January 11, 2023

තෝරාගැනීම්



Translation of the poem 'Choices' by Tess Gallagher

දුර ඇති කන්දත්
එහි හිම වැටුණු දසුනත්
නිවසට පැහැදිලිව පෙනෙන්නට
ඒ පස ගස්වල
අතු රිකිලි පාහින්නට
කියතත් අතින් ගෙන ගියෙමි

නමුත් එක් ගසක, උඩම අත්තක
කුරුළු කූඩුවකි

මා ඒ ගස කපා දැමුවේ නැත
අනෙත් ගස් කපා දැමුවේද නැත

එක්වරම, හැම ගසකම
කන්දක් තිබිය යුතු තැන
අදිසි කූඩුවක් විය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Sketch- Ink on paper

6 comments:

  1. එක පාරටම තේරෙන්නෙ නැතුව දෙතුන් පාරක් කියවන්න උනා. ස්වබාව දර්මය රස විඳීම සඳහා ස්වබාව දර්මයේම වෙනත් කොටසක් විනාශ කරන්න එපා වගේ අදහසක් නේද දෙන්නෙ.
    චිත්‍රය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus!
      ඔව් එහෙම අදහසක් තමයි නේද?
      //Suddenly, in every tree,
      an unseen nest
      where a mountain
      would be.//
      මේ කෑල්ලට මට ආසා හිතුණා

      Delete
    2. ඔව් ඒක තමයි ලස්සනම කොටස. යම් ප්‍රමානෙකට cognitive dissonance එකක් වගේ.

      Delete