පොත් කියවීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම් ගැන මම නිතර ලියනවානේ. ඉස්සර දවසක මගේ කියවීමේ නිධාන කතාව ලිව්වා මෙහෙම. අද ලියන්නේ ඒකෙ වැදගත්ම අතුරු කතාවක්. ඒ තමයි Readers Digest සඟරාව එක්ක මගේ අතීත ගනුදෙනුව.
අවුරුදු දහයේදී සේෂෙල්ස් ඉඳන් ලංකාවට ආව වෙලාවේ මම එකපාරට කියවන්න පොත් නැති අගාධයකට වැටුනා. ඒ වෙද්දී කියවිල්ලට හොඳටම ඇබ්බැහි වෙලා හිටිය මට ඒක නිකම් ඔක්සිජන් නැතිවුණා වගේ වැඩක්. මේ වෙලාවේ මගේ ගැලවීමට ආවේ Readers Digest සඟරාව.
Readers Digest කියන්නේ 1922දී ඇමෙරිකාවේ ඇරඹුණු සඟරාවක්. මේක මාසිකව පළ වුණු- පුංචි කතන්දර, කාලීන තොරතුරු, විහිලු කතා, වචන සෙල්ලම් වගේ රසවත් අංග ගණනාවක එකතුවක්. අපේ තාත්තා 1965 ඉඳන් මේ සඟරාව මිළදීගෙන තිබුණා. අවුරුද්දකට නියමිත සඟරා දොළහ බැඟින් මිටි බැඳලා අපේ ගෙදර පොත් අල්මාරියක ගබඩා කරලා තිබුණා. ඉතින් කියවන්න පොත් නැතිව සා පිපාසෙන් ගේ ඇතුලේ ඇවිදිමින් හිටිය පුංචි කෙල්ලෙකුට හදිසියේම මේ සඟරා එකතුව හම්බ වුණාම ඒක නිධානයක් පහල වුණා වගේ වැඩක්! මේ කාලේ වෙනකොට අවුරුදු විස්සකට වඩා සඟරා මේ එකතුවේ තිබුණා. මේවායේ රසවත් බව තේරුම් ගන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සඟරා එහෙ මෙහෙ ඇදලා දැම්මොත් තාත්තාගෙන් බැනුම් අහන්න වෙන නිසා මම එක සැරේකට එක සඟරා මිටිය බැගින් මගේ කාමරේට අරන් ගිහින් කියවන්න පුරුදු වුණා.
Readers Digest සඟරාව මගේ ජීවිතේට එක්තරා විදිහක තක්සලාවක් වුණා කිව්වොත් හරි. මම ඒවායේ තිබුණු පුංචි කතන්දර උපරිමයෙන් රස වින්දා. Word Power කොටස කියවලා මගේ භාෂාව තනියම පරීක්ෂා කරගත්තා. Quotes වලට අදටත් මගේ තියෙන තදබල පිස්සුව මතු වෙන්න ඇත්තේ Quotable Quotes අංගය කියවලා වෙන්න ඕන. මට sense of humour එකක් ගොඩ නැඟෙන්න Laughter is the best medicine, Humour in Uniform, Life is Like That වගේ අංග හරහා කියවපු විහිලු දාස් ගණනක් හේතු වෙන්න ඇති. මීට අමතරව හැම සඟරාවකම අන්තිම කෙටි කරන ලද නව කතා පළ වුණා. ඒවා මතක තියාගෙන දශක ගාණකට පස්සේත් ඒවායේ මුල් පොත් හොයාගෙන කියවන්න තරම් මම ඒවාට ඇබ්බැහි වෙලා හිටියේ. Murphy's Kid by Torey Hayden, All Creatures Great and Small by James Herriot, Roots by Alex Haley ඉන් කීපයක් විතරයි.
