'ගුවන් විදුලි රඟමඬල' ඉස්සර අපි ආසාවෙන් අහපු රේඩියෝ වැඩසටහනක්. කටහඬවල් කීපයක දෙබස් ඇසුරින් චරිත මවමින් ඒ කාලේ ඒ වැඩසටහන අපේ හිත්වල කතන්දර පණ පිහිටවපු හැටි තාමත් හොඳින් මතකයි. ඒත් ඒ කාලේ රේඩියෝව ළඟට වෙලා ඒ කතන්දර අහද්දී මටත් කවදා හරි ඒ ගුවන් විදුලි රඟමඬලට නාට්‍ය පිටපතක් ලියන්න ලැබේවි කියලා මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ.
මගේ ලිවීමේ රටාව අනුව මට රේඩියෝ නාට්‍යය පිටපත් ලියන්න පුළුවන් වෙයි කියලා මුලින්ම අනාවැකි කිව්වේ ස්වදේශීය සේවයේ වැඩසටන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු සහ ශාන්ත බණ්ඩාර විජේකෝන් යුවල. කලින් මගේ කෙටිකතා කීපයක් ස්වදේශීය සේවයේ කෙටිකතා වැඩසටහනට තෝරා ගන්න මුල් වුණෙත් ඉනෝකා තමයි.
ඉතින් බොහොම ඉවසීමෙන් ගුරුහරුකම් දෙමින්, අඩුපාඩු හදාගන්න උපදෙස් දෙමින් මේ දෙන්නා මාව මේ වැඩේට උනන්දු කළා.
මේ නාට්‍යයට හඬ කවන්න ලිලානි පෙර්රා, නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණ හඬ ශිල්පීන් සම්බන්ධ වෙනවා කියලා දැනගත්තාම මට දැනුණේ පුදුමයක් වගේම ලොකු සතුටක්. පටිගත කිරීම අතරතුරේදී වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙලා ඒ අය එක්ක කතා බහ කරන්න ලැබුණු අවස්ථාව සොඳුරු මතකයක්. ඒ අවස්ථාව වෙනුවන් ස්තූතිය ඉනෝකාටයි.
ඉතින් නිර්මාණකරණයේ අලුත් මාන හොයාගන්න උදවු කරන, මගේ හැකියාවන් ඔප මට්ටම් කරගන්න උදවු වෙන මිතුරු සම්පතට මගේ ස්තූතිය කියන්න වචන මදි. මගේ කතාවක් මේ තරම් හැඩ කළ මේ හඬ ශිල්පීන්ටත් වැඩසටහන නිෂ්පාදන කණ්ඩායමටත් මගේ හද පිරි ප්‍රණාමය.
ස්වදේශීය සේවයේ ගුවන් විදුලි රඟමඬල 10.06.2023
රේඩියෝ නාට්‍යය - 'අම්මලා'
පිටපත- හෙල්මලී ගුණතිලක
හඬ- නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි, ලිලානි පෙරේරා, හිරුති ප්‍රහර්ෂා රන්දුණු
නිෂ්පාදනය- ඉනෝකා බොතේජු
ලස්සන කතාවක් . ආසාවෙන් මුල ඉදන් අගටම ඇහුවා. ඉස්කෝලෙ යන කාලෙ රුහුණු ළමා රගමඩල පටිගත කිරීම් සිහියට ආවා . වෙනස් වෙනස් ඉසව් හරහා ඔබේ නිර්මාණ එක්ක දිගු ගමනකට සුබ පතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි අනුරුද්ධ. මතකද, මගේ කෙටිකතාවක් මුලින්ම ගුවන් විදුලි නාට්‍යයක් කළේ ඔබයි, ඒ කැනඩාවේ සවන ගුවන් විදුලියට- මීට අවුරුදු කීපයකට කලින්. ඒ වතාවේ වගේ මේ සැරේත් මේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගත්තේත් කිසිම පූර්ව හැඳුනුම්කමක් නැතිව. නිර්මාණයේ අලුත් මාන වලට පාර පෙන්නන ඒ වගේ අහඹු මිතුරුකම් ගැන මට හරි සතුටුයි.
