May 16, 2022

දියණියනි

දියණියනි,
හැම දිනකම
මම, ඔබට
ඔබේ රුව ගැන නොව
ඔබේ අගය ගැන
කියන්නෙමි

(ඔබේ රුව ඔබට ලැබුණු දෙයකි
හැම කෙනෙක්ම උපතින් රූමත් ය)

ඔබේ අගය දැන සිටීම
ඔබේ ජීවිතය බේරාලනු හැක
රුව ගැන පමණක් අදහමින්
ඔබව උස් මහත් කළහොත්
ඔබ හාමත් වනු ඇත
සුකුමාර වනු ඇත
දුර්වලයෙක් වනු ඇත
ලාබ ගති ඇත්තියක් වනු ඇත
 
ඔබ කෙතරම් රූමත් දැයි
පවසන කෙනෙක්
ඔබට නිරතුරුවම වුවමනා වනු ඇත

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of the poem 'For my Daughter' by Nayyirah Waheed

(Ink sketch on paper)



2 comments:

  1. මම අහලා තියෙනවා ප්‍රියංකා චොප්රා අති විශාල ආත්ම ශක්තියක් ඇති කෙනෙක් වෙන්න ගෙදරින් නිතරම එයා ලස්සනයි කිව්ව එක හේතුවක් උනා කියලා. හරියටම දන්නෙ නෑ- just an unverified story.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති නේද? එක භාරගන්න විදිහ අනුව ප්‍රතිපලය වෙනස් වෙනවා කියලා මම හිතනවා. ලස්සනයි කියලා නිරතුරුව කියන එකෙන් ඊගෝ ඒක වැඩි වෙලා උද්ධච්ච වෙනවා වෙනුවට ඒකෙන් ප්‍රියංකා ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න ඇති. ඒකට පරිසරය හදන එකත් තියෙන්නෙත් දෙමව්පියන් අතේ.

      Delete