'And I was never sure whether you were the lighthouse or the storm' -David Jones

June 24, 2023

මං සලකුණු


Translation of the poem 'You will teach them to fly' by Mother Theresa



ඔබ ඔවුන්ට පියාසර කරන’යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගේ පියාසැරිය පියාඹනු නැත

ඔබ ඔවුන්ට සිහින දකින'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගෙ සිහිනය සිහිනෙන් දකිනු නැත

ඔබ ඔවුන්ට ජීවත් වන'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනෙක
ඔබගේ ජීවිතය ජීවත්වනු නැත

එනමුදු
ඒ හැම පියාසැරියකම, හැම ජීවිතයකම, හැම සිහිනයකම
ඔබ කියාදුන් මංසලකුණු ඉතිරිව තිබෙනු ඇත.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Digital painting

6 comments:

  1. නියමයි. ඔන්න මමත් පරිවර්තනයක් කළා. හෙල්මලී අනුව.

    ReplyDelete
    Replies
    1. අජිත්- ගිහින් කියවලා ආවා. ලස්සනයි. ඔය පරිවර්තන වැඩේ පුරුදු උනාම poem එකක් දැක්කාම පරිවර්තනය කරන්නම හිතෙනවා :)

      Delete
  2. Replies
    1. thank you බස්සා, මේ වැට නම් spam වලට ගිහින් තිබුණා හැබැයි :D

      Delete
    2. ඒක තමයි. ගහපු ගමන් අන්තරස්ධාන වුනා. මහිතේ, උන්දෑ ලිස්සුව😉

      Delete
  3. මට නම් හිතෙන්නෙම එහෙම කියලා දෙන්න ඕනි නෑ කියල වගේ එකක්. මිනිස්සුන්ට එහෙම කියලා දෙන දේවල් වල වටිනාකමක් නෑ..
    වටිනාකමක් තිබුණත් ඒවා තමන්ම අත්දැකීම් ලබා ගන්නකල් එච්චර ගැඹුරක් නෑ ඒ දේවල් වල

    ReplyDelete