Deleteපද්මිණි මතරගේ ඇරෙන්ජ් කරලා ඉනෝකා මව එක්කන් ගිහින් රේඩියෝ සිලෝන් එකේ ටුවර් එකක් දුන්න.
Deleteඅජිත්- small world නේද? :)
Deleteyes, that's true.
Deletehttps://www.youtube.com/watch?v=jaukJOfUdw0
ReplyDeleteඔය ගුවන්විදුලි රඟමඬල තේමා වාදනය ඇහෙන කොට හිත, බොහොම ඈත පිටිසර ගම්මානයකට යනවා. 🤔😉👌
Deleteදැන් සතුටුයිද ජෝනා. සන්තෝසයි වැන්දබෝනා!
No Place Like Home එකෙන් කෑල්ලක් බලලා උදේ පාන්දරම අඬන්න ගත්ත මම! :) ඒත් අම්මලා තමයි
Deleteමායි අක්කලයි ඕකම කතා වුණා. තේමා වාදනය දශක කීපයකට පස්සෙත් ඒ විදිහමයි. ඒකෙන් බොහොම පරණ මතක trigger වෙනවා තමයි. කතා නම් මතක නැහැ ඇත්තටම, ඒත් මියුසික් එක මතකයි.
Deleteමට මතකයි ඉස්සර කොම්පඤ්ඤ විදියේ තිබබ් සැල්වේෂන් ආමි එකේ ඔය ගේම් එක. ගැබ්බර ගැහැණු ළමයි ගෙනල්ල ඉන්නව. ඊට පස්සේ ළමය හම්බවෙනවා. ගැහැණු ළමය ගෙදර යවනව. ළමයට වෙච්ච දෙයක් නැහැ. දැන් තමා දන්නේ. ආගමෙන් වහගෙන කරපු වැඩ
Deleteඅජිත්, බස්සා - සම්පූර්ණ වැඩසටහන බැලුවා. පැහැදිලිවම වංචා කරලා බව පේනවා. ලංකාවේ අය නම් හරි ලේසියෙන් කිසි වරදකාරී බවක් නැතිව උත්තර දෙනවා. මට පුදුම පිටරටවල ඇස් වහලා මෙහෙම දේවල් කළේ කොහොමද කියන එක. අන්තිමට ඒ වගේ දරුවන්ට උපන්න රටත් නැහැ අරන් ගිය රටත් නැහැ.
Deleteලංකාවේ මිනිස්සු ලජ්ජා වෙන්න ඕනේ මෙහෙම තමන්ගේ ළමයිව දුන්නට. සැල්වේෂන් හමුදාවේ පටන් මේ ළමයින්ගේ පවුල් , ළමයි බිහි කරපු ගැහැණු ළමයින්ගේ මව්පියන් නෑදෑයෝ ඇතුළු ලැජ්ජා නැති ලාංකිකයෝ . නෝර්වේ හොයපු නැති එකට නොර්වේ රටට බනින්න මටනම් අමාරුයි
Deleteමම හරිම ආස කෙනෙක් නිරංජලා සරෝජිනී, නමුත් මට මෙතන නම් කටහඬින් එයාව අඳුරගන්න බැරිවුනා. මෙලනි චරිතයද. ඒගොල්ලො ඔක්කොම එක්ක මලීට කතාකරන්න හම්බවුනා කියන්නෙ ශෝක්නෙ.
ReplyDeleteමට නම් හිතුනෙ මලී මේ කතාව ලිව්වෙ අතිශයින් වැදගත් පොසිටිව් මෙසේජස් කීපයක් දෙන්න කියලා.. එකක් තමයි තමන් පොඩි කාලෙ හදාගත්ත දරුවෙක් කියලා කියන්න කිසිම පැකිලීමක් නැති, ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙන කාන්තාවක්. ඊට අමතරව, ඇය තමන් හදාගත්ත අම්මට ඉතාමත් ආදරේ වගේම, (මොන යම් හෝ හේතුවක් නිසා) තමන්ව හදාගන්න දුන්න අම්මා ගැන කිසිම අගෞරවයකින් කතා කරන්නෙත් නෑ. තව එකක් තමයි එක දරුවෙක් හදාගන්න අතරෙ හදිසියෙ හම්බවෙන තව දරුවෙකුත් හදාගන්න දෙපාරක් හිතන්නෙ නැති කපල් එකක්. මට නම් මේවා ඉතාම පොසිටිව් සමාජ පනිවිඩ. හැබැයි මට එකපාරට හිතුනෙ ලංකාවෙ අයට මේ context එක පුරුදු නැති නිසා නෙගටිව් විතරක් දකියිද කියලා (උදාහරණයක් විදිහට බබාලා නැති මගෙ යාලුවෙක් දවසක් කිව්වා ලංකාවෙන් බබෙක් අරන් හදාගන්න අදහසක් තියෙනවා හැබැයි ලංකාවෙ නෑදෑයින්ට කියන්නෙ නැතුව කියලා). කොහොමත් ඒ ආකල්ප වෙනස් වෙන්න කාලයක් යනවා. මේ වගේ කතා හරහා වත් ඒගොල්ලො පොසිටිව් සයිඩ් එක දකින්න පුරුදු වෙයිනෙ.
