June 16, 2022

මතකය, අමතකවීම සහ Apples චිත්‍රපටිය

මතකය කියන්නේ මම ටිකක් වැඩියෙන් අවධානය දෙන දෙයක්. මගේ වටපිට අය එක්ක සසඳද්දී මට වැඩියෙන් පරණ දේවල් විස්තර සහිතව මතක තියෙන නිසායි ඒ. පුංචි කාලේ සිද්ධ වුණු බොහොම සිල්ලර දේවල්, ඉස්කෝලේ යන කාලේ පරණ කතා, පන්තිවල හිටපු ඔක්කොම ළමයින්ගේ නම්, ඉස්කෝලේ ගුරුවරුන්ගේ නම් එහෙම මට හරි ලේසියෙන් ආයෙත් මතකෙට කැඳවාගන්න පුළුවන්. ඒ වගේම නම් ගම් උපන්දින, දුරකථන අංක එහෙමත් මට බොහෝ දුරට මතකයි.  මම රැකියාව කරන පාසැල් පුස්තකාලයේදී පොත් ගන්න එන දැරියන්ගේ නම් මම මතකයෙන් කියද්දී එයාලාගෙන් ලස්සන හිනාවක් මම ලබනවා. මොනවටද ඔය වගේ සිල්ලර දේවල් වලට මොළේ ඉඩකඩ නාස්ති කරගන්නේ කියලා තමයි හැමෝම මට කියන්නේ. ඒත් අවාසනාවකට මේ මතකය මගේ පාලනයෙන් පිට ඉබේ වෙන දෙයක්. මතක තියාගන්නවා නෙමෙයි, මතක හිටිනවා. ජීවිතේ සමහර රිදෙන, බර දේවල් අමතක කරන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් the ability to forget too, is a gift බව මට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙලා තියෙනවා. 

"I have a shocking memory, I remember everything"- Melinda Chapman මේක මටම කීව දෙයක් වගෙයි!

system overload වෙලා මේ ඔක්කොම මතක මට එක තත්පරයෙන් අමතක වෙන්න පුළුවන් බව මගේ මතකය ගැන විහිලු කරන අයට මම මතක් කරලා දෙන්නේ විහිලුවටමත් නෙමෙයි. 'we are who we are because of our memories' කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා මතකය මැකිලා ගියොත් 'මම' ත් අහෝසි වෙලා යයිද?

මතකය සහ අමතක වීම ගැන කියවෙන චිත්‍රපටියක් ගැන කියන්නයි මේ විස්තර ලිව්වේ. මේ ග්‍රීක චිත්‍රපටියක් වන Apples (Μήλα / Mila) මේ කතාවේදී ලෝකය පුරාම මිනිස්සුන් අතර ඇම්නීසියා හෙවත් අමතකවීමේ රෝගයේ වසංගතයක් පැතිරෙනවා. මීට ගොදුරුවන මැදිවියේ පිරිමියෙක් වන ආරිස් එහෙම අයට අලුතින් අනන්‍යතාවයක් ලබාදීමට කරන පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වෙනවා. මේ අතරතුරදී ඔහු මුහුණ පාන අත්දැකීම් මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙනවා. හාස්‍ය රසයත්, පාළුව ඉස්මතු කරන දුක්බර බවත් හරියටම එකතු කරලා හදලා තියෙන නිර්මාණයක් මේ. අන්තිමේදී ආරිස් එයාගේ පරණ ජීවිතයට යනවා. එයා ඒ ජීවිතයෙන් නික්මුණේ ඇත්තටම මතකය ගිලිහුණු නිසාද, ආයෙත් එතැනට ගියේ ඇත්තටම මතකය ආපිට ලැබුණු නිසාද කියන ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා.



Directed by Christos Nikou
Written by Christos Nikou & Stavros Raptis
Produced by Iraklis Mavroeidis, Angelos Venetis, Aris Dagios, Nikos Smpiliris, Christos Nikou
Starring Aris Servetalis
Cinematography Bartosz Świniarski
Edited by Giorgos Zafeiris
Distributed by Feelgood Entertainment
Release date 2 September 2020



6 comments:

  1. හ්ම්......අමුතුයි ඒත් හොඳ චිත්‍රපටියක් වගේ.🤔

    ReplyDelete
    Replies
    1. සබ්ටයිටල් ෆිල්ම් අවුලක් නැති නම් ට්‍රයි කරලා බලන්න බස්සා

      Delete
  2. මලීට තියෙනවා වගේ මතකයක් තියෙනවා නම් හොඳයි. මට නම් මුහුනු හා නම් තරමකට පැටලෙනවා. නමුත් මට වඩා හොඳින් මතක තියෙනවා සංවාද (වෘත්තීය, පෞද්ගලික දෙකම), සමහර විට ඉතාම vivid විදිහට. කොච්චර හොඳද කියනවානම් යම් සිදුවීමක් පිලිබඳ මගේ මතකය මගේ senior colleaguesවත් චැලෙන්ජ් කරන්නෙ නෑ සමහර වෙලාවට.

    ඔය තේමාවට කිට්ටුව යන ෆිල්ම් එකක් Still Alice. ඒකෙ වඩා කනගාටුදායක සිදුවීම ඇය විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් වීම (linguistics උගන්වන) සහ උගන්වන අතර වචන අමතක වෙලා
    ඇය අසරන වීම.

    ReplyDelete
    Replies
    1. Lotus -සංවාද මතක නම් arguments වලට ලේසි ඇති :) මටත් conversations පිටින් මතක හිටිය අවස්ථාවල් තිබේ. ඒක වාසනාවක්ද අවාසනාවක්ද කියලා මම තාම කල්පනා කරමින්.

      Still Alice බලලා නැහැ, පොත කියවන්න අරන් මගදී ටිකක් overwhelmed වගේ වෙලා නැවැත්තුවා.. ඒ පොත ලීව Lisa Genova ඔය වගේ ලෙඩ ආශ්‍රිතව නවකතා ලියනවනේ. එයාම ලිව්ව Inside the O' Briens පොත නම් මම ආසාවෙන් කියෙව්වා. ඒක තියෙන්නේ Huntington Disease හැදුණු කෙනෙක් සහ එයාගේ පවුලේ අය ඇසුරෙන් ගොඩ නැගුණු කතාවක්. කියවලා බලන්න ඔයා කැමති වෙයි.

      Delete
    2. පොත හොයාගෙන බලන්නම් මලී. ස්තුතියි ඒ ගැන කිව්වට.

      Delete
  3. AnonymousJune 24, 2022

    ela

    blog kiyawanna puluvn syndi ekk https://sithuvili.net/

    ReplyDelete