May 30, 2022

නරි - Art

මම නරින්ට කැමති බව මං ගැන දන්නා අය දන්නවා. ඒ කැමැත්තට කිසිම පැහැදිලි හේතුවක් නැහැ. අඩුම ගානේ මම නරියෙක්ව පණ පිටින් ඇත්තට දැකලාවත් නැහැ. ඇත්තට දැක්කා නම් ඒ freeway එක අයිනේ මැරිලා ඉන්නවා තමයි. මම ඉන්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ නරි priority pest ලා හැටියට සලකන්නේ. ඒත් ඉතින් උන්ට මගේ තියෙන මනාපෙට ඒකෙන් බාධාවක් නැහැ.

නරින්ව මම කීපසැරයක් චිත්‍ර ඇඳලා තියෙනවා. pinterest එකේ fox - art කියලා වෙනමම චිත්‍ර තියෙන බව මම හොයාගත්තේ අහම්බෙන්. දැන් මගේ චිත්‍රවලට නිමිති ලැබෙන්නේ එතැනින්. මේ මගේ නරි- Art 





sketches- pencil, pen and coloured pencils


14 comments:

  1. Chalana AmerasingheMay 30, 2022

    චිත්‍ර හැබෑ ලස්සනය්.
    ඔයාගෙම නිර්මාන නේද?
    දැනගෙන හිටියෙ නෑනෙ ලියන්නට වගේම චිත්‍ර වලටත් දක්ශය් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චලන
      ඔව් ඔව් මගේ චිත්‍ර තමයි. ඉඳ හිට පොඩි පොඩි චිත්‍ර අඳිනවා කම්මැලිකමට වගේ

      Delete
  2. https://www.nhm.ac.uk/discover/the-secret-life-of-urban-foxes.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Pra Jay - අර තට්ටු බිල්ඩිමේ හිටිය නරියා ගේ විස්තරේ මරු! :D

      Delete
  3. මාත් කැමතියි නරින්ට.

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න නරි මොටෙකුත් ඇවිත් නරි පෝස්ට් එකට.. වෙල්කම්!
      කලින් මේ පැත්තේ දැකලා නැහැනේ.

      Delete
  4. Out of all the animals, නරියන්ට කැමතියි කියන්නෙ ඉතින් .... (විහිලුවට කිව්වෙ, හැමෝම එකමදේට කැමති නම් ලෝකෙ මෙච්චර ලස්සන වෙන්නෙ නෑනෙ).

    චිත්‍ර දෙකම cool. අර පලවෙනි නරියටනම් පොඩි දාර්ශනික පෙනුමක් තියෙන්නෙ, හරියට නිකන් කාව හරි වැල් පාලමකින් එගොඩ කරන්න වෙච්ච මිස්ට ෆොක්ස් කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි නේද? කාඩ් එක හොඳ නැති pests ලාට මයි හිත යන්නේ! අර කතාවක් තියෙන්නේ of all the gin joints in the world ..... කියලා. ඒ වගේ තමයි :D

      හැබෑට පලවෙනි මිස්ට ෆොක්ස් ගේ පොඩි වැල් පාලම් ලුක් එකක් තියෙනවා නේද? ටයි කෝට් ඇඳලා වගේ හිටියා නම් මරු!
      ෆොක්ස් ලාගේ හරි පාට ගන්න අමාරුයි මගේ පාට පැන්සල් කලෙක්ෂන් එකට කොලුවා බැහැලාද කොහෙද පාට missing

      Delete
  5. My perception for foxes dramatically changed over the time, thanks to the technology development which provides evidences, I think foxes have temperaments in between cats and dogs and are highly misunderstood. Check this video; https://www.youtube.com/watch?v=n_YZ0ggpYJc&t=10s

    ReplyDelete
    Replies
    1. Yes Angel- they have been widely misunderstood. Although they are accepted as wildlife in other countries, Australia hates them as they are an introduced species and they tend to eat up the local birds and small animals. They were introduced to Australia for the British to hunt as a sport!
      Check out Finnigan the fox's youtube channel, you will fall in love :)

      Delete
    2. I am a huge fan of Finnigan fox and his friends, i love his he he he he...

      Delete
  6. AnonymousJune 03, 2022

    පොඩ්ඩක් පරක්කු වුනා.
    ඒත් මේක ලියන්නම ඕන
    chapter එකකට කලින් දාන illustration එකේ මාර ගතියක් තියෙනවා.
    ඔයාගේ චිත්‍ර හරිම අපූරුයි . ඒවා තාත්වික වෙන්නම ඕන නැහැ.
    සිබිල් නැන්දගේ ,Quentin Blake ගේ වගේ.
    ඔයාගේ කතා ඉස්සරහට පොඩි illustration එකක් දාන්න පුළුවන්නේ
    little house කතා....අපේ මඩොල්දුව, Roald Dahl ගේ කතා රමෝනා stories (original) වලට මේ පොඩි චිත්‍ර ලොකු දෙයක් කරලා තියෙන බව දැනෙනවා.

    ReplyDelete
  7. Above is not ano.....its me

    ReplyDelete
    Replies
    1. thank you Kumudu
      අගය කිරීමට ස්තූතියි. හැමදාම වගේම දිරි දෙනවට ආදරෙයි
      සිබිල් නැන්දගේ Quentinගේ ලොකු ෆෑන් කෙනෙක් මම.
      මම ම චිත්‍ර ඇඳලා ළමා කතාවක් ලියන්න පොඩි හීනයක් තියෙනවා. හීන කියන ඒවා ගැන දන්නවනේ ඉතින් :)
      බලමු නේද? සමහර හීන හැබෑ වෙනවත්නේ

      Delete