පරණ Readers Digest සඟරා දෙකක් |
ඉතින් මේ අවුරුදු විස්සේ Readers Digest සඟරා එකතුව ඉවරකරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. එහෙමයි කියලා මම නැවතුණා ද? නැහැ! නැවත නැවත කියවීම කලාවක් නම් මම පිකාසෝ වුණේ ඒ කාලේ. අන්තිම වෙද්දී මම සඟරාවක් අතට ගත්තාම (හැම සඟරාවකම පිටිපස්සේ කවරේ ලස්සන චිත්‍රයක් තිබුණා) ඒකෙ තියෙන විශේෂ කතා මේවා කියන්න පුළුවන් මට්ටමට ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම digest කරලා තිබ්බා.
ඊටපස්සේ කාලය ගෙවෙද්දී මට වෙන පොත් පත් කියවන්න ලැබුණා තමයි. ඒ මොනවා කියෙව්වත්, පස්සේ කාලෙක ඉස්කෝලේ වැඩ වැඩි වුණත්, විභාග වලට පාඩම් කළත් හැමදාම මගේ safe place එක වුණේ මේ සඟරා එකතුව. නිදිමත හවස්වරු වල, එහෙම නැත්නම් කම්මැලි වැහි දවස්වල Readers Digest සඟරා මිටියක් උස්සන් ඇඳට ගිහින්, ඒවා කියවලා වෙනම ලෝකෙක අතරමං වෙන්න ඉඩ දෙන්න ඒවා මං වෙනුවෙන් ලෑස්ති පිට හිටියා.
දැන් මට අලුත්ම Readers Digest සඟරාවට පිවිසෙන්න ගත වෙන්නේ තත්පරයයි. දැන් e magazine එක තියෙන නිසා අන්තර්ජාලය හරහා සඟරාව දුරකථනයෙන්ම කියවන්න පුළුවන්. තාත්තා නම් තාම සඟරාව physically කියවනවා. කාලෙත් එක්ක සඟරාව ටිකක් පුංචි වෙලා, පින්තූර වල පාට වැඩිවෙලා, අන්තර්ගතය ටිකක් 'කාලීන' වෙලා. ඒත් පරණ පුරුදු අංග ටික නම් මේ දශක ගාණටම එහෙමම තියෙනවා.
පෙනුම වෙනස් වූ අලුත් Readers Digest සඟරා |
මගේ මේ Readers Digest ඇබ්බැහිය ගැන විස්තර කියලාම අපේ ගෙදර උදවියත් ඒ ගැන හොඳටම දන්නවා. මීට අවුරුදු කීපයකට කලින් දොස්තර කෙනෙක්ගේ waiting room එකේ සඟරා ගොඩේ Readers Digest පරණ සඟරාවක් තිබිලා පුතා මගේ ළඟට නිධානයක් වගේ උස්සගෙන ආවේ 'look amma, it's one of those magazines you used to read when you were little!" කියමින්.
මේ වෙද්දී Readers Digest සඟරාව රටවල් 70ක භාෂා 21කින් මුද්‍රණය වෙනවා. අදටත් ඒක එදා වගේම ලෝකය පුරා ජනප්‍රියයි.
කියවන්න දේවල් හිඟ කාලෙක ඒ හිඩැස පුරවලා විතරක් නෙමෙයි කියවන්න තියෙන ආසාව තව තවත් වැඩි කරලා දුන්නු Readers Digest සඟරාව ඇත්තටම මට පරණ යාලුවෙක් වගේ!
