මේ දවස්වල මෙල්බර්න් නගරය දිග ලෝක්ඩවුන් නිද්‍රාවකින් නික්මෙන්නයි ලෑස්තිය. දැනට උසස් පෙළ පන්තිවල ළමුන්ටත් විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ටත් පාසල් විවෘතයි. පාසලේ පුස්තකාලය විවෘත නිසා අපිත් මාස ගණනකට පස්සේ සුපුරුදු විදිහට වැඩට යනවා.
වැහි දවස් පේළියක්ම ගතවෙලා අද ලස්සනට අව්ව පායලා තියෙන දවසක්. විවේක කාලයේදී ඒ ඉර එළිය විඳින්න කියලා හිතලා මම ගොඩනැඟිල්ලෙන් එළියට යන්න ආවා. මේ ගොඩනැඟිල්ලට ඇතුල්වෙන්න තියෙන්නේ වීදුරු sliding door එකක්. ගොඩනැගිල්ලෙන් වැඩිහරියක් වහලත් බිත්තිත් වීදුරු. දේශගුණයට ගැලපෙන්න හදලා තියෙන නිසා මේවායේ ජනේල අරින්න බැහැ. මම දොර කිට්ටුවට යද්දී අමුතු දසුනක් දැක්කා. විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායමේ දැරියක් දොර ළඟ එහෙ මෙහෙ දුවමින් මොකක්දෝ කරන්න මහන්සි වෙනවා. ටිකක් කිට්ටු වෙද්දි මම දැක්කා අතරමං වෙලා ගොඩනැඟිල්ල ඇතුළට ආව කුරුල්ලෙක්. හැමතැනම තියෙන වීදුරු නිසා රැවටුණු කුරුල්ලා එළියට පියාඹන්න උත්සාහ කරමින් වහලේත් බිත්ති වලත් හැපෙමින් හිටියා. දොර sensory දොරක් නිසා ඒක ළඟ කවුරුවත් හිටගත්තේ නැත්නම් ඒක ඉබේම වැහෙනවා. දැරිය කුරුල්ලාට ඒ පැත්තට පාර පෙන්නද්දී දොර වැහිලා ඉවරයි.
මොහොතක් බලාගෙන ඉන්දැද්දී මට මේ ගැටලුව තේරුණා.
"I will stand by the door" මම කීවා.
ඈ මට ස්තුතිවන්ත හිනාවක් පෑවා.
ඉන්පස්සේ මේ වැඩේ ලේසි වුණා. දොර ඇරෙද්දී මම ටිකක් බිත්තියට මුවා වුණේ ඒ වෙද්දීත් හොඳටම බයවෙලා හිටිය කුරුල්ලාව තවත් බය නොකරන්න. අපේ පුංචි සැලසුම සාර්ථක වුණා. දැරිය පාර පෙන්නුවාම කුරුල්ලා විවර දොරෙන් එළියට ඉගිලිලා ගියේ විදුලි වේගයෙන්.
"He is free!" ඈ මට කීවේ ලොකු හිනාවක් එක්ක.
අඳුරු කාල අතරේ ඉර එළිය දිලිසෙන දවස් තියෙනවා. සමහර වේලාවට ඒ ඉර එළිය හිනාවක්, වචනයක්, පුංචි කරුණාවන්ත ක්‍රියාවක් හැටියට වෙස් වලාගෙන එන්නත් පුළුවන් බව අමතක කරන්න නරකයි.
අඳුරු කාල අතරේ ඉර එළිය දිලිසෙන දවස් තියෙනවා. සමහර වේලාවට ඒ ඉර එළිය හිනාවක්, වචනයක්, පුංචි කරුණාවන්ත ක්‍රියාවක් හැටියට වෙස් වලාගෙන එන්නත් පුළුවන් බව අමතක කරන්න නරකයි.///
ReplyDeleteඑකෙන්ම.
ඒත් මම පෙරෙයිද අත් වින්ද දෙයක් කියන්නම්.
