November 05, 2026

East of Eden - tv series and book

 John Steinbeck ගේ East of Eden පොත ඇසුරෙන් නිර්මාණය වුණු mini tv series එකක් තියන බව දැක්කාම වැඩිය චිත්‍රපටි නොබලන මටත් ඒක බලන්න හිතුණා. ඒ මම ඒ කතුවරයාගේ නිර්මාණ වලට බොහොම කැමති නිසා. Steinbeck ගේ Grapes of Wrath නවකතාව මම මුලින් කියෙව්වේ බොහොම ඉස්සර, teen වයසේදී. ඒ කාලෙදිත් ඒ කතාව මාව තදින් කම්පනය කළා. ඒ පොත කියවද්දී කෙනෙකුට අකුරු වලින් ඒ තරම් බරපතල හැඟීම් මවන්න පුළුවන් ද කියලා මට පුදුම හිතුණා. Steinbeckගේ Of Mice and Men පොතත්  Grapes of Wrath තරම් දිග නැතත් අන්තර්ගතය intense පොතක් බව මට තේරිලා තියෙනවා. 

මේ series එක බලන්න පටන් ගනිද්දී මම East of Eden පොත නම් කියවලා තිබුණේ නැහැ. පොතක් ඇසුරෙන් හැදුණු චිත්‍රපටියක් කියෙව්වාම පොත කියවන එක spoil වෙනවා කියලා මතයක් තියෙන නිසා දෙගිඩියාවෙන් බලන්න පටන් ගත්තත් මේ series එක මම බොහොම රසවින්දා. කතාව රූප මාධ්‍යයට හරවද්දී  Steinbeck ට අනන්‍ය සලකුණ රැකගෙන තියෙන බව පැහැදිලියි.

මේ series එක පදනම් වෙන්නේ එක පවුලක පරම්පරා දෙකක කතාවකින්. සහෝදරයන් අතරේ පියාගේ ආදරය දිනාගැනීමට තියෙන තරඟය, එකිනෙකාට ද්‍රෝහී වීම්, සිත් රිදීම් වලින් පටන්ගන්න මේ කතාව ඊළඟ පරම්පරාවට විහිදෙන්නේ තවත් බරපතල පෞද්ගලික, සමාජ ගැටළු එක්ක. මේ කතාව පුරාම හොඳ- නරක, good & evil කියන දේ ප්‍රශ්න කරන්න නරඹන්නා ව පොළඹවනවා. ඇඩම් සහ චාල්ස් කියන සහෝදරයෝ දෙන්නා ගැන වගේම අහම්බෙන් එයාලගේ ජීවිතයට එකතුවෙන කැතී නිසා එයාලගේ ජීවිත උඩු යටිකුරු වෙන හැටි අපූරු විදිහට මේකේ පෙළ ගස්වලා තියෙනවා. කැතී ගේ චරිතය මේ කතාවේ ප්‍රබල කොටසක්. කිසි පැකිලීමක් නැතිව 'නරකට' පෙළඹෙන, හෘද සාක්ෂිය නැති අය සමහරවිට ඒ ගතිගුණ උපතින් අරගෙන එන බවට කැතී හොඳ උදාහරණයක්.

     


විවිධ හැළ හැප්පිලි, මානසික කඩාවැටීම් අතරේ ගලාගෙන යන East of Eden කතා මාලාවේ තව වැදගත් මිනිස් බැඳීමක් ඉස්මතු කරනවා. ඒ තමයි මිතුරුකම. ඇඩම් ට්‍රාස්ක්ට ජීවිතයේ බොහෝ දේවල් අහිමි වුණත් ඔහුව 'ගොඩදාන්නේ' ඉතා සමීප ලෙන්ගතු මිතුරුකම්. ජීවිත කාලවලදී හැම කෙනෙකුටම ලැබෙන්න ඕන, විපතේදී අත ඇර යන්නේ නැති මේ වගේ මිතුරුකම් ම තමයි.

