'I still hide you in my poetry'- M. Razon

August 24, 2022

එක්කෝ එය නිමවෙයි





"එක්කෝ එය නිමවෙයි,
නැතොත් නිම නොවෙයි"යැයි පවසන්න
එසේ එය දරාගන්න

බිම් ගෙයත්, රාත්‍රියත්
වේදනාවත්, ආදරයත්
එක්කෝ නිමවෙයි,
නැතොත් නිම නොවෙයි

යළිත් හිරු නොනගී නම්
සොයා ගත යුතුය ක්‍රමයක්
හිරු නැතිව ජීවත්වන

හැර ගිය අය ආපිට නොඒ නම්
ඇඳ මැදින් නිදන්නත්
තමන්ට පමණක් සෑහෙන්නට
කෝපි හදාගන්නත්
හුරුවෙන්න, හැඩ ගැසෙන්න

එක්කෝ එය නිමවෙයි,
නැතොත් නිම නොවෙයි
එහෙත් අප නොනැසෙයි!


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'It ends or it doesn't' by Caitlyn Siehl

Sketch- ink on paper

 

3 comments: