December 28, 2017

measuring time




















fifty centimetres
no more and no less
that is what you were
the day you arrived
on a distant winter morn

fifty centimetres
of pure wriggling joy
just the right size 
to hold-to soothe
in the crook of an arm
to cuddle- to clasp
close to a heart

but look at you now!
almost my height
'bend a little Amma..
so that I look tall!'
you whisper as we pose

seems just yesterday
I was rocking you to sleep
seems just this morning
I watched your tottering steps

time flies in moments
that I know for sure
in a swift blurry motion
ten years are gone
but as we stand close
side by side like this
heads almost touching

I realise anew
time flies now
in centimetres too!


at Lysterfield Lake, Melbourne- Dec, 2017




December 25, 2017

ගුරුවර මතක


'මිස් ට මාව මතකද?' 'සර් ට මාව මතකද?'

ඕනෑම ගුරුවරයෙකුට ජීවිතයේ එක් වරක් වත් අසන්නට ලැබෙන ප්‍රශ්නයකි මේ. මීට අසන්නා බලාපොරොත්තු වෙන පිළිතුර නම් ..'ආ.. ඔව්.. මේ අහවල් පන්තියේ හිටිය අහවලා නේ!' යැයි-නම් ගම් දින වකවානු සහිත විස්තරයකි. ඇත්තම කතාව නම් මේ ගුරුවරයාට බොහෝ විට මේ සිසුවාව, සිසුවියව මතක නැත. පාසැලෙන් ඉවත්වී බොහෝ කල් ගතවී නම් කොහෙත්ම මතක නැත. එහෙත් මූණ බලාගෙන එසේ කිව නොහැකි නිසා 'ඔව්.. ඔව්.. මතකයි!' කියා ගුරුවරු කියති. වසර තිහකට අධික කාලයක් ගුරු වෘත්තියේ යෙදුණු මගේ මව අනන්තවත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙනු මම දැක ඇත්තෙමි. මෙවැනි ප්‍රශ්න ඇතැම් විට අසන්නේ ආදි සිසුවා හෝ සිසුවියම ය. නැත්නම් ක්ෂණික ප්‍රගති වාර්තාවක් බලාපොරොත්තු වන වර්තමාන ශිෂ්‍යයෙකුගේ දෙමව්පියෙකි.

'සාමාන්‍යයෙන් ගුරුවරුන්ට මතක හිටින්නේ පන්තියේ හොඳටම වැඩ කරපු ළමයිනුයි හොඳටම දඟ කරපු ළමයිනුයි විතරයි. අතරමැද අයව අවුරුදු ගාණක් මතක හිටින්න මොකක් හරි විශේෂ දෙයක් වෙන්නම ඕන!' අම්මා වරක් මට ඒ මතක/ අමතක සූත්‍රය පැහැදිලි කළා ය. ඒ තර්කය පදනම් කරගෙන බොහෝ විට ඈට මතක නැති සාමාන්‍ය අතරමැද වර්ගයේ සිසුන්ට 'ඔව් ඔව් ඔයා මතකයි.. කොහොමද පුතා?' කියමින් හෝ ප්‍රශ්නය ඇසුවේ දෙමව්පියෙක් නම් 'ආ ඔව් ප්‍රියංවදා මට මතකයි.. තව ටිකක් ඉස්කෝලේ වැඩට මහන්සි වෙන්න කියන්නකෝ!' වැනි මධ්‍යස්ථ දෑ කීවා ය. අම්මා මා ලැබෙන්නට රෝහලට ඇතුළු වී විලි රුදා විඳිමින් අඩ සිහියෙන් පසු වෙද්දී ඈ අසල උන් හෙදියක් 'මිස් මගේ පුතා මිස්ගේ පන්තියේ ඉන්න අහවලා- එයාගේ වැඩ කොහොමද?' කියා ඇසු බව අදටත් ඈ  මතක් කරන්නේ සිනාසෙමිනි. 

මෑත දිනකදී මට මගේ හත වසරේ පන්ති භාර ගුරුතුමිය මුණගැසුණි. අප පාසලේ ආදී ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළ හමුවකට ඈ පැමිණ සිටියා ය. වසර විසි අටකට පෙර සිටි ලෙසම ඈ එදාත් බොහොම සැහැල්ලුවෙන් සිනාසෙමින් සිටියා ය. ඈ ප්‍රමාණයෙන් පුංචි වී ඇති බවක් පමණක් පෙනුණු අතර ඈ හා බලද්දී අප නම් බෙහෙවින් වයසට ගොස් ඇති බවක් හැඟිනි. ඈ වටා රොක්ව අප කතා කරද්දී අන් අය මෙන් ඈට මා මතකදැයි මා නොවිමසුවේ අම්මාගේ අත්දැකීම් මතක් වූ නිසායි. මෙතරම් කලකට පසු හමුවී ඈ අපහසුතාවයට පත් කරන්නේ කුමකටදැයි මට සිතුනි. එහෙත් මා නොවිමසාම 'මට හෙල්මලී ව නම් මතකයි!' යැයි ගුරුතුමිය මගේ නමද සඳහන් කර පැවසුවේ මා අනපේක්ෂිත ලෙසයි. ඈට මා මතක අර මතක/අමතක සුත්‍රයේ කුමන කරුණක් නිසාදැයි ඇගෙන් අසන්නට නම් මට ධෛර්යයක් නොවීය.  හත වසරේදී ඈ ට මතක හිටින සේ පාසැලේදී සුවිශේෂ දස්කමකටවත් කිසිම  බාල්දි පෙරලා ගැනීමකටවත් මා සම්බන්ධ නොවූ බව සිහි කරගත් මා, ඈට මෙතරම් කලකට පසුත් මා මතක ඇත්තේ නිතර අසන්නට නොලැබෙන මගේ අමුතු නම නිසා විය යුතු යැයි හිත හදා ගත්තෙමි. 

සාමාන්‍යයෙන් ගුරුවරුන්ට අප මතක නැත්තේ අප ඔවුන්ගෙන් ඉගෙනගන්නා දස දහසකින් එක් අයෙක් වන බැවිනි. එහෙත් මතකය අවුස්සා බැලුවහොත් පුංචිම පන්තියක ඉගැන්වූ ගුරුවරයෙක් හැරුණු කොට අන් සියලු දෙනාගේම හැඩ රුව, නම ගම, විශේෂ චරිත  ලක්ෂණ ආදිය වැඩිහිටි වියේදීත් කටපාඩමින් කියන්නට අප බොහෝ දෙනාට හැකියාව තිබෙන බව සොයාගත හැක.

අපට පාසැලේදී චිත්‍ර ඉගැන්වූ ගුරුවරිය ද මෙලෙස සදා මතකයෙන් නොමැකෙන චරිතයකි. හැමදා පෙනුම එක ලෙසම වූ ඇය අප ඇගෙන් උගත් කාලයේදී ත් විශ්‍රාම යන වයසේ පසු වූ බව පෙනුණත්, අප පාසැලින් ඉවත් වී තව බොහෝ කල් යන තුරුත් පාසැලේ එකම චිත්‍ර ගුරුවරිය ලෙස සිය බලපරාක්‍රමය පතුරවමින් සිටියා ය. චිත්‍ර මිස් සතුව චිත්‍ර විෂය සිද්ධාන්ත ඇතුළත් පොතක් විය. චිත්‍ර කාමරයට පන්තියක් රැස් වූ විට ඒ පොතෙන් අහඹු පිටුවක් තෝරා ලියාගන්නැයි අණ කර විෂය කරුණු හඬ නගා කියවීමට ඈ පුරුදු ව සිටියා ය. ඉතින් මේ අහඹු තේරීම නිසා එක දවසක කළ පාඩම ඊළඟ දවසේ කළ පාඩමට කිසිම සම්බන්ධයක් තිබුණේ නැත. ඒ ගැන විරෝධය පළ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වූ නිසා අප අණ පරිදි එකිනෙකට අසම්බන්ධිත විෂය කරුණින් පොත් පුරවා ගතිමු. 

මීට අමතරව චිත්‍ර මිස් සිසුවියන්ගේ චිත්‍ර සඳහා ලකුණු දීමට මහත් මැලිකමක් දැක්වූවාය. කෙතරම් මහන්සි වී ඇඳි චිත්‍රයකට වූවත් ඈ දුන්නේ ලකුණු සියයෙන් විස්සක් විසිපහක් පමණි. මෙය මුළු පන්තියටම  එක සේ බලපාන ලදී. මේ කරුණත්, සිද්ධාන්ත සඳහා අපට ඇගෙන් ලැබුණු ‘මහා දැනුම් සම්භාරයත්’ නිසා වාර පරීක්ෂණ වලදී අපට චිත්‍ර සඳහා මුළු ලකුණු පනහක්වත් ගැනීම දුෂ්කර විය. නැටුම්, සංගීතය ආදී වෙනත් සෞන්දර්යය විෂයයන් හදාරන සිසුවියන් ඇති පන්තියක ‘චිත්‍ර ළමයින්ගේ’ මුළු ලකුණු ප්‍රමාණය මේ නිසා සදා අඩු වූ අතර අපට පන්තියේ පළමු, දෙවෙනි ආදී තැන් ලබා නොගන්නට චිත්‍ර මිස් වක්‍රව දායක වූයේ එලෙස ය. මේ සියලු කාරණා නිසා අපට චිත්‍ර මිස් ‘එපා කරපු චරිතයක්’ විය යුතුව තිබුණත් එසේ වූයේ නැත. නිතරම සිනාමුසු මුහුණින්, විහිළුවෙන් පසුවීම සහ ඈට ම ආවේනික වූ සොඳුරු බැනුම් ශෛලිය නිසා ඈ අප ප්‍රිය කළ ගුරුවරියක් විය. ඈ කිසිදිනෙකවත් කේලම් කියා අපගේ දඟ වැඩ ඉහළ තැන් වලට වාර්තා කළේ නැත. අපට දඬුවම් කළේ ද නැත. ඇතැම් දිනවල චිත්‍ර පාඩම ඇරඹීමට පෙර ඈ ‘බලා ඇඳීමට’ සුදුසු ලොකු කොළ ඇති අත්තක් පාසැල් වත්තෙන් සොයාගෙන ඒමට සිසුවියන් දෙදෙනෙක් පිටත් කර යවයි. ඒ දෙදෙනා කොළ අතු ගෙනෙන්නේවත් නැවත ඒ කාල පරිච්ජේද දෙක තුළ දකින්නට ලැබෙන්නේවත් නැත. පැය කාලකට පමණ පසු ඒ දෙදෙනා සොයන්නට වෙනත් සිසුවියන් දෙදෙනෙකු යවනු ලැබේ. ඒ දෙදෙනාගේ ද කිසිදු සලකුණක් නොමැති වන අතර චිත්‍ර පන්තියම කෑ කෝ ගසමින් පසුවෙයි. තවත් පැය බාගයකට පමණ පසු ඉවසීමේ සීමාව ඉක්මවන චිත්‍ර මිස් චිත්‍ර කාමරය අසල මදටිය ගසෙන් අත්තක් කඩා හිස් ජෑම් බෝතලයකට දමා මේසයක් මත තබා ‘අඳින්න!’ යැයි පන්තියට අණ කරන්නීය. පන්තියේ ඉතිරි වූ සිසුවියන් ඇඳීමට දුෂ්කර, කුඩා පත්‍ර සහිත මදටියා අත්ත අඳින්නේ අතු ගෙනෙන්නට ගොස් පලා ගිය සගයන්ට යටිසිතෙන් සාප කරමිනි. මෙය නිරතුරුව නැවත නැවතත් සිදු වූ අතර චිත්‍ර මිස් මින් පාඩම් උගත් බවට ලකුණු තිබුණේ නැත. මේ නිසා චිත්‍ර පන්තියේදී මිස් ගේ පණිවිඩ සඳහා අප ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ඩෙස් පුටු ද පෙරළමිනි.


දශක කීපයකට පසුවත් මතක් වෙද්දී සිතේ අපුලක් දනවන ගුරුවරුද අපට නොසිටියා නොවේ. පුරුද්දක් වශයෙන් සිසුවියන්ගේ සිත් රිදවූ, නිකරුණේ බැන අඬ ගැසූ, අසාධාරණ ලෙස දඬුවම් කළ මෙවන් ගුරුවරියක් අප පාසැලේ ද විය. ඈ නිතරම උත්සාහ කළේ කුමක්දෝ ඇරියස් එකක් සිසුවියන්ගෙන් පිරිමසා ගන්නට ය. කොහෙන් හෝ ලද සිල්ලර ඔත්තුවක්, කේලමක් අතැතිව සුළි කුණාටුවක් සේ පන්ති වෙත කඩා වදින ඇය ඉතා අප්‍රසන්න ලෙස වරු ගණනක් බැන වැදී. පන්තියම සිටුවා තබයි. බොහෝ විට ඒ දඬුවම කුමන වැරද්දක් උදෙසා දැයි අප දැන සිටියේ නැති අතර ඇගේ බැනවදීම් වලින් එය පැහැදිලි වූවේද නැත. එකට එක නොකියමින්, මෙවැනි දඬුවම් ආදියෙහි හරි වැරදි නොසොයමින් අප ගත කර ඇත්තේ ඉතා කීකරු පාසැල් දිවියක් බව වැටහෙන්නේ දැන් ය. එහෙත් මේ ගුරුතුමියගේ බලය පැවතුනේ සාමාන්‍ය පෙළ පන්ති දක්වා පමණක් වූ අතර ඇය උසස් පෙළ පන්තියකට මෙවැනි සෙල්ලම් දැමුවේ නම් තත්ත්වය මීට වෙනස් වන්නට ඉඩ තිබිණි. වරක් මේ ගුරුතුමියට ‘අද උදේ සුදු ළමයෙක් ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් බස් හෝල්ට් එකක පිරිමි ළමයෙක් එක්ක කතා කර කර හිටියා’ යැයි ඔත්තුවක් ලැබී ඇත. මෙහි කිසිම චෝදනාවකට සෑහෙන තරමේ සාක්කි නොතිබුණත් ඈ කළේ ඇගේ සිතේ යම් සැකයකට බඳුන් වූ පාසැලේ ‘සුදු ළමයි’ සියලු දෙනා ගුරු කාමරය අසලට ගෙන්වා පස් පඩංගුවේ බැන වැදීමයි. මේ පහත් වූයේ කවර හෙණයක් දැයි නොදත් ඇතැම් සිසුවියෝ මහා සෙනඟක් ඉදිරියේ නිකරුණේ අපකීර්තියට ලක්වීම නිසා කඳුළු සලන්නට වූහ. කඳුළු = වරදකාරීබව යැයි ඇදහූ මේ ගුරු උත්තමිය තව තවත් පන්නරය ලැබ බැනුමේ තීව්‍රතාවය වැඩි කළා ය. පසුව ආරංචි වූ පරිදි එකී චෝදනාවට අයත් සිසුවිය ඒ බැනුම් ඇසූ කණ්ඩායමේ හිඳ වත් නැත. එහෙත් මැයට එවැනි සිල්ලර කාරණා වැදගත් වූයේ නැති අතර සමාව ඉල්ලීම සඳහා වචන ඇගේ ශබ්ද කෝෂයේ නොතිබුණි.


මා නම් එකම වරක් මේ ගුරුතුමියගෙන් දඬුවම් ලැබුවේ පාසලේ පැවති රීතියක් කඩ කිරීම නිසා බැවින් ඒ ගැන ඉතිරි වූ හිත් අමාරුවක් නැත. එකල අප පාසලේ හැම දිනකම, හැම පන්තියකම ගුරු මේසය මත ඇති මල් බඳුන මලින් පුරවා තිබිය යුතු යැයි ද, බුදු පුදට මල් පීරිසියක් තිබිය යුතු යැයි ද රීතියක් විය. මේ සඳහා පාසැල් බිමෙන් මල් නෙලීම සපුරා තහනම් වූ අතර නීති කඩ කිරීම පන්තියම දඬුවම් ලද හැකි වරදකි. මෙම රාජකාරි, කණ්ඩායම් ක්‍රමයට පන්තිවල සිසුවියන්ට පවරා තිබුණද සියයට සියයක් සාර්ථකව කෙරුණේ නැත. අප නම් පාසැල් එන්නට නිවසින් පිටවන වෙලාවට මල් පිපී තිබුණේවත් නැත! කෙසේ හෝ වරක් පන්තියේ එකදු මලක් නැතිව මල් ගේන්නට නියමිත කෙනෙක්ද නැති දිනයක් තිබිණි. එදා 'කෙසේ හෝ මල් සොයාගැනීමට' මා වගකීම බාර ගත්තේ ඇයි දැයි මට දැන් මතක නැත. සමහරවිට ඒ වෙද්දී මට පන්ති නායිකා පට්ටමක් තිබෙන්නට ඇත. එක් නීතියක් සපුරාලීමට තවත් නීතියක් කැඩීමට උත්සුක වූ මම පන්තිය අසල තිබුණු අරලියා ගසට නැග්ගේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට ය. අරලියා මල් බුදු පුදටත්, මල් බඳුනටත් දෙකටම සුදුසු වූයේ වාසනාවකටයැයි මට සිතෙන්නට ඇත. එහෙත් ගසට නගින්නට තිබුණු මගේ කලබලය නිසා ඉහත සඳහන් දරුණු ගුරු තුමිය ගස මුලට එන තෙක් මා දුටුවේ නැත. 

