January 19, 2023

Unorthodox (2020)

සමහර වෙලාවට මූලික මනුෂ්‍ය නිදහස සීමා වෙන්නේ ආගමක නමින් වෙන්න පුළුවන්. සමහරු ඒ සීමා කිරීම් ජීවිතයේ කොටසක් හැටියට වැළඳ ගනිද්දී තවත් කෙනෙකුට ඒවා හිරිහැරයක් හැටියට දැනෙන්න පුළුවන්. 

Unorthodox නම් mini series එක කොටස් හතරකින් යුත් කතා මාලාවක්. මේක පදනම් වෙලා තියෙන්නේ Deborah Feldman 2012 දී රචනා කළ ස්වයං චරිතාපදානය Unorthodox: The Scandalous Rejection of My Hasidic Roots යන කෘතියෙන්. 

Esty නම් යුදෙව් තරුණිය යෝජිත විවාහයක් තුළ අසතුටින් ගෙවන ජීවිතය නිමා කරමින් තදබල ආගමික නීති සහිතව තමන් නිව් යෝක්හි වෙසෙන Hasidic Jewish සමාජයෙන් පළා යාමේ කතාන්දරයයි මේ. ඈ පළා යන්නේ අතීතයේදී යුදෙව්වන් විනාශ කරන්නට මුල් පියවර ගැනුණු ජර්මනියේ බර්ලින් නගරයට. මේ කතාවේ irony එක තියෙන්නේ එතැනයි. 

විශිෂ්ඨ තිර රචනයක්, අධ්‍යක්ෂණයක් දකින්න පුළුවන් මේ කතා මාලාවේ රංගනයත් ඉතා ඉහළයි. මේ miniseries එක බලනවානම් ඒ එක්කම මේ වගේ තදින් විවේචන එල්ල විය හැකි චිත්‍රපටියක් සාර්ථකව රූගත කරන්නට ඔවුන් ගත් මහන්සිය පෙන්වන Making of Unorthodox කෙටි වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා. 

Written by :Anna Winger & Alexa Karolinski
Directed by: Maria Schrader
Starring: Shira Haas, Amit Rahav, Jeff Wilbusch


8 comments:

  1. අහා! වරදින්න විදිහක් නෑ, හොඳයි වගේ. ආගමික අන්තවාදය මිනිසුන්ව යදම් වලින් බැඳලා තියාගන්නෙ අරාබි ලෝකයෙ විතරක්ම නෙමෙයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බස්සා -බලලා කියන්නකෝ මොකද හිතුනේ කියලා
      //ආගමික අන්තවාදය මිනිසුන්ව යදම් වලින් බැඳලා තියාගන්නෙ අරාබි ලෝකයෙ විතරක්ම නෙමෙයි//
      එච්චර දුර යන්න ඕන නැහැ, ලංකාවෙත් තියෙනවා!

      Delete
  2. Unorthodox බැලුවා, මලී. මට නම් Esty ගැන වගේම Yanki ගැනත් දුක හිතුනා. Esty චරිතය රඟපාන නිලියගෙ රඟපෑම අතිශය ප්‍රබලයි. ඒ වගේම මට හිතට දැනුනු අනිත් චරිතය (දුෂ්ටයා වුනත්) Moishe.

    ReplyDelete
  3. ඉතාම පොඩි අස්වාබාවික ගතියක් දැනුනා Esty ඔය තරම් ඉක්මනට orchestra එකේ අය සමඟ යාලුවීම ගැන. හැබැයි ඇයට භාශාවෙ ප්‍රශ්නයක් නැති වීමත්, ලෝකයේ තවත් දියුනු රටක ඉඳලා ආපු නිසත් වගේම, ඇය 'unorthodox' නිසත් වෙන්න ඇති. මම පොතනම් කියවලා නෑ, සමහරවිට පොතේ ඊට වඩා විස්තරාත්මකව ඒ context එක සපයලා ඇති.

    ඒ වගේම ඒ community එකේ කාන්තාවන් හැමවිටම පිරිමින්ට වඩා පහල තැනක ඉන්න බව පෙන්නුවත්, Yankiගෙ අම්මාගෙ චරිතය බලය සහිත කාන්තාවක් විදිහට නේද ගොඩ නඟන්නෙ, විශේෂයෙන්ම යැන්කිගෙ ජීවිතයට කරන බලපෑම හරහා.

    ReplyDelete
    Replies
    1. Lotus,
      මගේ රෙකමන්ඩේෂන් එකට මේක බැලුව එකට සතුටුයි. චිත්‍රපටි වැඩිය නොබලන මට series නම් සෙට් වෙන්නෙම නැති තරම්. ඒත් මේක එක දිගට බලන්න හිතුණා.

      Yanki ත් මේ කතාව අනුව පවු තමයි. එයා දන්නා විදිහට තමයි එයා ජීවත් වෙන්නේ. ඒ නීති රීති ඇතුලෙත් එයා Esty සංගීතය ඉගෙන ගන්න එහෙම පොඩි නිදහසක් දීලා තිබුණා නේ. අන්තිමේදී එයා වෙනස් වෙන්න ලෑස්ති බව පෙන්නන්න කොණ්ඩය කපපු වෙලාවේ එහෙම පවු කියලාම හිතුනා. Moishe ගැන විස්තර තියෙනවා Making of -documentary එකේ. Moishe ගේ චරිතය ඒ නළුවාගේ ඇත්ත ජීවිතයට බොහොම සමානයි ලු. Esty ව යාළුවො ටික භාරගත්තා ඉක්මන් වැඩි ගතියක් තියෙනවා තමයි. එයාලා බොහොම open & accepting බවක් ඒකෙන් පෙන්නන්න හදනවා වගේ නේද?

      Yanki ගේ අම්මා සීමිත නිදහස ඇතුලේ ලොකු බලයක් හදාගෙන නේද? පෑගුණු ගෑනු අතරත් hierarchy එකක් තියෙන බව මේකෙන් පෙන්නන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. උදාහරණයක් හැටිඅට ළමයි ඉන්න අය ළමයි නැති අයට කෙනෙහිලිකම් කරන එක.

      මම තව එක series එකක් බැලුවා. ඒක ගැනත් පෝස්ට් එකක් දාන්නම්. බලමු ඔයාට ඒකත් අල්ලයිද කියලා. :)

      Delete
    2. තව දෙයක්, Esty recital එකේ කියපු දෙවෙනි සින්දුව. එක වචනයක් වත් තේරෙන්නේ නැතිව ඒක අහද්දී මට කඳුළු ආවා. බොහොම ප්‍රබල performance එකක් ඒක.

      Delete
    3. ඒ wedding song එකක්. "He who understan​​ds the babble of the rose among thorns, the love of a bride, the joy of her beloved ones, may He bless the groom and bride". (source: https://www.zemirotdatabase.org/view_song.php?id=148).

      Delete
    4. Thank you for going into the trouble for finding this Lotus. The meaning gives a different perspective to the setting. I thought it was some sort of a lullaby/song for a child.

      Delete