January 02, 2023

නොවැදගත් දේ





බළලුන්ට
එදිනෙදා දේවල් ගැන
මතක ඇත්තේ මොනවාද?
නිදන්නට උණුසුම් ම තැන,
කෑම ඇත්තේ කොතැනද,
වේදනා දෙන දේ ගැන,
තමන්ගේ හතුරන් ගැන
පක්ෂීන්ගේ කරදරය,
පසෙහි උණුසුම් පුසුඹ
දූවිලිවල ප්‍රයෝජනවත් බව,

ඔවුන්ට මතකයි
ඇඳක කිරි කිරිය
අයිතිකරුගේ පා හඬ
මාළු කද්දී අම රස,
කිරි බඳුනක සොඳුරු බව
බළලුන්ට මතක ඇත
එදිනෙදා දේවල් වල
වැදගත්ම කොටස
ඔවුන් අපට වඩා
සුවෙන් නිදන්නේ එබැවිනි

අප
නොවැදගත් දේ
මතකයේ රඳවාගෙන
හදවත් බිඳගනිමිනි.

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Inessential Things’ by Brian Patten

Brian Patten 1946 දී එංගලන්තයේ ලිවර්පූල් නගරයේ උපන්නෙකි. ගැටවර වියේ සිටම කාව්‍යකරණයේ යෙදුනු ඔහු පාසල් වයසේදී තමන්ගේම කවි සඟරාවක් ලියා පළ කළේය. වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන්ද කවි ලියූ ඔහු කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ම පළ කර ඇත.

ලන්ඩන් කවි - ජනවාරි 2023 කලාපය 

Sketch- watercolour and ink

13 comments:

  1. Replies
    1. ස්තූතියි සරත්!

      Delete
  2. බළලාගේ චර්යා රටාව ඔස්සේ කොච්චර දේ හිතන්න පුළුවන්ද . ගෙදර සුරතලාත් සිහියට ආවා.

    ReplyDelete
    Replies
    1. බළලුන්ගේ independent ගතියට මමත් හරි කැමතියි. ස්තූතියි අනුරුද්ධ!

      Delete
  3. ගරු කටයුතු බළල්රාළ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අපි තමයි එයාලාගේ සේවකයෝ! :D

      Delete
  4. මේ කවියට බොහොම සමාන කවියක් ටික කාලෙකට ඉස්සර මලී පරිවර්තනය කලේ නැද්ද. මට හොඳට මතකයි මේ පූසො හා කිරි කතාව.

    ReplyDelete
    Replies
    1. Lotus ගේ මතකේ තමයි මතකේ! :D
      මේ කවියම කලින් 2021 දී දිනමිණ පත්තරේ වසත් සුළඟ පිටුවේ පළ වුණා. ලන්ඩන් කවි සඟරාවට මම තෝරලා යවන්නේ මම පරිවර්තනය කරපු කවි අතරින් වඩාත් හොඳයි කියලා හිතෙන ඒවා. ඒ නිසා මේකත් යැව්වා. අවස්ථා දෙකේදීම මම බ්ලොග් එකේ දැම්මා, ඒකයි ඔයාට මතක :)

      Delete
  5. https://www.youtube.com/watch?v=bymRNX0NJDo

    ReplyDelete
    Replies
    1. මේක මරු! මම තව ආසයි පූසෝ අහක බලාගෙන ඉන්නකොට ළඟින් සුකිනි වගේ දේවල් තියලා උන් බයවෙන හැටි තියෙන වීඩියෝ වලටත්! :D

      Delete
  6. අපිත් කාලයක් පුසෙකුගේ ගෙදර නැවතිලා හිටියා මතකයි.
    එය නැතිවුනාට පස්සේ ඒ ගෙදර අපට අයිති වුනේ

    ReplyDelete
    Replies
    1. කොහෙත් ඔය සිද්ධිය තමයි :)

      Delete