'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

June 08, 2023

ශෝකයේ දරුවන්

Translation of the prose poem 'Children of Grief ' by Nikita Gill

ශෝකයේ වැඩිමහලු දරුවා කෝපයයි. ඈ වේගයෙන් කුටියෙන් කුටියට කඩා වදිද්දී ඒවායේ කවුළු පියන් දෙදරයි. ඇගේ දෙවෙනි නම විනාශයයි, ඈ ඒ ගැන පසු තැවෙන්නේ නැත. ඔබගේ පපුව තුළ කුණාටුවක්ද, ආත්මය තුළ මහා වැසි සහිත කැළඹුමක් ද ඇති කරන ඈ, ඔබ සුණු විසුණු වී යන තෙක් ඔබ ව අත හරින්නේ නැත.

ශෝකයේ දෙවෙනි දරුවා දුක්මුසු බවයි. ඈ ඔබේ ඇට මිදුළු තුළට රිංගා ඒ හැමතැනටම අයිවි වැල් වැනි තම අත් දුවවන්නේ ඔබගේ සිරුර සිර කර බැඳ දමමිනි. ඔබම සැතක් ගෙන ඉන් මිදීමට ඉගෙන ගන්නා තුරු ඈ ඔබේ සිරුර වේදනාවෙන් වෙලා ගෙන දිරාපත් කරවයි.

ශෝකයේ බාල දරුවා සුවපත්වීමයි. බිඳුණු ආත්ම දිලිසෙන රන් පැහැයෙන් පිරියම් කරන්නී ඇයයි. ඉනික්බිති ඒ හැම ඉරි තැල්මක් ම හිරු එළිය වැටී දිලිසෙනු පෙනෙයි. “ඇයි?” ඔබ ඇයගෙන් අසනු ඇත. ඔබේ තුවාලවල ඔසු ගලවමින්, ඔබේ ආධ්‍යාත්මය සිහින් පොද වැස්සකින් තෙමමින් ඇය මෙසේ කියනු ඇත. “ඔබට ශෝකය ගෙන ආ දේ කිසි දාක මතකයෙන් නොගිලිහෙන්නට නියමිතයි’


පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

digital painting 



17 comments:

  1. අල වගේද ගෝවා? "කියෙව්වාද" ගැජට් එක නියමයි. දැන් මගේ කැමතිම කතා, හොයන්නෙ නැතුවම කියවන්න ඇහැකි. ස්තූතියි. 🙏👌

    ReplyDelete
    Replies
    1. බස්සා ගේ නේ අයිඩියා එක, ඒ නිසා ක්‍රෙඩිට් එකත් ඔබතුමාටම තමයි :D
      මගේ 'හොඳම' කතා මතක් කරන්න සෑහෙන්න කල්පනා කරන්න වුණා 🙈

      Delete
    2. කෝ මොකක්ද ඔය කියන ගැජට් එක👀

      Delete
    3. පැත්තෙන් දැම්මා 'කියෙව්වාද?' කියලා විජට් එකක්. මගේ ප්‍රසිද්ධ කතා කීපයක් එකතු කරලා :)

      Delete
    4. ආහ් ඒ ගැජට් එක මරු...
      දැනුයි දැක්කෙ.
      හැබැයි කාලෙට් කාලෙට ඒකෙ තියෙන අයිතම වෙනස් වෙනව නම් හොඳයි නේ ඒ ටික.
      නැත්නම් හැමදාම එකම ටික තියේවි😪

      Delete
    5. ඔව් නේද? කාලෙකට සැරයක් වෙනස් කරන්න මතක තියාගන්නම්

      Delete
  2. ශෝකයේ සැමියා

    ReplyDelete
    Replies
    1. අජිත්- ලියමුද? :)

      Delete
    2. ශෝකයේ සැමියා ගැනද

      Delete
    3. ඔව්, මේ මාතෘකාවටම තවත් මානයක් නේ :)

      Delete
    4. ශෝකයේ සැමියා ආදරයයි- ආදරය මිය යෑමේ විරහව නිසා කෝපයේ දරුවා උපදින්නේද, ආදරයේ විරහව නිසා දුක්මුසු බවේ දරුවා උපදින්නේද, ආදරය ලැබී සුවපත් වන්නේද ශූකයේ සැමියා ආදරය නිසාය

      Delete
    5. ඔය තියෙන්නේ! නියමයි :)

      Delete
  3. ooooo new gadget...
    willing to see...
    exam for two weeks....

    ReplyDelete
    Replies
    1. Good Luck for your exams Kumudu!

      Delete
    2. මොනවැයි හත්තික්කෙ exm ඔච්චර😥

      Delete
    3. කුමුදු ජ'පුරේ කෝස් එකක් කරනවා, නේද කුමුදු? :)

      Delete
    4. ම්ම් බොහොම හොඳයි.

      හැබැයි මට නම් එපා වෙලා තියෙන්නෙ මේ රාමුවකට හිර වෙලා(ආයතනික පද්ධතියක් ඇතුලෙ) ඉගෙන ගන්න එක😪

      Delete