'බා....හින්න කිව්වෙ බි..මට! මෙතැන ගෙදරින් මල් ගේන්නේ නැතිව.. කොල්ලෝ වගේ ගස් උඩ නැගගෙන...ඉස්කෝලේ තියෙන මල් ටික හූර හූර..උගන්නන්නම් අද හොඳවැයින් පාඩමක්!!"

ගුරුතුමියගේ ගෝරනාඩුවෙන් උඩ විසිවූ මා අරලිය ගසින් බිම නොවැටී බේරුණේ අනූ නමයෙනි. හොර බැළලියක සේ මා ගසින් බැස්සේ ඒ වෙද්දී බාගෙට කඩා තිබුණු අරලියා මල් ඉත්තද කඩාගෙනම එය අතැතිව ය. අනිවාර්යයෙන් බැනුම් අසන්නට නියමිත නම් ගිය කාරිය හෝ සම්පූර්ණ කර ගත යුතු බව මගේ කුඩා මනසට සිතෙන්නට ඇත. එදා මා නිසා අප පන්තියම ‘පැය බාගයක් සිටගෙන සිටින්නට’ දඬුවම් ලැබූ අතර මට අමතර දඬුවමක් ලෙස උප විදුහල්පතිනිය හමුවන්නට අණ ලැබිණි. උප විදුහල්පතිනිය කාරුණික හදැත්තියක් වූ අතර මා විසින්ම මගේ චෝදනා පත්‍රය විස්තර කරද්දී ඈ එය අසා සිටියේ සිනහව තද කරගෙන ය.

“හරි හරි ආයෙත් අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා.. දැන් පන්තියට යන්න!’ යැයි කියා ඈ මා නිදහස් කළ අතර ‘අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා’ සහ ‘ ඔය වගේ වැඩ කරලා අහුවෙන්න එපා’ යන වැකි දෙක අතර ඇති වෙනස ගැන කල්පනා කරමින් මම එක පිම්මේ පන්තියට දිව ගියෙමි. එදා එලෙස මඳ ප්‍රමාද දෝෂයක් සිදු වුවද මා නෙලූ අරලියා කිනිත්ත මල් බඳුනේ රැඳුනි. 

අප වැඩිහිටියන් වූ පසුත් මේ තතු ඉතා පැහැදිලි මතක ලෙස පවතින්නේ ඒවා සිතේ කා වැදී ඇති නිසා ය. ආපසු හැරී බලද්දී අප බෙහෙවින් ආදරය කළ ගුරුවරුන්ට අන් අය අතරින් ඒ සුවිශේෂී තැන හිමිවූයේ ඔවුන් අපට සලකන ලද ආකාරය නිසායි. ළමුන්ගේ ගැටළු ආදියට ඇහුම්කන් දෙමින්, ඒවාට විසඳුම් සොයමින්, සරලව විෂය කරුණු පහදමින්, සිනහවෙන් විහිළුවෙන් අප පාසැල් කාලයෙන් වසරක් දෙකක් හෝ පිරවූ එක් ගුරුවරයෙක් හෝ නොලැබූ කෙනෙක් නැත. අතරින් පතර හරියාකාරව තම රාජකාරිය නොකරන හෝ සැර පරුෂ කමින් සිසුන් පෙලූ ගුරුවරුන් සිටියද ඔවුන්ගෙන් අපි අඩුම තරමේ පසු කලෙකදී සමාජයේ මුණ ගැසෙන්නට නියමිත නා නා ප්‍රකාර චරිත ගැන පෙර පුහුණුවක් ලැබුවා වෙමු. අප නොදන්නවා වුවද එකල අපගේ ගුරුවරු ඔවුන්ගේ කතාබහේදී මතකද අහවලා.. පුදුම වදයක් ඒ දවස්වල තිබුණේ එයා ඉස්කෝලේ ඉන්නකම්!’ යැයි අපව ආදරයෙන් සිහිකරන්නට ද ඇත!  



photo-popularmechanics

December 21, 2017

තාත්තා ලියූ පොත

මට මතක ඇති කාලයක සිට තාත්තා ගතකළේ ඉතා කාර්ය බහුල දිවියකි. රාජකාරිය අකුරටම සිදු කිරීමට තිබුණු කැපවීම නිසා තාත්තා ගෙදර සිටි කාලය අඩු විය. එහෙත් ගෙදර ගත කළ සීමිත කාලය තුලදී ඔහු අපට යමක් කියා දීමට අමතක කළේ නැත. මිදුලේ පැළයක, ගසක විස්තරයක්, කෘමියෙක්ගේ, කුරුල්ලෙකුගේ තොරතුරක්, වෙසක් කූඩුවක් පිළිවෙලට බඳින හැටි, නොලිහෙන ගැටයක් ගැට ගසන හැටි එකල ඉතා ඉවසිල්ලෙන් තාත්තා අපට කියා දුන්නේ ය. 

ජීවිතයේ හත් වන දශකයේදී තාත්තා පොතක් පළ කර ඇත. 'පරිසරය නිවැරදිව දකිමු' නම් එය පාසැල් විද්‍යා විෂය නිර්දේශයට පරිබාහිර කියවීම් පොතකි. මෙය ලියන ලද්දේ වසර දෙකහමාරක් වැනි කාලයක් ඇතුලත ය. තාත්තා ට සිංහල අකුරු පරිගණකයෙන් ලියන්නට පුංචි මඟ පෙන්වීමක් කළ නිසා මටත් ඒ පොත පළකිරීමේ ආඩම්බරයෙන් ඉතා කුඩා කොටසකට හිමිකම් කිව හැක. එකල මා බොහෝ දේ ඉගෙනගත්තේ තාත්තා ගෙනි. වසර ගණනක් ගත වී තාත්තා ට යමක් කියාදෙන දිනයක් එළඹේ යැයි මා කිසිවිටකත් සිතා සිටියේ නැත. එහෙත් තාත්තා දෙයක් කියා දුන් සැණින් මතකයේ රැඳෙන, යළි යළිත් අභ්‍යාසයෙන් එය ප්‍රගුණ කරන, නව අත්හදාබැලීම් ආදියට නොපැකිලෙන සිසුවෙක් නිසා ඒ කාර්යය මට ඉතා පහසු විය. ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී පදිංචිය සඳහා රටකින් රටකට සංක්‍රමණය වූවත් ඒ තරම් දැවැන්ත වෙනසකින් වුව මනසින් නොවැටී, අලුතින්ම උගත් පරිගණක ක්‍රම යොදාගෙන මෙවැනි පලදායී කටයුත්තක නිරත වන්නට හැකි අය විරල බව මම දනිමි. දත්ත, වගු, රූපසටහන් ආදියෙන් පරිපූර්ණ තාත්තාගේ පොත, ඒ සඳහා වැය වූ කාලය පිළිබඳව ඉඟියක් සපයයි. පොත ලිවීමෙන් නොනැවතී ඔහු අධ්‍යාපන රසකතා නමින් රසවත් මෙන්ම හරවත් බ්ලොගයක් ද පවත්වාගෙන යයි. මෙතෙක් කල්  කාල වේලාව මඳ කමින් නොලීවා මිස ඔහුට ලේඛන කලාවේ දස්කම උපතින් තිබුණු බව එහි ලිපි කියවද්දී පැහැදිලි වෙයි. 

අලුත් දෙයක් අත්හදා බැලීමට, පලදායී දෙයක් ලොවට දායාද  කිරීමට අප ප්‍රමාද වැඩි යැයි කිසි විටෙකත් සිතිය යුතු නැති බව තාත්තා ලියූ පොත සාක්ෂි දරයි. එබැවින් තාත්තා අපට තවමත් බොහෝ දේ උගන්වමින් සිටියි. 



