June 10, 2022

අනුකරණය

Translation of the poem 'Mimesis' by Fady Joudah

තම පාපැදියේ හැඬල අතර
පදිංචිව සිටි මකුලුවාට
කරදර කරන්නට
මගේ දියණිය කැමති වූයේ නැත
 
උගේම කැමැත්තෙන්
එතැනින් නික්ම යන තෙක්
ඈ දෙසතියක් බලා සිටියාය
 
'ඔයා ඒ මකුළු දැල කඩා දැම්මොත්
එතැන තමන්ට ගෙදරක් හදන්න
සුදුසු තැනක් නොවන බව
ඌ ඉබේම දැන ගනීවි
ඉන්පස්සේ ඔයාට බයිසිකල් පදින්න පුළුවන්'
කීවෙමි මම
 
'අනෙත් මිනිස්සු සරණාගතයෝ වෙන්නේත්
එහෙම නේද?'
ඈ විමසුවාය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Fady Joudah is a Palestinian American physician, poet, and translator. He was born in Austin, Texas, and grew up in Libya and Saudi Arabia.

sketch - coloured pencils on paper




5 comments:

  1. ඇයි මේකට Mimesis කියලා නම දාලා තියෙන්නෙ හා මලී 'අනුකරණය' කියන වචනෙ තෝරගත්තෙ කියන ප්‍රශ්න දෙකම ගැන තත්පර කීපයක් කල්පනා කරන්න වුනා. ඊට පස්සෙ බල්බ් එක පත්තුවුනා. ලස්සන කවිය හා පරිවර්තනය.

    ReplyDelete
    Replies
    1. Lotus- Mimesis වචනේ මම කළින් අහලා තිබුණේ නැහැ. මේකෙන්මයි මුලින් දැක්කේ. ඒකෙ තේරුම දැක්කාම කවියා ඒක මාතෘකාව හැටියට තෝරාගත්ත එකට ගෞරව කිරීමක් හැටියට මාත් ඒකම දැම්මා.

      කියවගෙන ගිහින් අන්තිම පද කීපෙදී ඩාං ගාලා වැදුන නිසා මේක පරිවර්තනය කරන්න තෝරාගත්තා.

      Delete
    2. මම කියෙව්වෙ mimic/mimicry සහ mimesis සමාන වචන කියලා හිතාගෙන, මලී. යම් සමානකමක් තියෙනවා තමයි නමුත් මට හිතුනා ඔරිජිනල් කවියෙන් අදහස් කලේ representationද කියලා. දන්නවනෙ ඒක ඉතිං catchy phrase එකක්නෙ. නමුත් ඔයා දාපු අනුකරණය කියන වචනෙට මම කැමතියි.

      Delete
  2. කවියා ගැන හැඳින්වීමත් සිංහලෙන්ම ඉදිරිපත් කලා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ ඉඳන් එහෙම කරන්නම් Litseeker කම්මැලිකමට කොපි පේස්ට් පාරක් දැම්මා- ඒකයි වුණේ

      Delete