පළවෙනි ලෝක යුද්ධ කාලයේ ඇතිවුණු සමාජ ආර්ථික අර්බුද, ව්‍යාපාර අසාර්ථකවීම් සහ විවිධ moral dilemmas මේ කතාවේ යටිපෙළ හැටියට දිවෙනවා. ඒ යුගයේ ඇඳුම් පැළඳුම්, ගොඩනැගිලි, මඟ තොට පාරවල් එහෙම ප්‍රති නිර්මාණය කරන්න මේ නිර්මාණකරුවෝ ලොකු වෙහෙසක් දරලා තියෙන බව පැහැදිලියි. කොටස් හතක මේ mini series එක බලන්න වටිනා නිර්මාණයක්!

හරිනම් මේ විස්තරය මෙතැනින් ඉවර වෙන්න ඕන. ඒත් series එක බලලා ඇස් නිලංකාර වෙලා ඉන්දැද්දී මට ඕන වුණා පොත කොයි වගේද කියලා හොයලා බලන්න. පුස්තකාලයක වැඩ කරන එකේ වාසිය දැනෙන්නේ ඔය වෙලාවට තමයි. අන්තිම episode එක බලලා මම පස්සෙන්දාම පොත හොයාගෙන කියවන්න ගත්තා. එහෙම කියවද්දී මට තේරුණු පළවෙනිම කාරණාව තමයි පොතේ මූලික plot එකට tv series එකෙන් සෑහෙන සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙන බව. චිත්‍රපටියෙන් පොතේ සැකිල්ල අනුගමනය වෙලා තියෙනවා ලොකු deviations නැතිව. හැබැයි ඒ එක්කම මට හිතුණු දේ තමයි පොත එක්තරා විදිහකට මේ චිත්‍රපටියට හාත්පසින්ම වෙනස් කියන එක. අන්තර්ගතයෙන් නෙමෙයි, කතාව පටන් ගන්නා තැන, පෙළගැස්ම, ගලායාම වගේ දේවල් වලින්. සමහර කතා අග ඉඳලා මුලට කියන්නත් පුළුවන්, මුල  ඉඳලා අගට කියන්නත් පුළුවන් නේ. පොතක් කියවද්දී අපේ හිතේ විචිත්‍ර චිත්ත රූප මවන්න පුළුවන් ලේඛකයා අති දක්ෂයෙක්. පොත කියවද්දී මම කතාව දැනගෙන හිටියත් Steinbeck කියන්නේ කොයිතරම් දක්ෂ ලේඛකයෙක්ද කියන එක මට ආයෙත් වතාවක් තහවුරු වුණා. 

චිත්‍රපටිය නම් හොයාගෙන බලන්න පුළුවන් නේ කැමැත්තක් තියෙන කෙනෙකුට. ඒත් Steinbeckගේ ලියවිල්ල කියවන්න නොලැබුණු කෙනෙකුට රස බලන්න ඒ පොතෙන් පුංචි කොටසක් මම මෙතන උපුටනවා. මේ, මේ කතාවට පසුබිම් වුණු Salinas නිම්නය ගැන තියෙන දිග විස්තරයෙන් පුංචි කොටසක් විතරයි. 

On the wide level acres of the valley the topsoil lay deep and fertile. It required only a rich winter of rain to make it break forth in grass and flowers. The spring flowers in a wet year were unbelievable. The whole valley floor, and the foothills too, would be carpeted with lupins and poppies. Once a woman told me that colored flowers would seem more bright if you added a few white flowers to give the colors definition. Every petal of blue lupin is edged with white, so that a field of lupins is more blue than you can imagine. And mixed with these were splashes of California poppies. These too are of a burning color—not orange, not gold, but if pure gold were liquid and could raise a cream, that golden cream might be like the color of the poppies. When their season was over the yellow mustard came up and grew to a great height. When my grandfather came into the valley the mustard was so tall that a man on horseback showed only his head above the yellow flowers. On the uplands the grass would be strewn with buttercups, with hen-and-chickens, with black-centered yellow violets. And a little later in the season there would be red and yellow stands of Indian paintbrush. These were the flowers of the open places exposed to the sun.
Under the live oaks, shaded and dusky, the maidenhair flourished and gave a good smell, and under the mossy banks of the water courses whole clumps of five-fingered ferns and goldy-backs hung down. Then there were harebells, tiny lanterns, cream white and almost sinful looking, and these were so rare and magical that a child, finding one, felt singled out and special all day long.

