October 08, 2021

Capernaum (Movie)




Capernaum 2018දී තිරගත වුණු, Nadine Labaki අධ්‍යක්ෂණය කළ ලෙබනන්හි නිපදවුණු චිත්‍රපටියක්.  මේ බේරූට් නගරයේ ජීවත් වෙන දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් වටා ගෙතුණු කතාවක්. සේන් තම දරුණු, හිංසාකාරී පවුලෙන් නික්මෙන්නේ ඒ කරදර දරාගන්න බැරිම තැන. ඉන්පස්සේ එයාට මුණගහෙනවා නීති විරෝධී විදිහට ඒ රටේ කුඩා දරුවෙක් එක්ක ජීවත්වෙන ඉතියෝපියානු කාන්තාවක්. විවිධාකාර කරදර බාධක වලට මුහුණ දෙන සේන් අන්තිමේදී දරුණු අපරාධයකට හිර භාරයට පත්වෙනවා. හිරේ ඉන්දැද්දී එයා පුදුම සහගත දෙයක් කරනවා. ඒ තමයි තමන්ව ලෝකයට ගෙනාවාට එයාගේ දෙමව්පියන්ට නඩු පවරන එක.


මේ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකය පුරාම ඇතිවන යුද්ධ සහ වෙනත් විවිධ ගැටුම්, වැඩිහිටියන්ගේ වැරදි තීරණ, අක්‍රමවත් පාලන ක්‍රම ආදී හැම දෙයක්ම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බව. Capernaum හි විශේෂත්වය තමයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන වැඩි දෙනෙක් නළු නිලියන් නොවීම. සේන් ගේ චරිතය අති දක්ෂ විදිහට රඟපාන Zain Al Rafeea බේරූට් නගරයේ වාසය කළ සිරියානු සරණාගත දරුවෙක්. චිත්‍රපටියේ දෙබස් හැඩගැස්වීමට ඔහු සරණාගත කඳවුරු වල වාසය කිරීමේදී ලැබුණු අත්දැකීම් ඇසුරෙන් දායකත්වයත් ලබා දුන්නා ලු. මේ චිත්‍රපටියේ සේන් ඇතුළු අනෙත් නළු නිලියන්ගේ, විශේෂයෙන්ම ළමුන්ගේ- බොහොමත්ම තාත්වික රඟපෑම නරඹන්නා තුළ ඇතිකරන්නේ තදබල කම්පනයක්.

සේන් වැනි කුඩා දරුවන්ට සමාජයේ තමන්ගේ පැවත්ම වෙනුවෙන් වයසට වඩා වැඩියෙන් මුහුකුරා ගිය විදිහට හැසිරෙන්නට සිදුවීමත්, ඒ කටුක බව ඇතුළත දැල්වෙන මනුෂ්‍යත්වයේ කුඩා එළි තිතත්, නොසැලෙන ගුණයත් මේ චිත්‍රපටියෙන් අපූරු විදිහට නිරූපණය වෙනවා.

Capernaum චිත්‍රපටිය 2019දී Best Foreign Language Film එකට හිමි Academy සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඒක තවත් විවිධ සම්මාන විශාල ප්‍රමාණයකට නිර්දේශ වීමත්, සම්මාන රාශියක් හිමිකරගෙන තිබීමත් පුදුමයක් නෙමෙයි.

Capernaum චිත්‍රපටයේ නැරඹුවාට පස්සේ ඒකෙ එන සේන්, සහාර්, යෝනාස් වගේ දරුවන් ලෝකය පුරා කොයිතරම් විසිරිලා ඇතිද යන සිතිවිල්ල ගෙන එන්නේ ගැඹුරු රිදුමක්.  

18 comments:

  1. Replies
    1. ඇත්තටම හොඳ නිමැයුමක් ලෙස හැඟෙනවා. ඒත් මම මේ දවස්වල ආතතිය වැඩි වියහැකි දේ බැලීමෙන් වලකින නිසා දැම්ම බලන්න බෑ.ස්තූතියි.

      Delete
    2. ඔව් බස්සා මේක 'සතුටු චිත්‍රපටියක්' නම් නෙමෙයි. පොඩි ළමයි කරදරයට පත් වෙන චිත්‍රපටි බලද්දී මටත් වැඩිපුර දැනෙනවා. ඒත් පටන්ගත්තාම ඉවරවෙනකම් නවත්තන්න හිතුනේත් නැහැ, ඒ තරමටම අගෙයි ඒ දරුවන්ගේ රඟපෑම. පස්සේ දවසක බලන්න.

