October 26, 2021

||අන්සතු ඔබ ||


සමහර සින්දු ගැන විස්තර ලියන්න දෙයක් නැහැ. ඒ විස්තරේ සින්දුවෙමයි තියෙන්නේ. මේ සින්දුවේ පද වගේම visual එක ගැනත් මට කියන්න වචන නැහැ. ඇත්තටම නිරුත්තරයි. මේ සින්දුවක් නෙමෙයි විනාඩි ගාණක් ඇතුළත සියුම් හැඟීම් සාගරයක් පෙන්නන චිත්‍රපටියක්.

Artist - Thisara Weerasinghe | Melody - Thisara Weerasinghe | Lyrics - Rushan Silva | Music - Lahiru De Costa | Cast - Xavier Kanishka / Nipuni Poojitha Gunawardhana | Directed by Nimna Dewpura



29 comments:

  1. ඔව්, ඊට වඩා හොඳ විදිහකට, මේ ගැන කියන්න මට තේරෙන්නෙ නෑ. සින්දුව අවතක්සේරු කරනවා නෙවෙයි, ඒත් මම මේ "නිම්න දෙව්පුර" කියන්නෙ කව්ද කියල හොයනවා. 🤔

    බොහොම ස්තූතියි, මේ ලස්සන සින්දුව පෙන්නුවාට.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා. ඒ සින්දුව ගැන ආයෙත් වචන වලින් විස්තර කරන්න දෙයක් නැහැ තමයි.
      නිම්න දේවපුර මගේ පෝස්ට් එකෙනුත් මග ඇරිලා තිබුණේ. ඒ වැරැද්ද හැදුවා. නැගී එන දක්ෂයෙක් වෙන්න ඕන නේද?

      Delete
    2. //ගීතයට වඩා ගව් ගනනක් උඩින් ඉන්නෙ. ඒ වගේම ඒ ගීතය ගව්ගනනක් උඩට උස්සල තියනත් මේ මියුසික් වීඩියෝ එක සමත්වෙනවා.//මේ නිර්වචනය අරුණ වික්‍රමාරච්චි මල්ලිගේ fb එකෙන්. ඒක මට හිතුණු දේ හරියටම කියනවා. බස්සාත් කියන්න හැදුවේ ඒක නේද?

      Delete
    3. හරියටම හරි. මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ කතාවක් කියැවෙනවා. අපි වගේ අසංවේදී සත්තුන්ගෙ හඳුන් පොත කීං ගාන්නම, ඒ කම්පනය දැණෙනවා කියන්නෙ,ඒක දුර්ලභ සිදුවීමක්.

      Delete
    4. බස්සා, ඒ විෂුවල් එකේ යම් යම් සංඥා ටිකක් පෙන්නන්න උත්සාහ කරනවා. නමුත් එක තැනක් තියනවා උවමනාවෙන්ම නොපෙන්වන. ඒක තමයි මට මේකෙ තියන මෙව්වම මෙව්වා එක...

      Delete
    5. තිසරව දැක්කෙ සෑහෙන කාළෙකින්. සතුටුයි, ආයෙ දැක්ක එකට.😊

      චින්තන ධර්මදාස, Faculty of Sex එකේ මේ වීඩියෝ එක අමුවෙන්ම විච්චේදනය කරලා තිබුනා. ආතල් කැඩෙන නිසා ලින්ක් එක දාන්නෙ නෑ. ඒ විච්චේදනයත් එක්ක 100% එකඟ නැති වුනත්, ඒකෙන් තමයි දැණගත්තෙ, අන්තිමට ගොඩවෙන්නෙ ගායකයා බව.

      Delete
    6. අන්තිමට ගොඩවෙන්නේ ගායකයා බව මම මුලින්ම කොහේදී හරි දැක්කා හොඳ වෙලාවට. වෙන ගායකයෝ විෂුවල් එකේ බැරි බැරි ගාතේ රඟපාද්දී මේ ගායකයා ඒක දක්ෂයන්ට ඉතුරු කරලා අන්තිමේදී මූන පොඩ්ඩක් පෙන්නනවා.

