අහසක් පුරා ගණ කළුවර වැසුණු කල
තරුවක තිතක වත් නෑඳුනි සෙනෙහෙ දුල
හැපෙමින් හඬන විට නිම් නැති කඳුළු රළ
කිසිවක් නොකියාම වියැකුණි වළා පෙළ
හඳුනමි කලක සිට, මිතුරුයි නිහඬ බව
හසරැලි නූපන් ම යුග නම් තිබුණි තව
එනමුදු නුඹේ කටහඬ සිත මවන කව
නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව
තරුවක තිතක වත් නෑඳුනි සෙනෙහෙ දුල
හැපෙමින් හඬන විට නිම් නැති කඳුළු රළ
කිසිවක් නොකියාම වියැකුණි වළා පෙළ
හඳුනමි කලක සිට, මිතුරුයි නිහඬ බව
හසරැලි නූපන් ම යුග නම් තිබුණි තව
එනමුදු නුඹේ කටහඬ සිත මවන කව
නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව
Sunset, Barwon Heads beach, Victoria
/නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව/
ReplyDeleteහරි අපුරු කවියක්නේ. හරියට හංස සංදේශයේ තිබෙන කවියක් වගෙයි. 'හිරු බස යද්දී' මාතෘකාවට තව කවි කිහිපයක් එකතු කළොත් හොඳයයි මට හිතෙනවා.
තාත්තා