      Delete
    3. ඔව් පස්සෙ හරි බලන්න වටිනවා. මෙන්න මේකත් බලනවද කියලයි හිතමින් ඉන්නෙ. ඇත්ත කතාවක්:

      https://www.youtube.com/watch?v=Olth4ypxTuI

      Delete
  2. මාත් review එකක් දාන්න හිතන් හිටපු චිත්‍රපටියක්.. දරුවාගේ ශානරයෙන් ලෝකය පේන විදිහ මනාව පෙන්වල තියෙනවා. ස්තූතියි මෙවැනි වැදගත් movie එකක් ගැන post එකක් දැම්මට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමියා. මම අඩුවෙන් චිත්‍රපටි බලන කෙනෙක්. ඒ නිසාද මන්දා දැනෙන චිත්‍රපටියක් බැලුවාම ඒ ගැන සටහනක් ලියන්න හිතෙනවා තව කෙනෙකුටත් අදහසක් ගන්න.

      Delete
  3. මේ බ්ලොග් එකේ පොඩි ප්‍රශ්ණයක් තියේ කියල හිතෙනවා. අනිත් අයගෙත් ඔහොම ප්‍රශ්ණ තිබිල හදාගත්තා. සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්න වෙලා යනවා. ඒ තුරු කෙමෙන්ට් යට රිප්ලයි කරන්න බෑ. හිටපු ගමන් බාගෙට ලියාගෙන යන කොට, පේජ් රිෆ්‍රෙෂ් වෙලා කොටපු ටික වාෂ්ප වෙනවා.

    බ්ලොග් ලේ-අවුට් එකට, ඇඩ් කරපු තර්ඩ්පාටි විජට්( ජාවා ස්ක්‍රිප්ට්) නිසයි බොහෝ විට එහෙම වෙන්නෙ. බලන්න.

    ReplyDelete
    Replies
    1. third party widgets තුනයි තියෙන්නේ මට මතක හැටියට. ඉන් දෙකක්ම quotes. අනෙත් එක අයින් කළා. ඉස්සරහටත් එහෙම ප්‍රශ්න තිබ්බොත් කියනවද බස්සා? එහෙම උනොත් (අඬ.. අඬ) ඒවා අයින් කරන්නම්. Thank you ඔත්තුවට. මම දැනගෙන හිටියේ නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙන බව.

      Delete
    2. දැන් නියමයි. ගිණි කසයා වගේ වැඩ.😊

      Delete
    3. එහෙනම් ඒක තමයි ප්‍රශ්නේ. thank you බස්සා

      Delete
  4. ප්‍රථම වතාවට මේ පැත්තට ගොඩ වෙන්නේ. ෆලෝ කරන්නත් ගත්තා. මගේ ජාතියේ තව කෙනෙකු හමු වීම සතුටක්. මගේත් මුලික උත්සාහය පරිවර්තන.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිය ගැන ඔත්තුවට ස්තුතියි. නෝ මෑන්ස් ලෑන්ඩ් බලලා ඇති නේද ? මං කැමතිම ඒකට.

      Delete
    2. Welcome සුදීක!
      මම පරිවර්තන පැත්තට කිට්ටු වුණේ මෑතකදී. ඉස්සරම කවි, පස්සේ කෙටිකතා.දැන් පරිවර්තන කවි, කතා දෙකම. බොහොම තෘප්තිමත් වැඩක් ඒකත් නේද?
      No Mans Land බලලා නැහැ. ලිස්ට් එකට දාගත්තා.

      Delete
    3. මම ට්‍රෲ ස්ටෝරි ලවර්. මේකත් එහෙමයි. මගේ අනික් ෆෙවරිට් හොටෙල් රුවන්ඩා, ඩෙෆායන්ස්, පියානිස්ට්. කලෙක්ෂන් එක ළඟ තියෙනව සී.ඩී.,

      Delete
  5. හොඳ ෆිලුමල්නෙ. සේන් සමාජය තුලම ගැවසිලා සමාජ ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න හැටි මැනවින් පෙන්වනවා

    ReplyDelete
    Replies
    1. ඔව්, හොඳට තෙම්පරාදු වෙලා සමාජයෙන්ම. worldly-wise

      Delete
  6. මේක බැලුවා සෑහෙන කාලෙකට කලින්. මේ පැත්තේ පත්තර වල කතා වුනා ෆිල්ම් එක ගැන.මලී කියනවා වගේ හැම තැනම තියන කතාවක් තමයි.

    ReplyDelete