'You gave me a forever within the numbered days, and I'm grateful.'― John Green, The Fault in Our Stars

January 13, 2023

පොපී මල්? ඕනෑමයි!




පුංචිම පුංචි ගෙදරක්
එක ජනේලයකුත් ඇති
හිරු රැස් එබෙන පැත්තට
ජනේලය තිබ්බාම ඇති
 
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

ඉර පරවෙලා මියයන
කහ පැහැ හවස් වරුවල
ලේ රත් පාට මල් පෙති
එකින් එක ඉහිරෙනු ඇති

වචනෙන් වචනේ නොකියා
දෑසින් දෑස බලමින්
කවි කතා සිය දහසක්
අපි දෙන්නාට කිව්වැකි
.
.
.
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

- හෙල්මලී ගුණතිලක

Painting - watercolour on paper

6 comments:

  1. A delightful little painting !

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay, I enjoyed painting it :)

      Delete
  2. මලී ද painter මලී ද translator අබිබවා යයි වගේ ලඟදීම.

    කමක් නෑ ඉතිං, මලී Vs මලී නෙ.

    ReplyDelete
    Replies
    1. I suppose....it is.......

      Delete
    2. Lotus, Kumudu මෙහෙමයි, මගේ එක එක seasons තියෙනවා. තාම මට නිවාඩු කාලෙනේ, ඒ කියන්නේ සම්පූර්ණ නිදහසින් කාලේ ගෙවෙන්නේ. එතකොට මේ වගේ පැය ගණන් ගතකරලා කරන වැඩ වැඩියි. බිසී කාලෙට තමයි පරිවර්තන. තව නොබෝ දිනකින් මලී ද ට්‍රාන්ස්ලේටර් එනවා :D

      Delete
  3. පොපි මල් විෂයි හරි මොකක් හරි සීන් එකක් තියෙනවා නේද🤔

    ReplyDelete