December 19, 2017

පුංචි ගමන්කරු



















































Five hours since the cut
They carry you in- a little grandee
Dewy as a bud, black hair combed
Perfumed eau de cologne

I count your fingers,
Eye your bunched fists, perfect skin
A finished work-wrapped white
Your own person

I missed your first cry
Now you are here separate, defined
My stomach twists knives
As I try to hold you, skin against skin
 Little voyager
In from your cloud
Quickly I claim you

As I will again and again

-Katherine Gallagher

දිනමිණ වසත් සුළඟ 19/12/2017




December 16, 2017

2017දී චැලේන්ජ් දිනන්න පොත් කියවීම!

'ඉසබෙලා අහනවා ජෝන් ග්‍රීන් ගේ අලුත් පොත නැද්ද කියලා.. ඉක්මනටම ඒක ගන්න ඕන.. ගිය සතියේත් ළමයෙක් ඇහුවා..'

'අර අලුතින් ගත්ත ක්‍රිස්ටිනා ලොරේන් ගේ පොත ළමයින්ට දෙන්න කලින් මම කියවලා ගැලපෙනවාද බලන්න ඕන, දැන්ම එළියට දාන්න එපා'

පුස්තකාලයක රාජකාරි කරන නිසා මට නිතරම අහන්න ලැබෙන්නේ, සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පොත් ගැන මේ වගේ කතාබහට. පොතක් හොඳද, නැද්ද... සමහර වයස් මට්ටම් වලට ගැලපෙනවා ද නැද්ද.. වගේ දේවල් පුස්තකාලයේ අපි නිතර කතාවෙනවා. මේ වගේ තීරණ ගන්න ඉතින් ඒ පොත් කියවන්නම වෙනවා. ඒ නිසා පොත් කියවන එක මගෙත් රාජකාරියේ කොටසක් කියන්නත් පුළුවන්. ඒත් මම නම් හැමතිස්සෙම නැඹුරු වුණේ කියවිය යුතු පොත් වෙනුවට මම කැමති පොත් කියවන්න. ඒනිසා සමහර වෙලාවට සමහරු ඉහළින්ම වර්ණනා කරන පොතක් වුණත් මට කියවද්දී අප්‍රසන්න වුණොත් මම අත ඇරලා දානවා. සමහර වෙලාවට පුස්තකාලවල අපි පාවිච්චි කරන '50 page rule' එක, ඒකියන්නේ අත් අරින්න කලින් පිටු පනහක් වත් කියවලා පොතට පොඩි චාන්ස් එකක් දීලා බලන්න කියන රීතිය වත් මම පිළිපදින්නේ නැහැ. කියවන්න ඕන තරම් පොත් තියෙද්දී අමාරුවෙන් දුක් විඳගෙන හොඳ නැති පොතක් කියවන්නේ මොකටද කියලා වෙන්න ඇති මගේ ඒ නොඉවසිල්ල මුලින්ම ඇති වුණේ. ඒ නරක පුරුද්ද නිසා සමහර හොඳ පොත් මට මඟ ඇරෙනවා කියලා මගේ 'කියවන යාලුවෝ' පෙන්නලා දුන්නට පස්සේ මම දැන් නම් ටිකක් නම්‍යශීලී විදිහට පොත් කියවනවා.

මේ පූර්විකාව ලිව්වේ පොත් ලැයිස්තුවක් ගැන කියන්නයි. ගිය අවුරුද්දේ අන්තිම මගේ රාජකාරී මිතුරියක් මට කිව්වා ඈ තමන්ටම දුන්නු චැලේන්ජ් එකක් ගැන. 2017 අවුරුද්ද ඇතුලත පොත් 52ක් කියවන්නයි ඒ අභියෝගය. ඒ කියන්නේ සතියකට එක පොතක සාමාන්‍ය අගයක්. ඒ අභියෝගය අහලා මටත් ඒක අත්හදා බලන්න ආසා හිතුණා. මමත් සෑහෙන්න පොත් කියවන කෙනෙක් වුණත් මම කවදාවත් කියවපු පොත් වල ලැයිස්තු තියාගෙන ඉඳලා නැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් අවුරුද්දකට පොත් කීයක් කියවනවාද කියලාවත් මට මිම්මක් තිබුණේ නැහැ. අවුරුද්දට පොත් 52ක් නම් කියවන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා. ඒත් එක්කම 52ක් බැරි නම් කීයක්ද පුළුවන් කියලා හොයාගන්නත් පොඩි ආසාවක් ඇතිවුණා. ඉතින් 2017 අවුරුද්දට මම සෙල්ලමට වගේ අහක යන අනුන්ගේ අභියෝගයක් මගේ කරගත්තා.

2017 ලබද්දී මම හිටියේ ලංකාවේ. ඒකෙ වාසිය වුණේ අභියෝගය පටන්ගන්න ලංකාවෙන් අලුතින්ම ගත්ත සිංහල පොත් තොගයක් තිබුණු එක. ලංකාවෙන් ගත්ත සමහර පොත් ලංකාවෙන් පිටවෙන්න කලින්ම මට කියවලා ඉවර කරන්න පුළුවන් වුණා. කොහොමහරි 2017 අවුරුද්දේ මේ වෙද්දී මම පොත් 41ක් කියවලා. දැන් දෙසැම්බර් නිවාඩු කාලේ නිසා ඉතුරු සති දෙකට තව පොත් දෙකක් විතර ඉවරකරන්න බැරි වෙන එකකුත් නැහැ. 52ක් ම නොවුණත් මෙතරම් පොත් ගාණක් මට අවුරුද්දකට කියවන්න ලැබෙන බව, පුලුවන් බව මම මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ. අභියෝගය නිසායි, කියවපු පොත් වල ලැයිස්තුවක් ලියාගත්තු නිසායි ඒ බව දැනගත්තේ.  ලංකාවෙන් ගෙනා පොත් වලට අමතරව මේ ලැයිස්තුවේ ඉතුරු පොත් ඔක්කොම, මම රාජකාරි කරන පුස්තකාලය ඇතුළු පුස්තකාල කීපයකින්ම ගත්ත ඒවා. පොත් තෝරාගන්න උදවු වුණේ යාලුවන්ගේ යෝජනා, සම්මාන නිර්දේශ සහ Goodreads choice awards වගේ විස්තර.

මගේ මේ පොත් 41 ලැයිස්තුව ගැන මට සුවිශේෂී ආඩම්බරකම් කීපයක්ම දැනෙනවා. පලවෙනි එක තමයි මේවා ඔක්කොම කියෙව්වේ ඒ වෙනුවෙන් නිශ්චිතවම වෙන් කළ වෙලාවක් තිබිලා නෙමෙයි. සිංහලෙන්ම කියනවා නම් 'දුවමින්'! දවස් පහම රාජකාරියට යන ගමන්. ඒත් ඒ ගමන යන්නේ එන්නේත් පොතක් කියවමින් යන්න නිදහස තියෙන බස් එකක, කෝච්චියක නෙමෙයි. මීට අමතරව ගෙදරක අම්මා කෙනෙකුට පොතක් පතක් කියවන්න වෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන රාජකාරි ටික කරලා ඉවර වුණාම බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මමත් වැටෙන්නේ ඒ ගොඩට. කාල වේලාව මදි වුණත් මම සෑහෙන වේගයකින් පොත් කියවීම මේ ලැයිස්තුව දිග වෙන්න උදවු වුන බව නම් මම දන්නවා. දෙවෙනි ආඩම්බරය තමයි මම මගේ පහසුවට හදා ගත්ත මේ ලැයිස්තුව තව කීප දෙනෙකුට උදවු කරන්න යොදාගන්න පුළුවන් වුණු එක. ලංකාවට යන මගේ මිතුරියන් කීප දෙනෙකුටම ලංකාවෙන් ගේන්න ඕන පොත් ගැන අහද්දී මට ලැයිස්තුව බලලා උපදෙසක් දෙන්න පුළුවන් වුණා. මීට අමතරව මෙල්බන් නගරයේ මට කිට්ටුම නගර සභා පුස්තකාලයේ රැකියාව කරන මගේ සිංහල මිතුරියක් පුස්තකාලයට අලුතින් සිංහල පොත් මිලදීගන්න මගෙන් පොත් යෝජනා ලැයිස්තුවක් ඉල්ලද්දී බොහොම ඉක්මණින් මේ ලැයිස්තුවෙන් පොත් ටිකක් කියන්න මට පුළුවන් වුණා. 'කියවන්න හොඳ පොතක් කියන්නකෝ!' වගේ ඉල්ලීම් වලටත් මේ වගේ ලැයිස්තුවක් සෑහෙන්න ප්‍රයෝජන වෙන්නේ කියෙව්වාට පස්සේ පොත් වල නම් අමතක වෙන මම වගේ අයටයි.

මේ හැමදේටම වැඩිය මම වඩාත්ම ආඩම්බර වෙන කාරණාව තමයි මට මුලින්ම මේ අභියෝගය ගැන කීව මිතුරියට මේ අවුරුද්දට කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ පොත් 23ක් විතරයි! ඉතින් අන්තිමට ඇගේ අභියෝගය මම භාරගෙන ඈවත් පරද්දන්න මට පුළුවන් වුණේ නොහිතුව විදිහකටයි. ඒ ගැන මගේ උජාරුව අහලා ඈ හිනාවුණේ හොඳ දේකට පෙළඹවීම නිසා හරි නම් මම ඈට තෑග්ගක් දෙන්න ඕන බව කියලා.

මේ තමයි මගේ 2017 කියවපු පොත් ලැයිස්තුව. 2018 වෙනුවෙන් මෙහෙම අභියෝගයක් තමන්ටම කරගන්න කවුද ලෑස්ති? සතියකට එක පොතක් කියවන්න ඉලක්ක කළොත් අඩුම ගානේ මාසෙකට එක පොතක් හරි කියවන්න ඉඩ තියෙන බව මට නම් විස්වාසයි!
  1. දූල්වල අලංකාරය- සුමුදු නිරාගී සෙනෙවිරත්න  
  2. සැප්තැම්බරයේ දිගු දවසක්- කපිල කුමාර කාලිංග
  3. සුළි මැද පිපි තඹර -ඉන්දික ගුණවර්ධන 
  4. Life and times of Michael K- Coetzee 
  5. A street cat named Bob- James Bowen
  6. සර්පයාගේ දියණිය- උපේක්ෂා නුවන්ශ්‍රීනි 
  7. මේ රහස් කවුළුවෙන්  එබෙන්න-කෞශල්‍ය කුමාරසිංහ 
  8. Disgrace-Coetzee 
  9. Vinegar girl- Anne Tyler 
  10. Thinner- Stephen King 
  11. අවසර කල රහස් තැන - කේ ජී ප්‍රේමරත්න 
  12. සුජාත දරුවෝ - ඒ එච් ගමගේ 
  13. What Lies Between Us- Nayomi Munaweera 
  14. Behind closed doors- B A Paris
  15. The Grownup- Gillian Flynn
  16. The Flower boy- Karen roberts
  17. My name is Lucy Barton- Elizabeth Strout
  18. The Breakdown-  B A Paris
  19. බෑග්ඩෑඩ්- එරික් ඉලයප්ආරච්චි 
  20. ස්වර්ණ වර්ණ-ජයකොඩි සෙනෙවිරත්න 
  21. සූරිය කුසුම-චූලාභය ශාන්ත කුමාර 
  22. න ගච්ඡති - පද්මිණී සෙනෙවිරත්න
  23. Milk & Honey- Rupi Kaur
  24. සුධාරි- ජයකොඩි සෙනෙවිරත්න 
  25.  ප්‍රංශ පෙම්වතා- ශමෙල් ජයකොඩි 
  26. ගරුඬ මුහුර්තය - කීර්ති වැලිසරගේ 
  27. වණ්ණදාසි - කත්‍යානා අමරසිංහ
  28. එකොළහ - ජයතිලක කම්මැල්ලවීර
  29. Butterfly Garden- Dot Hutchison
  30. It- Stephen King
  31. The Dry- Anne Harper 
  32. We were liars- E. Lockhart
  33. හඳ පළුව තනි තරුව" - නිශ්ශංක විජේමාන්න 
  34. සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නේ
  35. සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ද 
  36. භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩංගොඩ 
  37. Turtles all the way down- John Green 
  38. හින්නිකිත්තරා- රෝහිත මුණසිංහ
  39. The Journey of Love- Alex Miller
  40. වැළපෙන විලෝ- රෝහිත මුණසිංහ 
  41. Eleanor Oliphant is Perfectly Fine- Gail Honeyman 



December 12, 2017

සාංකාව

































Saudade- John Freeman

means nostalgia, I’m told, but also
nostalgia for what never was. Isn’t it
the same thing? At a café
in Rio flies wreathe my glass.

How you would have loved this: the waiter
sweating his knit shirt dark. Children
loping, in tiny suits or long shorts, dragging
toys and towels to the beach.
We talk, or I talk, and imagine your answer,
the heat clouding our view.
Here, again, grief fashioned in its cruellest
translation:
my imagined you is all I have left of you.



දිනමිණ වසත් සුළඟ 12. 12. 2017

December 08, 2017

Thank you Stageless Arts!

When Stageless Arts contacted me requesting permission to feature my poetry on their site, my first unvoiced question was 'who are you?' The second question, also unvoiced- when I found out a bit about them- was 'are you sure I am good enough?'

Thank you Stageless Arts for the feature...Not only my poems but also my paintings!! I am honoured💗






December 05, 2017

පුංචි පෙට්ටිය





































Someone has died,
who will never see
the black joylight expand in her mother’s blue eyes.
Who will never grasp a pinky,
nor be danced up, down and around and lullabied all night.

Someone who will never come to realize
that her Dada’s palms aren’t dirty, they’re just brown.

Who made HER mother, HIM father, then broke their hearts.
Who is their shooting star, glimpsed only once.
Someone who will never laugh, or play, or care …

Praying that little box into the earth,
Rev. Peters asks forgiveness for his faint faith.
He thinks of the life of pain Someone was spared.


“A female still born child of Egbert Stairs (colored) & Catherine Cochran his wife (white) was buried in All Angels’ churchyard, November 18, 1849”—from the church

Reverend Walter Peters, All Angels’ Church,


දිනමිණ- වසත් සුළඟ 05/12/2017 





November 24, 2017

The Magnolia



“Time you enjoy wasting is not wasted time.” —Marthe Troly-Curtin


Pink Magnolia in bloom
Picture painted in MSPaint- Oil Brush, natural pencil and crayon

November 19, 2017

සුදු කමිස, සුදු ගවුම් සහ තවත් කතා

පාසැල් ලාංඡනය සහිත සුදු කමිසය පුතාගේ පාසැල් නිල ඇඳුමේ කොටසකි. ඔහු පාසැල් වේලාවේදී නිල වශයෙන් පැසිපන්දු සහ පාපන්දුත් විවේක කාලවලදී නොනිල වශයෙන් 'tiggy', chasing zombies' ආදී අමුතු නම් ඇති සෙල්ලම් වලත් නිරත වෙන බව මම දනිමි. එහෙත් ඔහු උදෑසන නිවසින් පිටවෙද්දී හැඳගෙන ගිය සුදු පැහැයෙන් බැබලෙන කමිසය හවස ගෙදර එද්දිත් එලෙසම ඇත.

'කොහොමද කොල්ලෝ මේ විදිහට ඇඳුම් කිළුටු කරගන්නේ නැතිව සෙල්ලම් කරන්නේ?' මා ඔහුගෙන් අසන්නේ සැබෑ කුතුහලයෙනි.

'what do you mean?'ඔහු මගෙන් පෙරළා විමසන්නේද සැබෑ කුතුහලයෙනි.

කුමක් හෝ හේතුවකට 'ක්ලීන් සූට් කාරයෙක්’ වීමට පින් කර ඇති නිසා පාසැලේදී ඇඳුම් කිළුටු වීම යන සංකල්පය ඔහු හඳුනන්නේ නැත.