මගේ පොත් ඇබ්බැහිය සංසිදවන්න තරම් පොත් අපේ ගෙදර තිබුනේ නැහැ. තාත්තා එකතු කරලා තිබ්බ 'රසවාහිනී' ගොඩකුයි අම්මා එකතු කරලා තිබ්බ 'නවයුගය' ටිකකුයි කටපාඩම් වෙන තරමට කියවලා තිබුනා. අම්මා කිව්වේ මම කරවල ඔතාගෙන එන පත්තර කොළෙත් කියෙව්වා කියලයි. Readers Digest දැකල තිබුනට එක තේරුම් ගන්න තරම් ඉංග්‍රීසි දැනුමක් ඒ කලේ තිබුනේ නැහැ. දැන් වුනත් හොඳට ඔලුවට යන්නේ සිංහලෙන් කියෙව්වම තමයි. මම මගේ පඩියෙන් සෑහෙන කොටසක් පොත් වලට වෙන්කළා. පොත් අස්සේ බත් ඇට හම්බ වෙනකොට මගේ කොල්ලෝ කියවල තියෙන බව දැනෙනකොට හරි ආසයි. මමත් කවදාවත් තනි වෙන එකක් නැති තරමට දැන් මට පොත් තියෙනවා. එයින් බාගයක්ම ගෙනත් ඔෆිස් එකේ පොඩි library එකක් පටන් ගත්තත් උන කාරයෝ ඉන්නේ හරි පොඩ්ඩයි. ඒකෙ රසය දන්නේ පොත් පිස්සෝ විතරයි. BMICH යන්න මම අවුරුද්දක් මග බලාගෙන ඉන්නකොට යාලුවෝ කිව්වේ උඹට නම් ලෙඩක් කියලයි.
ReplyDeleteඑකම අසනීපෙ තියෙන තව අය දැක්කාම තියෙන සනීපෙ! :)
Deleteha...ha...ha.....හරිම සනීපයි තමයි
Deleteමාත් පොඩිකාලේ පොත් ගුල්ලෙක්, මේ සගරාවේ සිංහල පරිවර්තනය කියවල තියෙනවා.
ReplyDeleteලලිත්- සමුදුර සඟරාවේ නේද මේකේ පරිවර්තන ගියේ? මාත් එහෙන් මෙහෙන් හම්බවෙලා කියවලා තියෙනවා. දැන් නම් හිතෙනවා සමුදුර සඟරාව එහෙම පරිවර්තන පළ කරන්න ඇත්තේ Readers Digest සඟරාවෙන් අවසර අරන් නෙමෙයි වෙන්නැති කියලා. මොකද සඟරාව officially පරිවර්තනය කරලානේ තිබුණේ වෙන භාෂාවලට ඒ නමින්ම. කොහොමහරි සමුදුර සඟරාව අපේ යුගේ අයට දැනුම් සම්භාරයක් දුන්නු බවට නම් විවාදයක් නැහැ.
Deleteසමුදුර නොවේ. මනහර හා මුතුහර. එම සඟරා දෙක තමයි සිංහල ඩයිජස්ට් වරගයේ සඟරා ලෙසට නම් කරලම තිබුනේ. ඉන් මනහර සඟරාවේ නිමාවනම් මෙලෝරහක් තිබ්බේ නෑ. මුල් කාලයේ මෙහි සකසු වූයේ මු. අරුග්ගොඩ මහත්තයා. මුතුහර පටන් ගත්තේ මල්ටි පැක්ස් ආයතනයෙන් වාගේයි මතක. එහි ආරම්භක සකසු බන්ධුල පද්මකුමාර වෙන්නෝන. පසුව කුමාර සිරිවර්ධන. මමත් මුතුහරට Reader's Digest එකෙන් පරිවර්ථන තුනක්ද හතරක්ද කලා. ඒවා පල උනා. මම ඒවා මගේ බ්ලොග් එකෙත් දැම්මා. "නාගයාගේ සාදය", "රෝවර්ට තවත් කලක්" එහෙම කියලා. මෙතනට පාර කිව්වේ හැට්ටර්! කොහොම උනත් ඔබ අපිව හරි අපූරු තැනකට ගෙනත්!
Deleteපොත් තියාගන්න ඉඩ මදි නිසා අලුතෙන් ගන්න එක හුඟක් සීමා වෙලා. කබර්ඩ් තුනයි, රැක් තුනයි ෆුල්.
