ඉස්සර මම ආසාම වැඩක් තමයි collage චිත්‍ර හදන එක. පුංචි පුංචි පාට කොළ කෑලි කපලා කරන මේ වැඩේ මට ඒ කාලේ පිස්සුවක් වෙලා තිබුණා. මේ කලාව මම කොයිතරම් ප්‍රගුණ කරලා තිබුණා ද කියනවා නම් ටිකක් කල් යද්දී මම බොහොම පුංචි, සියුම් collage පවා කළා. මේවායේ සමහර පුංචි කොළ කෑලි කොයි මම ඇලෙව්වේ ඉඳිකටු තුඩින්. මේ සියුම් කැපිලි වලට මට පුංචි කතුරකුත් තිබුණා මතකයි.
මෙහෙම චිත්‍ර හදන්න උවමනා පාට කඩදාසි එකතු කරන එක ඒ කාලේ මගේ ලොකුම වැඩක්. ඉස්සර ඒවා තියෙන සඟරා එහෙම වැඩිය තිබුණේ නැහැනේ. මගේ මේ mission එක දන්නා නිසා මගේ නෑදෑ හිත මිත්‍රයෝ මට එයාලාට හම්බවුන පාට කොළ තියෙන කැලැන්ඩර්, කාඩ් එහෙම දෙනවා. මේවා පුරවපු පෙට්ටියක් ඒ කාලේ මගේ ඇඳ යට තිබුණා. collage එකක් හදන්න හිතුනාම ඇඳ යටින් මේ පෙට්ටිය ඇදලා අරගෙන කාමරේ පුරාම කොළ කෑලි විසුරුවාගෙන මම පින්තූර හදනවා. සමහර වෙලාවට ඒවාට පැය ගාණක් යනවා. ඒත් වෙලාව ගතවෙනවා දැනෙන්නේ වත් නැහැ.
මගේ teen වයසේ වගේම වයස විසි ගණන් කාලේත් මගේ මිතුරු circles වල හිටිය හැමෝටම වගේ මම මේ විදිහට collage එකක් කරලා හදපු නිර්මාණයක් මගෙන් ලැබිලා තියෙනවා මගේ හිතේ. ඒ කාලේ එයාලගේ උපන්දින වලට, දුක හිතුණු කෙනෙකුට හිත හැදෙන්න වගේම කිසිම හේතුවක් නැතිව ආදරේටත් මම මේවා දුන්නා. ඒ වගේම කැම්පස් යන කාලේ මම නැවතිලා හිටිය බෝඩිමක බිත්ති පාලුයි කියලා කාටූන් චරිත කීපයක්- Sylvester, Piglet, Pooh වගේ කට්ටියගේ පින්තූර මම collage හදාගෙන ගිහින් බිත්තිවල ගැහුවා කියලා මගේ බෝඩිම් සගයෝ සාක්කි.
එක වතාවක් මගේ යාලුවෙකුගේ උපන්දිනයට කාඩ් එකකට මම Donald Duck කෙනෙක් හැදුවා. පැය ගාණක් මහන්සි වෙලා හදපු කාඩ් එක හරි ලස්සනට ආවා, ඉතින් මම ඒක ඉක්මණින් තැපැල් කළා. දවසකට දෙකකට පස්සේ ඒ යාලුවාගෙන් මට කෝල් එකක් එනවා. "හෙල්මලී, මට මේ ආව Donald Duck කාඩ් එක ඔයාගෙන්ද?" බලද්දී පැය ගාණක් මහන්සි වෙලා හැදුව කාඩ් එක මම යවලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නොලියායි! මේ වගේ collage පිස්සුවක් තියෙන්නේ මට නිසා ඒ මගෙන් බව එයා අනුමාන කරලා.