කෙලි වයසේදී මට නම් මෙවැනි ඉතිහාසයක් තිබුණේ නැත. මා ගමේ පාසැලේ උන්නු කාලයේදී දිනපතා විවේක කාලයේදී දූවිලි පිරුණු පිට්ටනියක කළ ඔට්ටු සෙල්ලම් නිසා සුදු ගවුම හවස් වෙද්දී 'දුඹුරු ගවුමක්' බවට පත් වෙනු මතක ය. බිම ඇද වැටී දණිස් ලෙලි ගියත්, දාඩියෙන් ඇඳුම් පෙඟුණත්, ඒ කාලේදී සෙල්ලම අන් හැම දේටම වඩා වැදගත් විය. හත වසරෙන් බාලිකාවකට ඇතුළු වූ පසු එහි නිල ඇඳුමට මා නම් වඩාත්ම ප්‍රිය කළේ එහි සාය කොටසේ රැළි නොතිබුණු නිසා යි. මේ නිසා ඒ වෙද්දී මා විසින් ම කරගත් සුදු ගවුම් මැදීමේ ක්‍රියාවලිය ඉතා සරල විය. මීට අමතරව මදි නොකියන්න ලොකු සාක්කු දෙකක් ම ඒ ගවුමට ඉදිරිපසින් අල්ලා තිබිණි. පාසැල් ළමුන්ට සාක්කු යනු ඉතාම වැදගත් දෙයක් බව නොරහසකි. සුපුරුදු ලෙස ලේන්සු සහ මාරු සල්ලි දැමීමට අමතරව අපට මේවායේ දැමීමට නානාප්‍රකාර දේ තිබිණි. කැන්ටිමෙන් රුපියලට පහ බැගින් ලැබුණු, ඉරි සහිත ලොකු සීනිබෝල පිරවීමට මේවා කදිම විය. රස්නය වැඩි දිනවල සීනිබෝල දියවී සාක්කු වල විවිධ පැහැති පැල්ලම් ඇති වීම අපට අදාළ වූයේ නැත. මීට අමතරව තීන්ත පෑන් පාවිච්චි කර ‘අකුරු ලස්සන කර ගන්නට’ විලාසිතාවක් එකල තිබිණි. සුදු ඇඳුම් සහ තීන්ත පෑන් මිතුරන් නොවූ අවස්ථා ගැන ඒ යුගයේ දී පාසැල් ගිය හැමට සොඳුරු මතක තිබිය හැක. සාක්කුවලදී තීන්ත ඉහිරුණු, පෑන ගසා දමද්දී තීන්ත ඉහිරුණු අවස්ථා පාසැල් නිල ඇඳුම්වල සදාකාලික මතක සටහන් වූයේ ඒවා සෝදා ඉවත් කළ නොහැකි වූ බැවිනි.

මීට අමතරව මට නම් එකල සුදු ගවුම් write-off කරගන්නට විශේෂ හැකියාවක් තිබිණි. දිනක් පාසැලේදී ගොඩනැගිල්ලකට හේත්තු වී මිතුරියන් හා වරුවක් තිස්සේ දොඩවමින් සිටි මා, එතැන තිබී ඇත්තේ අලුත තීන්ත ගෑ පීල්ලක ‘ඩවුන් පයිප්පයක්’ බව පසුව සොයාගත් දිනය නම් ඒ තීන්ත පදාසය සේම මතකයෙන් නොමැකෙනසුළු ව අදටත් ඇත. සුදු ගවුමේ පිට දිගට කළු පැහැ පළල් තීන්ත ඉරක් සහිතව ගතවුණු ඒ දවසේ ඉතිරි ටික බෙහෙවින් දිගු විය.කළු සුදු ඉරි ඇති සතුන්ගේ නම් සහිත ආදරබර ඇමතුමින් මගේ දෙකන් පුරවාලන්නට එදා මගේ මිතුරියෝ අමතක නොකළහ! තීන්ත මෙන්ම චොකලට් අයිස් ක්‍රීම් ද සුදු ගවුමට නොමැකෙන ලෙස කහට සිටින බව මා අත්දැකීමෙන් ඉගෙන ගත්තේ උසස් පෙළ පංතියකදී වාරාවසාන ක්ලාස් පාටියකදී කුමක් හෝ විකාරයක් කරන්නට ගොස් අඩක් දියවූ ලීටර් හතරේ චොකලට් අයිස්ක්‍රීම් පෙට්ටියක් උකුලට හැලුණු විට ය. ඒ සුදු ගවුම් දෙකටම ඉන් එහා අනාගතයක් නොතිබුණු බව ඉතින් අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැතැයි සිතමි.

එකල පාසැල් වෑන් රථයේදී ළමුන් සෑම වාරාවසාන දිනකදීම නිල් දියකළ වතුර ගහ ගැනීම සාමාන්‍ය දෙයක් විය. එදාට නිවෙස් බලා යන ගමනේදී ඩ්‍රයිවර් අන්කල්ට වැඳ වෑන් රථය පාර අයිනේ ඇති කඩයක් අසල නවත්වාගෙන, නිල් කුඩු පැකට් මිලදී ගෙන, තගක් දමා වෑන් රථයේ යන පොඩිඋන්ගේ වතුර බෝතල් සහ කෑම පෙට්ටි බලෙන් ගෙන ඒවාට නිල් දියකර ඉන් ගැහැණු ළමුන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් අහිංසක සතුටක් අප වෑන් රථයේ පිරිමි ළමෝ ලැබුවහ. සුදු ගවුමෙන් නිල් පැල්ලම් නම් සෝදා හළ හැකි බැවින් සහ මේ ප්‍රහාරයන්ගෙන් වැළකීමට වෑන් රථය තුළ මුවාවිය හැකි තැනක් නැති බැවින් අපි ද මේවා විනෝදයක් ලෙස සලකන්නට පුරුදු වුනෙමු. අප වඩාත් ප්‍රවේසම් වූයේ මේ නිල් වතුර විනෝදයේ සාක්කි වෑන් රථයේ ඉතිරි නොකරන්නට ය. එසේ කළා නම් එදාම හවසට ‘වෑන් ඇන්ටි’ ගෙන් අප දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලැබීම සිකුරු බව අපි දැන සිටියෙමු. ඩ්‍රයිවර් අන්කල් නම් එකෙක් මළත් කේලම් නොකියන බව දත් නිසා අපට කරන්නට තිබුණේ අවසානයේදී රථයේ හැලුණු නිල් වතුර පිසලීම පමණි. මේ සඳහා ලේන්සු මෙන්ම සුදු ගවුම් වාටි හා සුදු කමිස වාටි භාවිත විය.

මෙවැනි අතීතයක් හිමි මට දිනපතා සුදු කමිසයේ එකදු පැල්ලමක් නැතිව පාසැල් ගොස් ගෙදර එන කොල්ලෙකු ලැබීම පෙර පිනක් යැයි මා සිතා සිටියෙමි. එහෙත් එක සෙනසුරාදා දිනක පුතාගේ පාසැල් කලිසම් සෝදන්නට දමන්නට පෙර මා නිකමට මෙන් එහි සාක්කු පරීක්ෂා කළේ පාවිච්චි කළ ටිෂූ කැබලි සාක්කුවල අමතක කර දමන්නට ඔහු රුසියෙක් බැවිනි. මා අත ගැටුනේ පොල් කුරුමිණියෙක් තරම් ලොකු කුරුමිණියෙක් සහ ඊට තරමක් කුඩා අළු පැහැති කෘමීන් දෙදෙනෙකි.

“ඊයා මේ මොක්කුද මේ??” යැයි මා අත ගසා දමා කෑ ගසද්දී පුතා දුව ආවේය.

“Oh.. I totally forgot about them.. those are some beetles I found at school.. I want to keep them as pets!” ඔහු උන්ව අහුලමින් විස්තර කළේ ය.

“well.. after spending almost a day in your pocket.. they are very dead buddy!” මා ඔහුට පැහැදිලි කළේ එක්කෝ උන්ගේ වාසනාවකට නැත්නම් මගේ වාසනාවකට උන්ට ඒ අවස්තාව අහිමි වීම පිළිබඳව සිතෙන් ස්තූතිවන්ත වෙමිනි.

“that’s ok.. there is a tree full of beetles like that at school..I will bring home some more.. I might use my lunchbox to bring them home next time!” ඔහු බොහොමත් උනන්දුවෙන් පැවසීය.

ඉතින් මා මෙන් ඔහු පාසැලේදී ඇඳුම් කිලිටි කරගත්තත් නැතත්, ඔහු මෙන් මා එකල සාක්කුවල කුරුමිණියන් පුරවාගෙන ආවත් නැතත් ළමුන් නම් ළමුන්ම බව මා මටම මතක් කර ගත්තේ සිනාසෙමිනි. 

pic-gettyimages





November 14, 2017

හිරු බැස යද්දී




අහසක් පුරා ගණ කළුවර වැසුණු කල
තරුවක තිතක වත් නෑඳුනි සෙනෙහෙ දුල
හැපෙමින් හඬන විට නිම් නැති කඳුළු රළ
කිසිවක් නොකියාම වියැකුණි වළා පෙළ

හඳුනමි කලක සිට, මිතුරුයි නිහඬ බව
හසරැලි නූපන් ම යුග නම් තිබුණි තව
එනමුදු නුඹේ කටහඬ සිත මවන කව
නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව























Sunset, Barwon Heads beach, Victoria




November 01, 2017

මතකයිද?
