ReplyDeleteලයිබ්‍රරි එකෙන් ගන්න නිසා ඒවා ඉස්සෙල්ල කියවෙනව. දැන් මගෙ පොත් සෑහෙන ගාණක් රිටයර්මන්ට් රීඩින් කොටසට
Pra මාත් පොත් මිලදීගන්න ඒක සීමා කරලා තියෙන්න ඔය ඉඩ ප්‍රශ්නේ නිසා. ලංකාවට ගිය වෙලාවට අලුතින් සිංහල පොතක් දෙකක් ගත්තට අනිත් ඔක්කොම කියවිලි පුස්තකාලයෙන් තමයි දැන්.
Deleteමම නම් ඉතා...ම අඩුවෙන් පොත් කියවන කෙනෙක්.
ReplyDeleteපොතක් කියවනවානම් මට ඒක එක දිගටම කියවන්ඩෝන. කෝ වෙලාවක්. සිරිල්‍යා වගේ දවසේ පැය 24 මදි උනාම?
National Geographic තමා මගේ ෆේවරිට්. එකසිය ගාණටම මගේ ඉන්ටරෙස්ට් එක්ක එකඟ වෙන පොතක්. In our technical language - in phase .'ඉස්සර පඩි හම්බුනාම ඔටුව, පිටෝටුව පැත්තේ රවුමක් ගහල පොතක් දෙකක් ගන්නවා. මහිතේ එකක් රුපියල් 50-100 අතර ගානකට.
අන්න ඒකට කෙල්ලො දෙන්නා..
අපි නොරට පදිංචියට ආ කාලෙ මුල්ම සතියේ ගමේ ලියිබ්‍රියෙන් කාඩ් අරන් දුන්න. එහෙකට පොත් විස්සක් විතර දෙනවා මහිතේ. අනිවා විස්ස විස්සම ගන්නවා, ඊට පස්සේ අම්ම තාත්තගේ කාඩ් වලටත් ගන්නවා. අවුරුදු 8-10 උන්ට ඔව්ව උස්සන් යන්ඩ දෙතෑකිය. කොහොමද සනීපෙ බෑග් උස්සං බැක් පැක් එල්ලං ගෙදර එනකොට. ඒ මදෑ.. අඩුම ගානේ ඊළඟ වීක් එන්ඩ් එකටත් යන්ඩෝනැනෙ. හැබැයි කොල්ල නං සම්පුර්ණ අනිත් පැත්ත. කියවන එක පිටුවකට සතයක් දෙන්නං කිව්වා. ම්හු!
සතපහක් අන්තිමේ සත දහයක්. අන්තිමේ අයිශේ ඔය පොතක් ගෙනල්ල බොරුවට හරි මට කියනවකො මෙච්චර කියෙව්ව කියල. මොන.. හැබැයි මෑන්ස් මං වගේම Ctrl F නං use කරනවා.
ජයවේවා!
Myself Hattor
හැට්ටර්- National Geographic එකේ තියෙන ලස්සන පින්තූර තමයි මම ආසාම. අපේ තාත්තා ඒ සඟරාවේත් fan කෙනෙක්.
Deleteකෙල්ලෝ කොහොමත් කියවීමට නැඹුරුයි නේද? මම වැඩකරන බාලිකාවෙත් කෙල්ලෝ මිටි ගණන් පොත් අරන් යන්නේ. දාහතරක් වෙච්ච මගේ කොල්ලාත් සාමාන්‍යයෙන් කියවීමට මනාපයි. අම්මා ලයිබ්‍රරියන් වෙලා ඌ නොකියවා ගෙදර වසන්නයැ ඉතින් :D පිරිමි ළමයින්ට පොඩි කාලෙම එයාලට සෙට් වෙන පොත් නොලැබුනොත් ඔය කියවන වැඩේ අල්ලලා දානවා කියන එකයි මගේ අදහස. අපේ කොල්ලාටත් මම කැමති ඕන දෙයක් තෝරාගන්න කියලා අතාරිනවා ලයිබ්‍රි වල ඉස්සර ඉඳන්. එයා තෝරාගන්න පොත් මම නම් ජීවිතේට කියවන්නේ නැති සත්තු ගැන තරු ගැන පොත්.
දැන් කාලේ නම් ඇත්තටම පොත් කියවන්නම ඕන නැහැ දැනුම ලබන්න. අන්තර්ජාලය හරහා ම සෑහෙන්න දැනුමක් එකතු කරගන්නවා දැන් කාලේ ළමයි. අපිට ඉතින් එහෙම පහසුකමක් තිබ්බේ නැහැනේ ඒ කාලේ
දැන්නම් කියපු කාලයක් මතක නැහැ. නමුත් කාලයක් ප්‍රියතම සඟරාවක්. අර පිටු අග පොඩි කතා තම මුලින්ම බලන්නේ. අතීතයට ගියා. ඒ කාලේ මුතුහර වගේ නමක් තියන එකක් පළවුණා ඒ වගේම තාලයට සිංහලෙන් ගහපු එකක්.
ReplyDeleteඅජිත්- ඇත්තටම දැන් අපිට කියවන්න දේවල් ඕනෑතරම් තියෙන නිසා මේ සඟරාව ගැනත් ඉස්සර තරම් අගය දැනෙන්නේ නැහැ මගේ හිතේ.
Deleteසිංහලෙන් තිබුණේ සමුදුර නේද?
//......කියවන්න දේවල් ඕනෑතරම් තියෙන නිසා...//
Deleteගූගලයා බුදු වේවා! ඔබේ-බටේ අගසව් වේවා!
https://www.youtube.com/c/BreakingTaps/videos
https://www.youtube.com/c/Wendoverproductions/videos
https://www.youtube.com/c/joescott/videos
බස්සා- //ගූගලයා බුදු වේවා! ඔබේ-බටේ අගසව් වේවා!// Amen! :D
DeleteReaders Digest ගැන ඔබේ පියාත් සටහනක් ලියා තිබුණ මතකයි. මටත් මේ සඟරාව ගැන අතීත මතකයන් තියෙනවා. ඔය එක සඟරාවක ලියුකේමියා රෝගය සෑදුනු දැරියක් ගැන කතාවක් ඇති. ඒ ගැනයි මගේ නොනැසෙන මතකය.
ReplyDeleteමාලනී ඇන්ටි, ඔව් තාත්තාත් මේ ගැන බ්ලොග් එකේ ලීවා මතකයි.
Deleteමොකක් හරි හේතුවකට ඒ කාලේ කියෙව්ව කතන්දර හිතට හොඳටම කාවැදුනා නේද? සමහර විට අපි ඒ කාලේ ඒ වගේ කතා අතිබුණේ නැති නිසා වෙන්නැති.
Reader's Digest is the reason I developed an interest in reading English books. That would have been 1980. I and my neighbour started buying old Digests from the Shanthi bookshop at Bambalapitiya (sadly it is long gone) at Rs 5 a copy. Today I have around 200 books. From the magazine I moved on to Digest Condensed Books. Proud owner of around 30 of those as well. I find the old Reader's Digests, prior to 1970s more interesting than the newer magazines. Like you Mali, I also used the Word Power section. Another favourite was Personal Glimpses.
ReplyDeleteThank you for dropping by. It is always good to come across fellow fans of the Readers Digest. It is heartening that it provided entertainment and reading material for readers across the years, irrespective of age or country.
DeleteLong years back (around 1960s) Lakehouse publishers issued a magazine called "Sevilla" which was a translation of Finding Out. It had lots of graphics. It serialised Iliad and Odyssey. BUt didn't run for long.
ReplyDeleteYes, I haven't heard of Sevilla, must be because it was terminated soon. Samudura was popular later on and it had lots of translated articles from the Digest.
Delete