපු එක හරිම බුද්ධිමත්.

    මලීගෙ කවිය ගොඩක් ලස්සණයි. I guess you focused on those we like/love, which is the natural inclination (and that's perfectly fine).

    ReplyDelete
    Replies
    1. Lotus- මේ මුල් කෙටි කතා පොතේ කතුවරිය ජීවිතේ බරපතල trauma කීපයකට මුහුණ දුන්නු කෙනෙක්. මම හිතන්නේ එයා ගොඩ ඇවිත් තියෙන්නේ ලිවීම තුළින්. ඒ නිසා එයාගේ ඒ වේදනාවල් එහෙමම වගේ එයාගේ කෙටිකතා වල තියෙනවා. ප්‍රබන්ධ වුණත් සමහර නිමිති නම් එයාට වුණු දේවල්මයි. මේ උපුටනය වගේ ටිකක් නැවතිලා හිතන්න වටිනා කතාත් සෑහෙන්න තියෙනවා. (මම එක කෙටිකතාවක් පරිවර්තනය කරලාත් ඇති)

      //It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."// මේක තමයි මට සෑහෙන්න දැනුණු කොටස. ලැබුණොත් taken for granted දෙයක් නේ මේක. ඒත් ඒක මේ වගේ පෙරුම් පුරලා ලබාගන්න ඕන දෙයක් කියලා නිර්වචනය කළොත්.. නොලැබුණේ පෙරුම් පිරුවා මදි වගේ හිතුවොත්..gives a different perspective

      Delete
  3. Replies
    1. බස්සා- පොප්කෝන් කමින් බලා සිටිමින් ද? :D

      Delete
  4. ලස්සනයි මලී.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete