ඉස්සර මම ආසාම වැඩක් තමයි collage චිත්ර හදන එක. පුංචි පුංචි පාට කොළ කෑලි කපලා කරන මේ වැඩේ මට ඒ කාලේ පිස්සුවක් වෙලා තිබුණා. මේ කලාව මම කොයිතරම් ප්රගුණ කරලා තිබුණා ද කියනවා නම් ටිකක් කල් යද්දී මම බොහොම පුංචි, සියුම් collage පවා කළා. මේවායේ සමහර පුංචි කොළ කෑලි කොයි මම ඇලෙව්වේ ඉඳිකටු තුඩින්. මේ සියුම් කැපිලි වලට මට පුංචි කතුරකුත් තිබුණා මතකයි.
මෙහෙම චිත්ර හදන්න උවමනා පාට කඩදාසි එකතු කරන එක ඒ කාලේ මගේ ලොකුම වැඩක්. ඉස්සර ඒවා තියෙන සඟරා එහෙම වැඩිය තිබුණේ නැහැනේ. මගේ මේ mission එක දන්නා නිසා මගේ නෑදෑ හිත මිත්රයෝ මට එයාලාට හම්බවුන පාට කොළ තියෙන කැලැන්ඩර්, කාඩ් එහෙම දෙනවා. මේවා පුරවපු පෙට්ටියක් ඒ කාලේ මගේ ඇඳ යට තිබුණා. collage එකක් හදන්න හිතුනාම ඇඳ යටින් මේ පෙට්ටිය ඇදලා අරගෙන කාමරේ පුරාම කොළ කෑලි විසුරුවාගෙන මම පින්තූර හදනවා. සමහර වෙලාවට ඒවාට පැය ගාණක් යනවා. ඒත් වෙලාව ගතවෙනවා දැනෙන්නේ වත් නැහැ.
මගේ teen වයසේ වගේම වයස විසි ගණන් කාලේත් මගේ මිතුරු circles වල හිටිය හැමෝටම වගේ මම මේ විදිහට collage එකක් කරලා හදපු නිර්මාණයක් මගෙන් ලැබිලා තියෙනවා මගේ හිතේ. ඒ කාලේ එයාලගේ උපන්දින වලට, දුක හිතුණු කෙනෙකුට හිත හැදෙන්න වගේම කිසිම හේතුවක් නැතිව ආදරේටත් මම මේවා දුන්නා. ඒ වගේම කැම්පස් යන කාලේ මම නැවතිලා හිටිය බෝඩිමක බිත්ති පාලුයි කියලා කාටූන් චරිත කීපයක්- Sylvester, Piglet, Pooh වගේ කට්ටියගේ පින්තූර මම collage හදාගෙන ගිහින් බිත්තිවල ගැහුවා කියලා මගේ බෝඩිම් සගයෝ සාක්කි.
එක වතාවක් මගේ යාලුවෙකුගේ උපන්දිනයට කාඩ් එකකට මම Donald Duck කෙනෙක් හැදුවා. පැය ගාණක් මහන්සි වෙලා හදපු කාඩ් එක හරි ලස්සනට ආවා, ඉතින් මම ඒක ඉක්මණින් තැපැල් කළා. දවසකට දෙකකට පස්සේ ඒ යාලුවාගෙන් මට කෝල් එකක් එනවා. "හෙල්මලී, මට මේ ආව Donald Duck කාඩ් එක ඔයාගෙන්ද?" බලද්දී පැය ගාණක් මහන්සි වෙලා හැදුව කාඩ් එක මම යවලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නොලියායි! මේ වගේ collage පිස්සුවක් තියෙන්නේ මට නිසා ඒ මගෙන් බව එයා අනුමාන කරලා.
Stress relief activities ගැන ලොකුවට නොදන්නා කාලෙක පාඩම් වැඩ වලින් හෙම්බත් වුණාම මෙහෙම එක දේකට පැය ගාණක් අවධානය යොමු කරගෙන collage කරපු එකත් එක්තරා විදිහක භාවනාවක් නේද කියලා දැන් හිතෙනවා.
දැන් නම් මම වැඩිපුරම කරන්නේ චිත්ර අඳින එක. ඒත් පොඩ්ඩක් හිතුවොත් දැනුත් collage බැරි නැහැ.
මේ එහෙම හදපු collage book mark එකක්. මේකේ මුළු දිග අඟල් හයක් විතර ඇති.