මම වීල් එකේ එනව පොඩි ගමනක් ගොහිං . ඈතට දැක්ක වාහන එහෙ මෙහෙ කරන් යනව. කිට්ටු වෙද්දි තමා දැක්කෙ ඇටිකුබ්බෙක් පාරෙ වැටිල ඉන්නව. ආව වේගෙට එක පාර නවත්තගන්න බැරි නිසා ඉස්සරහින් නවත්තල මම බැහැල බැලුවෙ උට පණ.තිබ්බ නිසා.
ළඟට යද්දි සාමාන්‍යයෙන් මොන තුවාල.තිබුණත් සතෙක් ඈතට යන්න බලනව. මූ ඒම නෑ. සමහරවිට ක්‍රිටිකලි ඩැමේජ් වෙලා වෙන්න ඇති. කෝම හරි මම නවත්තල ඇවිත් බලනව දැකල එතනම තිබ්බ ගෙදරක ඇන්ටි කෙනෙකුත් ඇවිත් බලල සතා තුවාල වෙලා වෙන්න ඇති කියල ගේ ලඟ තිබ්බ අරලිය ගහක් උඩින් තියල යන්ට කිව්ව. මටත් ඒ වෙලාවෙ කරන්ට දෙයක් නෑ. මම කිව්ව ටිකක් බලන්ට කියල. නමුත් මොනව වුණාද දන්නෑ. තනියෙන් කුරුල්ලෙක්ව වීල්ලෙකේ දාගෙන එන්ටත් බෑ. කරන්න දේකුත් නෑ.
නමුත් පස්සෙ හිතට ෆුල් අවුල්. ඒත් කිලෝමීටර් පණහක් හැටක් ආපහු යන්නත් බෑ. මොනා වුණාද දන්නෙත් නෑ. 😔😔
ලංකාවේදී ඔහොම සත්තු කිහිපයක්ම බේරලා තියනවා. එක පාරක් ඉබ්බෙක් බේරන්න යද්දී එක මහත්මයෙක් ගෙන් බේරෙන්න බැහැ ගෙනියන්න දෙන්න කියල මරල කන්න. මෑන් යනකම්ම මම එතන හිටිය.
Deleteමහේෂ් සමහර විට ඌට හානියක් උනේ නැතිව ඇති. සත්තුන්ට අනතුරක් උනාම ෂොක් එකටත් එක්ක ඔහොම හෙල්ලෙන්නේ නැතිව ඉන්නවා. එහෙම හිතාගමු!
Deleteඅජිත්- ලංකාවේදී ඔහොම ඉබ්බෝ පාරවල් අයිනෙන් මතුවෙනවා මම අහලා තියෙනවා. වැඩියත්ම තාරකා ඉබ්බෝ. ඔහොම හම්බවුණු ඉබ්බෙක්ව වැඩි හොඳට වතුරට දාපු කෙනෙක් ගැනත් මම දන්නවා :D (වතුරේ ඉන්නේ ඉබ්බා නෙමෙයි කැස්බෑවා කියලා අමතක වෙලා!) පාරේදී හම්බවුන ඉබ්බා මරලා කන්න ලෑස්ති උන මහත්තයා ආයෙත් ආවාද දන්නේ නැහැ ඉබ්බා හොයාගෙන.
ඒකනම් දන්නේ නැහැ. ඒත් ඌ කැලේ ඇතුළට යනකන් අපි හිටියා
Deleteඉබ්බගෙ සිංදුව
Deletehttps://www.youtube.com/watch?v=_9Z0T6HmlAo
තාරකා ඉබ්බො නං කන්න බෑ කියනව. බොහෝ දුරට රසයේ වෙනසක් හෝ විස සහිත නිසා. ඒ නිසා මම මැදිරිගිරිය පැත්තෙදි දැකල තියේ බස් වලට ඒම අහුවුණ තාරකා ඉබ්බො. කවුරුවත් ගෙනියන්නෑ. ක්ෂණිකව මරණයට පත් වෙනව ඇති.
Deleteඅනික් උංව නං දුටු තැන ඩිෂුම් තමා. 😒😒
//"He is free!" ඈ මට කීවේ ලොකු හිනාවක් එක්ක//
ReplyDelete+++++++++++++++👌🙏😊
ස්තූතියි බස්සා
Deleteහරිම අපූරු සිද්ධියක්.
