සඳ රැස් කැරැළි එක එක වෙන් කර බලමි
පැහැදුල් අහස කෙළවර පැතුමක් මකමි
සුළඟක් නැති දිනක සුසුමක් වී හමමි
සමුදුරු පතුළ කවි සැඟවුණි දැයි සොයමි
කඩා වැටෙන තරුවක ගිනි ගත් ලයක
හඬා හැපෙන රළ රැළි ඉහිරෙන බිමක
නිදා සිටින බෙල්ලෙකු කුස මුතු ඇටක
සදා තිබෙනු හැක නොලියුණු පද නේක
ලස්සන කවියක්.
ReplyDeleteතරුමල් පතිතවී ගිණිගත් අළුයමක,
ReplyDeleteසිහිලැල් පින්න රෑ වට දිලිසෙන අරුම,
හදවිල් තෙර පිපුණු රත් පියුමක රහස,
මනකල් රුවක් දකිනා සිහිනය පමණ,