මතකයිද මෙ'රත් පැහැ නුබ තල?
පෑල දිග  ගිනියම්ව දිලිසුන 
බොහෝ දුර ඈත දිගු දවසක 
කවි බිඳක් හිත පතුල පැළ කළ 

අදත් ඉඳහිට දිනක දුර ඉම
රත් වලාකුළු රටා පැතිරෙන 
ගිලිහෙමින් අතැඟිලි අගිස්සෙන්  
කවි අකුරු අතීතෙක සැඟවෙන 




October 17, 2017

මුළුතැන්ගෙයි කවි
































Kitchen Poems |Nicolette Stasko

Clearing off
the breakfast dishes
for the ten thousandth time
I tighten my kimono
adjust the flowing sleeves
that drag
in the honey and crumbs
move papers from one place
to another
a slim volume
of poetry falls out
I am reminded
how hard to write
something worth writing
there is a familiar ache
behind my eyes
the sky seems
much too blue
and sharp
today

දිනමිණ වසත් සුළඟ- 17/10/2017


October 11, 2017

වැටුණා...වැටුණා!!


සාමාන්‍ය පෙළ පන්තිවල උගනිද්දී මම විද්‍යාව විෂය සඳහා අමතර පන්තියකට සහභාගී වූයෙමි. ළමුන් විස්සක් විසිපහක් පමණ උන් මෙම පන්තියට පණ පිහිටුවා විද්‍යාව ඉගැන්වූයේ දේවිකා මිස් ය. ඈ ඉතා සාර්ථක ගුරුවරියක් වූ අතර ඇගේ පැහැදිලිකිරීම් අතිශයින්ම සිතට කාවදිනසුළු විය. ඇගේ බරපතල රසිකාවියක් වශයෙන් හැමදාම මේ පන්තියේ පළමු පේළියම අරක් ගන්නට මම වග බලා ගතිමි. එහෙත් මා මේ ලෙස ඇසිපිය නොහෙලා දේවිකා මිස්ගේ විද්‍යා පාඩම් අසා සිටීමේ එක සෘණාත්මක අතුරුඵලයක් විය. එනම් ඇතැම් පාඩම් උගන්වද්දී විෂය කරුණු මැවී පෙනීම නිසා මා 'දඩිං' ගා ක්ලාන්ත වී වැටීමයි! සාමාන්‍ය පෙළ විද්‍යාව ගැන පරතෙරට දැන සිටියත් දේවිකා මිස් නොදත් එක් කාරණයක් විය. එනම් ඇතැම් දේ ගැන විස්තර ඇසූ පමණින් සිහිසුන් වන අයවලුන් කලාතුරකින් ලොව පහළ වන බවයි!

මේ පන්තියේ මෙවැනි පළමු සිදුවීම වූයේ 'මිනිස් ඇස' පාඩම උගන්වද්දී ය. දේවිකා මිස් කළු ලෑල්ලේ හුණු කූරෙන් ඇඳි සටහනේ දෘෂ්ටි විතානය, තාරා මණ්ඩලය පෙන්වද්දීත් මා ක්ලාන්ත වී අවසානය. එදා නම් මුළු පන්තියම කලබල විය. සිහිය එද්දී මා බංකුවක බාවා තිබිණි. මුළු පන්තියේම කොල්ලන් කෙල්ලන් බියපත් දෑසින් මා දෙස බලා සිටියහ. දේවිකා මිස් ද සුදුමැලි වී සිටියා ය. පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාව පසෙකලා මෙය සාමාන්‍ය සංසිද්ධියක් බව ඈට ඒත්තු ගන්වන්නට මා දැරූ උත්සාහය ව්‍යර්ථ විය. එදා පන්තිය වේලාසන නිම කෙරිණි. එහෙත් ඉන්පසු විෂය මාලාවේ පිළිවෙලට මිනිස් කණ, හෘද වස්තුව ආදී හැම පාඩමකදීමත් මා සුපුරුදු ලෙස ක්ලාන්ත විය. එවිට නම් එය සාමාන්‍ය සිද්ධියක් බව පිළිගන්නට දේවිකා මිස් ට සිදු විය. 'අද නම් ක්ලාන්ත නොවෙමි!' යැයි දිව හපාගෙන තිර අදිටනින් පාඩම පටන්ගන්නා මා ඊළඟට බලද්දී බංකුවේ සතපවා ඇත. "මේ මේ පාඩම් වලට ඔය ළමයා පන්ති එන්න එපා!' යැයි කීමට නොහැකි තරමේ කාරුණික හදක් තිබුණු දේවිකා මිස් එවැනි පාඩම් කෙරෙන දිනවලට වැඩිපුර වතුර බෝතලයක් පමණක් ගෙන ආවාය. ඉක්මණින් සිහිය ලැබෙන මගේ ක්ලාන්තයට වඩා ඈ ට හිරිහැරයක් වූයේ පන්තියේ නොසන්ඩාල කොලු රැළ ය. 'ක්ලාන්ත දමන සුළු' පාඩමක් කෙරෙද්දී පාඩමට අවධානය යොමු නොකර ඔවුන් මා දෙස බලමින් 'ඔන්න මචං වැටුණා...වැටුණා!!" යනුවෙන් එකිනෙකාට කෑගසා ගන්නට විය. කෙතරම් ඉක්මණින් එය සිදුවේදැයි ඔට්ටු අල්ලන්නට විය. ඔවුන් නොදත් වඩාත්ම හාස්‍යජනක සිද්ධිය වූයේ එම පාඩම ම යළිත් පාසැලේදී උගන්වද්දී මා මුල සිට නැවත ක්ලාන්ත වන වගයි!

සාමාන්‍යයෙන් මිනිසුන් ක්ලාන්ත වන්නේ ලේ දුටු විට ය. නො එසේ නම් තුවාලයක් සිදු වූ විට ය. එහෙත් මෙලෙස විස්තරයක් ඇසු පමණින් ක්ලාන්ත වීමේ සුවිශේෂ හැකියාව මට මතක ඇති කලෙක සිට තිබිණි. මේ ගැන මගේ පළමු මතකය මට දස හැවිරිදි වියේ දී පමණ ය. දිනක් අප නිවෙසට පැමිණි නැන්දා කෙනෙක් මුළුතැන්ගෙහි තේ බොමින් වෙනත් කාගේදෝ දුෂ්කර දරු ප්‍රසූතියක් ගැන ඕපාදූපයක් අපේ අම්මාට කියමින් සිටියා ය. කැපීම්, ලේ ගැලීම් ආදී විස්තර වලින් විචිත්‍ර වූ මේ කතාවට, මා සීරුවෙන් කන් යොමා සිටියේ වැඩිහිටියන්ගේ කතාවලට කන් දීමේ ළමා පුරුද්ද නිසා විය හැක. මා එතැන උන් බව ඔවුන් දැන සිටියේ නැත. දැන සිටියා නම් පොඩි ළමුන් අහල පහළ සිටිද්දී ඔවැනි මාතෘකාවක් ගැන කතා නොකරනුද ඇත. කෙසේ හෝ හොරෙන් කතාව අසා සිටියත් හොරෙන් ක්ලාන්ත වන්නට නොහැකි නිසා මා ඔවුන්ගේ අතටම අසුවිණි. කතාව අසද්දී සිටගෙන සිටි නිසාත්, අල්ලාගන්නට කෙනෙක් අසලක නොසිටි නිසාත්, මා බිමටම ඇද වැටී ඔලුව ද බිම ඇනී ඇත. සිහි එද්දී මා කෑම මේසය උඩ හාන්සිකර තිබිණි. එදා නම් 'ලොකු අයගේ පැහිච්ච්කම් අහගෙන හිඳීම' සහ ඒවා ක්ලාන්ත වන තරමට සිතට ගැනීම නිසා මා අම්මාගෙන් හොඳ බැනුමක් අසා ගත්තෙමි. එහෙත් ඒ එදා ඇතිවූයේ ආරම්භයක් පමණි!