ReplyDeleteLotus- ඔව් මේකේ මෙලනිගේ කටහඬ තමයි නිරංජලා සරෝජිනී ගේ. මම හිතන්නේ අපි දන්නා සින්දු කියන ස්වරය නෙමෙයි නිසායි අඳුරගන්න බැරි. ගීතා කාන්තිගේ කටහඬ නම් ලේසියෙන්ම අඳුරන්න පුළුවන් නේද? එයාලා එක්ක කතාකරන්න ලැබුණු එක අමතක නොවන අත්දැකීමක්! එවෙලේ මට කෝල් එකක් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නොවුණත් ඉනෝකා ඒක කරපු එකට මම හරි සතුටුයි. Little things that bring you joy!
ReplyDeleteඔයා කීව දේ හරි, මම මේක ලීවේ adoption ගැන ලංකාවේ අපේ තියෙන ආකල්පයට වෙනස් හැසිරීමක් දැකලා ඇතිවුණු පෙළඹවීම නිසායි. මේක ඇත්තටම මම මුහුණ දුන්නු සිදුවීමක්. ලංකාවේ අරන් හදාගෙන කියන එක හරි අවමානයක්, ලජ්ජාවට කාරණයක් නේ. අරන් හදාගත්තාම ලමයට ඒ බව නොකියන්නේ ඒ දෙමව්පියෝ මහන්සි වෙන්නේ ඔය නිසා යි. ඒත් වටපිට අය, නෑයෝ එහෙම මතක ඇතිවම ඒ ළමයාට ඒක කියන්න වග බලා ගන්නවා. අන්තිමේදී ළමයා වැඩෙන්නේ resentment එකක් එක්කයි. බොහොම ඍජු විදිහට පුංචි කාලෙම ඒ ඇත්ත ළමයාට කිව්වාම කොයිතරම් සරල ද කියලා මට හිතුණා. ඒ වගේම අනුන්ගේ ළමයි දෙන්නේකුටම තමන්ගේ දරුවන්ට වගේම ආදරය කරන්න කොයිතරම් දයාබර හදවතක් තියෙන්න ඕනද කියන එකත් මට තදින් දැනුණා. මේක රේඩියෝ නාට්‍යයක් වෙන්න කළින් කෙටිකතාවක් නේ. ඒක මම ඉවර කළේ මෙහෙම කොටසකින්.
//නිදි නැතිව අඬන පුංචි කෙල්ලෙක්ව නලවන්න තමන්ගේ කොණ්ඩ කැරැල්ලක් අතට දුන්නු, බඩගිනි නිවෙන්නේ නැති පුංචි කොල්ලෙකුට ඇති තරම් කිරි හදලා දුන්නු අම්මා කෙනෙකුගේ ආදරය//
'අම්මලා' වෙන්න දරුවෙක් ප්‍රසූත කරන්නම ඕන නැහැ කියන එකයි මට කියන්න ඕන වුණේ
හැබැයි මොනවා උනත් පොඩි ලමයට දැනෙනවලු තමන්ගෙ අම්මද නෙමේද කියලා හදාගන්න කෙනා........ මොකද මාස 9ක්ම බඩේ ඉන්නවනේ...
Deleteචූටි ළමයෙක්ට, අම්මාගෙන් වෙන්වුනා කියලා දැනෙන එකත් truma එකක්.....