      තිසර ඉඳ හිට හදිසියේ මේ වගේ මතු වෙනවා. මේකේ එයාම විතරක් නෝට් කරපු දෙයක් අන්තිමේදී එයාගෙන්ම තමයි අහගත්තෙ :)

      Delete
    7. අර තොල් හෙලවෙද්දි ඒ මොනවද කියනනෙ කියල බලන්න මම ආයෙ රිවයින්ඩ් කරල බැලුව.
      එතකොට මට හිතුණ ඒ ගායකය වෙන්න ඇති කියල.
      ගෙස් එක තිතට හරි ගිහිං

      Delete
  2. Replies
    1. ඇයි ම්ම්ම්...මුදලාලි සියඹලා....නෑ, එක්කො ඕනෙ නෑ.🤔😂

      Delete
    2. බස්සා 🤔🤔

      Delete
  3. 'දැන දැන හිමි නොවනා බව නොදැනී- මම තව තව ඔබ වෙත පෙම් කරමී' කලින් ජීවිතවල EXලා ඔක්කොම මේ ජීවිතේ හම්බවෙනවා ඇති. මම කැමතියි හැම කෙනාම තමන්ගෙ හරි 'නැවතුමට' ආවම බැහැලා යන කොටසට.

    ReplyDelete
    Replies
    1. //හැම කෙනාම තමන්ගෙ හරි 'නැවතුමට' ආවම බැහැලා යන කොටස// ලෝටස් ගේ ඒ නිර්වචනය මරු.
      මේ සින්දුවට කට්ටිය බැනලා එහෙම තියෙනවා මම දැක්කා. ඒත් මට නම් ඒ රූප රචනය විශිෂ්ඨයි.

      PS එතකොට මේ ආත්මේ ex ලා හම්බවෙන්නේ ලබන ආත්මේද? :)

      Delete
    2. 'එතකොට මේ ආත්මේ ex ලා හම්බවෙන්නේ ලබන ආත්මේද?' බස්සගෙන්වත් අහලා බලමු. මේ පැත්තෙ නිතරම එනවා නේද. මලීගෙ ගිය ආත්මෙ exකෙනෙක්ද දන්නෙ නෑ.

      Delete
    3. බස්සා යන එන තැන් බැලුවොත් එහෙනම් ex ලා හැමතැනම :D

      Delete
    4. ප්‍රාජේ, බුරාගෙ ප්‍රියතම ඉතිහාසය. මම කැමති, මිනිසුන්ව කියවන්නයි. ආන්න එතකොට බස්සො කතාකරන්න ගන්නවා, ප්‍රාජේ බස්සා වෙනවා.

      මිනිස්සු විවිධයි, විශමයි ගෝලාකාරයි. ඒවගේම හරිම සංකීර්ණයි. කාළයත් එක්කම හැමදෙයක්ම වෙනස් වෙනවා. අපේ සිතුම්-පැතුම්, විස්වාස, කැමති-අකමැති ඔය හැම දෙයක්ම.

      ලෝටස්, මලීගෙ මේ පෝස්ට් එක දැක්කද?
      https://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html

      ක්‍රිස්ටීන් වගේ වෙන්න තරම්, මම හිත දියුණු කරගෙන නැති වුනත්, එය අගේ කරන්න කිස්ම බාධාවක් නෑ.
      පරිප්පු කියන්නෙ, හරිම රස මාළුවක්. සපත්තුවක් කියන්නෙත්, එක්තරා ප්‍රේමයක්!

      Delete
    5. බස්සා, මම ඒ පෝස්ට් එක කියවලා තියෙනවා. ක්‍රිස්ටීන් ඒ තරමට හිත දියුනු කරගන්න කලින් transition period එකක් තියෙන්නත් ඇති.සමහරවිට අඬලා, කියවලා, ජ'නල් කරලා වගේ- තමන්ගෙ emotions එක්ක ගනුදෙනු කරලා හිත දියුනු කරගන්න එක තමා වඩා ඵලදායී. මගේ අත්දැකීම නම් emotional intelligence පැත්තෙන් සාපේක්ෂව අපිට වඩා westerners සෑහෙන්න ඉස්සරහින් ඉන්නබව.

      'මම කැමති, මිනිසුන්ව කියවන්නයි'- ජොයින් ද ක්ලබ්.

      'බස්සා යන එන තැන් බැලුවොත් එහෙනම් ex ලා හැමතැනම'- ROFL.