Stress relief activities ගැන ලොකුවට නොදන්නා කාලෙක පාඩම් වැඩ වලින් හෙම්බත් වුණාම මෙහෙම එක දේකට පැය ගාණක් අවධානය යොමු කරගෙන collage කරපු එකත් එක්තරා විදිහක භාවනාවක් නේද කියලා දැන් හිතෙනවා.
දැන් නම් මම වැඩිපුරම කරන්නේ චිත්‍ර අඳින එක. ඒත් පොඩ්ඩක් හිතුවොත් දැනුත් collage බැරි නැහැ.
මේ එහෙම හදපු collage book mark එකක්. මේකේ මුළු දිග අඟල් හයක් විතර ඇති.
ඒකට කියන නම අදයි දැණගත්තෙ. නියමයි.
ReplyDeleteඉවසීම සහ කලාව දෙකම ඇවැසි වැඩක් කියලයි හිතුනෙ.
තෑන්ක් යූ බස්සා!
Deleteකොලාජ් කියලා සිංහලෙන් කියනවා දැකලා ඇති සමහර විට. ඒත් ඒක french වචනයක් නිසා කොලාෂ් කියලා තමයි කියවෙන්න ඕන.
ඔව් ඉවසීම නම් ඕන තමයි මේ සියුම් වැඩවලදී . මම එම්බ්‍රොයිඩර් මහන්න ආසා උනත් ඇඳුම් මහන්න ආසා නැත්තේ ඇඳුම් මැහිල්ලේ සියුම්තාවය මදි නිසාද කොහෙද :D
මමත් කාලයක් උත්සහ කලා අර ෆොටෝ මියුටිලේශන් ජාතියේ කොලාජ් කරන්න .
ReplyDeleteෆොටෝශෙෘප් නැතිකාලේ මිනිස්සු පින්තුර වලින් වැඩ දැම්මේ කොලාජ් කලාවෙන්.
ජෝන් - ඔව් මාත් දැකලා තියෙනවා ඒවා. මම ගිය මොකක් හරි වර්ක්ෂොප් එකකදී මැගසින් වලින් මිනිස් රූප වල කොටස් අරන් අලවලා monster කෙනෙක් හදන්න දුන්නා. ඒකත් මරු වැඩක්
Deleteඅහා! ෆ්‍රැන්කන්ස්ටීන් බයි හෙල් 😋
Deleteබස්සා - models ලා කොහොමත් ඉන්නේ බුම්මගෙන නේ, monsters ලා හදන්න කියාපු අමුද්‍රව්‍ය! :D
Deleteමගේ හොඳම සරසවි මිත්තරයා හසුරු කුසලතා නැති මට කොලාජ් එකක් කරලා දෙනවාය කියලා පොරොන්දු වෙච්ච හන්දා තාම මං බලාන ඉන්නවා. දැන් අවුට් වෙලාත් අවුරුදු හතරක්. මං ළඟකදි බලාපොරොත්තු අත් ඇරලා මට ඇහැක් විදියට විෂන් බෝඩ් එකක් හදාගෙන කාමරේ පාලුව මකාගත්ත!
ReplyDeleteවර්ෂා - යාලුවා ගේ චිත්‍රෙ තියාගන්න කියලා මම ඔයාට එකක් හදලා දෙනවා ළඟපාතක හිටියා නම්! :D
Deleteමගේ යාලුවන්ට නම් තිබුනේ මගේ චිත්‍ර ඉල්ලන්නේ නැතිවම ලැබෙන කරදරේ මගේ හිතේ!
මලී කලාවටම උපන් කෙනෙක් වගෙයි නේද!
ReplyDeleteඒ බුක් මාර්ක් එක දැකලා මට හිරු මල් කියන සිංදුව මතක් වුණා උමාරියා හා රුවන් හෙට්ටිආරච්චි කියන.
Lotus මගේ කලාබර බව මම හොයාගත්තේ ජීවිතෙන් බාගයක් ගත වුනාම :)
Deleteමම නොදන්නා අලුත් සින්දු වලට ඔත්තු දෙනවට thank you !