ReplyDeleteසිද්ධිය ඉතාමත් සරල දෙයක් වූවත් දැරියගේත් ඔබගේත් සමාන අදහස්, සත්ත්ව කරුණාව සහ තැනට සුදුසු නුවණ යන සියල්ල එකවර ක්‍රියාත්මක වී තිබීම මෙම සිද්ධියේ විශේෂත්වයක්. ඒ වගේම සරල සිද්ධිය සිත් ඇදගන්නා ආකාරයට ගලපා ප්‍රකාශනයත් ඉස්තරම්.Blogs ලිවිම යළි ගොඩ ගැනීමට දරණ උත්සාහයට ස්තුතියි.
තාත්තා - මේ කරදර කාලේදී පුංචි ධනාත්මක සිද්ධියක් හරි දකින්න අහන්න තියෙන එක හොඳයි කියලා හිතුණා.
Deleteසත්ව කරුණාව ගැන විතරක් නෙමේ ඒ සරල ක්‍රියාව වුනත් empathy එක ගැන හොන්ඩ ආදහ්සක් දෙනවා.
ReplyDeleteඅජිත්- ඔව්, අපි හිතන්නේ නැති විදිහට මේ දරුවන්ට අනිත් අයගේ දුකේදී හිත උණු වෙනවා. එයාට ලේසියෙන්ම ඒක නොකර ඉන්න තිබුණා.
Deleteඔබ මට පෝස්ට් එකක් ලියන්න මගේ මතකයක් අවදි කලා! ස්තූතියි එයට! අනාගතයේ එය ලියන්නම්! කොහොම උනත් සහකම්පනය කියන දේ සමාජයක යහ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්! ලස්සන කථාවක්!
ReplyDeleteලියමු ලියමු- අපිත් එන්නම් කියවන්න :)
DeleteThanks Pra Jay
ReplyDeleteමටත් දැන් හිතෙනව, අලුත් පෝස්ට් ලියන්න හොඳම අදහස් එන්නෙ අනිත් අයගෙ පෝස්ට් කියවීමෙන් කියලා.🤔
ReplyDeleteමුලින්ම කියවනවා, ඊළඟට ඉන්ස්පයර් වෙලා ලියනවා. අපිත් එහමයි පටන් ගත්තේ :)
DeleteGood story, even I am waiting for lock-down to be over, looks like we are getting lock-down light from today in Canberra.
ReplyDeleteHopefully we will be free soon in Melbourne too. counting down!
Deletehm..................
ReplyDeleteඅයියෝ නමියෝ හ්ම් කියන්නද මෙච්චර දුර කතර ගෙවාගෙන ආවේ? :D
Deleteනමියා හ්ම්, වැට දෙකටම කොපි රයිට්ස් තියෙන්නෙ ප්‍රාජේට. මේක "හ්ම්" අවභාවිත කිරීමක්.😂🤣. හ්ම් පාවිච්චි වෙන්නෙ, ආත්මාරක්ෂාවට, ඔය දේශපාලන ලිපි වගේ "දැලි පිහියෙන් කිරි කන" ඒවට.
Deleteහ්ම් = ඕකේ, බට් නොට් මයි කප්පා ටී , කියලයි බොක්සරයා කිව්වෙ( එයැයි බුරන්නෙ ඉංග්‍රීසියෙන්)
ඒත් නමියටත්,කියාගන්න බැරි දුක්මුසු කතාවක් මතක් වුනා නං, ඒ අවස්තාවත් හරි.🤔
'සමහර වේලාවට ඒ ඉර එළිය හිනාවක්, වචනයක්, පුංචි කරුණාවන්ත ක්‍රියාවක් හැටියට වෙස් වලාගෙන එන්නත් පුළුවන්' හරිම ලස්සනයි ඒ කොටස. අපිට නිතරම අමතක වෙන්නෙත් ඒකමයි.
ReplyDeleteඔව් ලෝටස්, ඒ නිසාමයි බොහොම පුංචි කතාවක් වුණත් මේක ලියන්න හිතුණේ
Delete