පාසලේ විද්‍යා පාඩමේදී සිදුවන මගේ ක්ලාන්ත සැසි, අමතර පන්තියේදී තරම් හාස්‍යට ලක් නොකිරීමට මගේ පාසැල් මිතුරියෝ කාරුණික වූහ. එහෙත් "විද්‍යාව වෙලාවට මෙයා මේ ඉන්නවා- මේ මේසේ යට!" වැනි උසුළු විසුළු නොතිබුණා නොවේ. කෙසේ වෙතත් ක්ලාන්ත වෙමින් හෝ විෂය කරුණු තදින් සිතට කාවැදීම නිසා මට විද්‍යාව විෂයට ලකුණු අඩු වූයේ ද නැති අතර සාමාන්‍ය පෙළ සඳහා ඊට D අකුරක් ගන්නටත් හැකිවිය. (ඒ A- B වෙනුවට D-C තිබුණු කාලයයි). උසස් පෙළ විෂය ධාරාවක් තෝරාගැනීමේදී ජීව විද්‍යා අංශය මඟහරින්නට මටනම් ඕනෑවටත් වඩා හේතු තිබිණි. එහෙත් ඒ 'ෆේල් වෙන්නට හෝ සයන්ස් කළ යුතුයැයි' ඇතැම් අය තදබල ලෙස විශ්වාස කළ කාලයකි. මා උසස් පෙළ සඳහා ජීව විද්‍යාව නොකරන්නේදැයි එක් ගුරුවරියක් තවත් ගුරුවරියකගෙන් අසනු මට දිනක් අහම්බෙන් කණ වැකිණි. " ඒ ළමයා කොහේ සයන්ස් කරන්නද.. කලන්තේ දායි හතර අතට!" යැයි ඊට ලැබුණු පිළිතුර මා මුවගට සිනාවක් ගෙනාවේය. එහෙත් වාණිජ විෂය ධාරාව තෝරාගත් පසුත් යළිත් පාසැලේදී ක්ලාන්ත වීමට වරම් ලැබේයැයි මම හීනෙන් වත් නොසිතුවෙමි. තර්ක ශාස්ත්‍රය විෂයේ විද්‍යාත්මක ක්‍රමය කොටසේ විවිධ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට මුල් වූ තාර්කික ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කිරීමට අපට නියමිත වී තිබිණි. විලියම් හාවී ගේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ පරීක්ෂණය දෛවෝපගත ලෙස මා සොයා පැමිණ විෂය මාලාවේ සැඟවී සිටියේ 'දෙන්නම් බැටේ!' යන සිතිවිල්ලෙන් විය යුතු ය. ඒ අපට තර්ක ශාස්ත්‍රය ඉගැන්වූ ගුරුවරියගේ මුළු ගුරු ජීවිතය පුරාවටම තර්ක ශාස්ත්‍රමය විෂය කරුණු නිසා සිසුවෙක් ක්ලාන්ත වූ පලවෙනි වතාව බව ඈ පසුව පැවසුවා ය. පසු කලෙක මා මුණ ගැසුණු විටෙක ඈ කීවේ දැන් නම් ඒ පාඩම අරඹන්නට පෙර ඈ පන්තියට අනතුරු හැඟවීමක් නිකුත් කරන බව යි.

අතක් පයක් සොලවාලිය නොහැකි, හුස්මක් කටක් ගනු නොහැකි සෙනඟ පිරුණු බස් රථ, දුම්රිය ආදියේ මිනිසුන් කෙතරම් සැත්කම් හා ලේ ගලන තුවාල ගැන කතාරනවාදැයි ඔබ දන්නවාද? රස කරමින් මෙවැනි කතාවක් තලු මරණ දෙදෙනෙකු අතර පලා යනු නොහැකි ලෙස සිරවී සිටින මා වැනි අයට අත්වන ඉරණම අතිශයින් සංවේගජනක ය. පාසැල් කාලය නිම වූ පසුත් මගේ කෙසඟ සිරුර නිසා පාසැල් වයසේ ළමයෙක් ලෙස සැලකුණු බැවින් "අනේ මේ දරුවාට සීට් එකක් දෙන්න කවුරු හරි, උදේට කාලා ඇවිල්ලා නැද්ද කොහේද!" ලෙස එවැනි අවස්ථාවල 'වැඩිහිටියන්ගේ' නොමඳ අනුකම්පාව මට හිමිවිය. වරක් මට එලෙස අසුන පිදූ තරුණයෙක් නංගී.. කබරයාද? නෑ නේද? මගේ බෑග් එක තියෙනවා ඔතන සීට් එක යට!යැයි මට කීවේය. අඩ සිහියෙන් සිටි මට ඔහු අදහස් කළ දේ නොතේරුණු අතර හරියාකාරව සිහිය එනතුරුම සීට් එක යට කබරයෙක් ඇතැයි චකිතයෙන් උන්නෙමි! එහෙත් එලෙස අසුනක් ලැබීමේ ප්‍රීතිය එය ලැබුණු ලජ්ජා සහගත ක්‍රමය නිසා අනිවාර්යයෙන් යටපත් වූ බව කිව යුතුමය. 

කාලයක් ගතවෙද්දී තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. මේ වෙද්දී මා ද මගේ මේ සුවිශේෂ හැකියාව වැඩිදියුණු කරගෙන ඇති බව මා වටහා ගත්තේ අහම්බෙනි. දිනක් උදෑසන මෙල්බන් නගරයේ තදබද දුම්රියක අසුනක හිඳ මා පාඩුවේ පොතක් කියවමින් උන්නෙමි. ඉතා රසවත් කතාවක් වූ එහි මා කිමිදී සිටියේ අවට ලෝකය ගැන කිසිම නිනව්වක් නොමැතිවම ය. අවාසනාවකට එහි ද ලේ ගැලීම් බහුල එක් පරිච්ජේදයක් විය. කතාව ගැන තිබුණු මහත් උනන්දුව නිසා එක හුස්මට කියවාගෙන ගියා මිස ඉන් අත්විය හැකි අතුරුඵල ගැන මට සිහි නොවිණි. මට සිහිය එද්දී කවුදෝ කාන්තාවක් මගේ බෑගය ම ඇර එහි තිබුණු වතුර බෝතලයෙන් මට දිය ඉසිමින් සිටියා ය. තවත් කවුදෝ හදිසි අවස්තාවකදී දුම්රිය නවතාගැනීමට යොදාගන්නා emergency බොත්තම තද කළ යුතුදැයි තර්ක කරමින් සිටියේ ය. ඒ උදෑසන දුම්රියේ ගමන් කළ දෙතුන් සියයක් පමණ කාර්යාල සේවකයන්ගේ ගමන් පමා කර පිං අනුමෝදනාවක් ලැබීමට පෙර මා වහා ක්‍රියාත්මක වී ඒ ක්ලාන්තය දුම්රිය මැදිරියේ තදබදය නිසා සිදු වුවක් බවත්, මට දැන් සුව බවත් හඬගා කීවෙමි. ඉන් ඒ හදිසි තත්ත්වය මඟ හැරිණි.

එහෙත් එතෙක් කල් අන් අයගේ කතා අසා ක්ලාන්ත වූ මම, මටම කියා ක්ලාන්තයක් නිපදවාගත හැකි මට්ටමට වැඩිදියුණු වී සිටීම ගැන මට එදා දැනුණේ සුළු පටු ආඩම්බරයක් නොවේ!






October 05, 2017

නොලිවීම



























සඳ රැස් කැරැළි එක එක වෙන් කර බලමි 
පැහැදුල් අහස කෙළවර පැතුමක් මකමි
සුළඟක් නැති දිනක සුසුමක් වී හමමි
සමුදුරු පතුළ කවි සැඟවුණි දැයි සොයමි   

කඩා වැටෙන තරුවක ගිනි ගත් ලයක 
හඬා හැපෙන රළ රැළි ඉහිරෙන බිමක
නිදා සිටින බෙල්ලෙකු කුස මුතු ඇටක 
සදා තිබෙනු හැක නොලියුණු පද නේක 



October 04, 2017

ස්තූතියි හැමදේටම


































Bless the things I’ve lost,
The people that have left,
And the loneliness they all traded places with.
It forced me to build a home
In the gravity of their absence.
Now, I know better
How to treat visitors.

-Rudy Francisco

දිනමිණ වසත් සුළඟ- 03/10/2017