      Delete
    6. හෙහ්, හෙහ් හ්ම්ම්..X2. දෙපාරක්ම බස්සට අඳිනවා කියන්නෙ, ටිකිලා බොන්න වෙන ප්‍රශ්ණයක් වෙන්ටෑ?😂😊

      Delete
    7. අනේ මන්දා දැන් බස්සෝ ගොඩයි. අරෙහෙ නමියා ත් හුම් හුම් ගානවා :D

      Delete
  4. ඇත්තෙන්ම සිංදු (ගීත කිව්වාම ටිකක් ඈතයි ඈතයි වගේ!) තියෙනවා මුළු ජීවිතයම කියැවෙන! ඒ නිසාද මංදා සමහර තැන් වල සෙට මෝල් වෙච්ච වෙලාවට සමහර සිංදු කියන කොට වටේ ඉන්න හැම එකාටම මතක වචන පේලි කිහිපයක් තියෙනවා. ඔක්කොටම මතක ඒ ටික - ඒ ටික මතකයි ඔක්කොටම!
    ඉතින් කියන්න සංතෝෂයි මිත්‍ර වරුණි මම මේ සිංදුව ඇහුවාමමයි! ඒ වගේම ඒ සිංදුව මට වැදුනේ නම් නෑ! සමහර විට දෙතුන් පාරක් අහන කොට සිංදුව නැත්ත පොලුපාරක් වත් වදී. "අන්සතු" කියන ගොනුවේ මම කැමතිම සිංදු දෙකක් තියෙනව ජීවිතයට අමතක කරණ්න බැරි!
    "නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැඳී ඉමී
    පවන් රොදේ . . . . . . . . . . . . . . .
    අසන්න දුක බලා ඉමී
    රැඳෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ . . . . . . . . . . . . . . . . "

    මේ ගීතයේ වශන මෙලඩිය හා එහි සංගීත සමා යෝජනය ගත්තත් ඉතාම ලයාන්විත, ප්‍රේමාන්විත දුක්බර බවකින් පිරී ගිහින් තියෙනවා. ඒ වගේම එයට එක්වී තියෙන හඳ දීපිකා - දිවුල් ! කයන්න වදන් නැහැ!

    අනෙක ත්මයි
    "ළෙන්ගතු පෙම - මෙසිවිලි නැගුවා ඇති
    අපමණ සිතුවිලි දයාබරයි . . . . . . . .
    ඉටු නොවනා බව දැන සිටිනාමුත්
    ඔබම පතා සිත පෙරුම් පුරයි . . . . . . . "
    රොහාන් ශාන්ත බුලේගොඩගේ බිඳුණු සවරය මේ ගීතය සිතේ පතුලේම් රඳවනවා!

    ReplyDelete
    Replies
    1. තට්ටයා මාත් කැමති සින්දු දෙකක් ඒ. 'අන්සතු' ලේබල් එක යටතේ මම කැමතිම සින්දුව මොකක්ද කියලා මේ කමෙන්ට් එකෙන් පස්සේ මම කල්පනා කළා. එක එක සින්දුවලට වෙන වෙන විදිවලට ආස නිසා ආසම කියලා එකක් කියන්න බැහැ කියලා තමයි මට අන්තිමේදී හිතුණේ.'අන්සතු' කෙසේ වෙතත් 'අහිමි' කියන ලේබල් එක යටතේ මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ මාලනී ගේ 'පා තබනා බිම' තමයි.

      Delete
  5. කයන්න නහී - කියන්න! කියන්න!!
    මෙසිවිලි නහී - මැසිවිළි! මැසිවිළි!!

    ReplyDelete
  6. ඒක මරු. හැබැයි දැං ඒ හයිප් වීම යන්නෙ වෙනම පැත්තකට. බුකියට විසිවෙන හැම දෙයක්ම නවතින්නෙ කුණු කරෝල වෙලා. ඒකයි ලොකුම අවුල.

    ඔය සිංදුවට වඩා ඇත්තටම බැලුවොත් වෙන පරණ සිංදුවක මැද තියන මේ පද දෙකට කැමතී කීයල හිතෙනව.

    //සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
    තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමී//

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකාවේ මිනිස්සුන්ගේ රස වින්දනය ගැන හරි කලකිරීමක් හිතෙනවා ඒ ප්‍රතිචාර දැක්කාම. තලේබාන් 2 වගේ නිකම්.

      මම ඒ සින්දුව දන්නේ නැහැ වගේනේ

      Delete
  7. Replies
    1. මෙන්න බස්සියෙක්! :D

      Delete