මේ නවකතාව බයිබලයේ Cain සහ Abel දෙසොයුරන්ගේ කතාවේ සාරයත් එක්ක නිර්මාණය වුණු එකක් කියලා විචාරකයෝ කියනවා. කතාවේ ඇඩම්, ආදම් හැටියටත් කැතී ඒව හැටියටත් සැලකෙනවා. ඒ වගේම කතාවේ නම East of Eden ලැබෙන්නේ Cain අපරාධකාරයෙක් හැටියට //flees to the land of Nod, "east of Eden// කියලා බයිබලයේ සඳහන් වෙන නිසාලු. 

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ tv series එක අනිවාර්යයෙන් බලන්න, පොතත් පුළුවන් නම් හොයාගෙන කියවන්න, ඒ දෙක වෙනස්ම රසවත් අත්දැකීම් දෙකක් කියන එකයි. 


11 comments:

  1. Replies
    1. බස්සා බැලුවොත් කියන්න හිතට ඇල්ලුවාද කියලා

      Delete
    2. බැලුවොත් කියන්නම්, අනිවාර්‍යෙන්ම.

      Delete
  2. Forest Gump, Bad Girl (විසේකාරි) වගේ නිර්මාණ කීපයකටම පොදුයි නේද ඒ කාන්තා චරිතේ. වඩා stable, genuine, loving environment එකෙන් පැනලා යන එක.මේක හැබැ‍යි මේක එකේ ultra pro max එක. නිළියත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා.

    ReplyDelete
    Replies
    1. තිසර - ඔව්, මේ කතාවේ කැතී එයාට ලැබෙන ආදරයත් එයාට වාසි ගන්න tool එකක් හැටියටනේ පාවිච්චි කරන්නේ.
      පොතේ එයාගේ හැසිරීම ගැන තියෙන්නේ මෙහෙම
      //“Cathy's lies were never innocent. Their purpose was to escape punishment, or work, or responsibility, and they were used for profit. Most liars are tripped up either because they forget what they have told or because the lie is suddenly faced with an incontrovertible truth. But Cathy did not forget her lies, and she developed the most effective method of lying. She stayed close enough to the truth so that one could never be sure. She knew two other methods also -- either to interlard her lies with truth or to tell a truth as though it were a lie. If one is accused of a lie and it turns out to be the truth, there is a backlog that will last a long time and protect a number of untruths.”//

      Delete
    2. @Thisara

      තිසර, ඔබව නැවතත් බ්ලොග් ලෝකයේ දකින්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. ඉස්සර අපි බ්ලොග් ලියපු කාලේ තිසර කියන්නේ බ්ලොග් අතර නිතරම සැරිසරපු, පෝස්ට් එකක් කියවලා නිකම්ම යන්නේ නැතුව ඒ ගැන හරිම ලස්සනට, හරවත් විදියට අදහස් දක්වපු කෙනෙක්. සමහර වෙලාවට පෝස්ට් එක තරමටම ඒ කමෙන්ට් එකත් රසවත් වුණා. ඒ කාලේ බ්ලොග් ලෝකයේ තිබුණු සුන්දරත්වයත් ඒකම තමයි. ලියන අය වගේම කියවන, අදහස් බෙදාගන්න අයත් එකතු වෙලා ගොඩනැඟුණු අපූරු සංවාදයක් එතැන තිබුණා.

      කාලෙකට පස්සේ ආයෙත් තිසරගේ කමෙන්ට් එකක් දකින්න ලැබීම ඒ පරණ බ්ලොග් යුගයේ සුන්දර මතකත් අවදි කළා. දිගටම එන්න තිසර. ආයෙත් ඒ පරණ බ්ලොග් සංස්කෘතියේ රසය විඳිමු! 😊

      Delete
    3. @මයියා

      බොහොම ස්තූතියි මයියා. මම හිතන්නේ බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මේ අවුරුදු ගාණකට පස්සෙ. ඒකත් ෆේස්බුක් ලින්ක් එකක් නිසා. මයියා තවම බ්ලොග් ලියන බව දැකීම සතුටක්. මයියා ලිව්වේ වෙනස් දේවල්, මට අමතක වෙන්නෙ නෑ මහත්මා ගාන්ධි ඝාතනය ගැන මයියා ලියූ පෝස්ට් එක. මට මතක හැටියට ඒකෙ කාරණා ගැන මම තර්ක කලා, නමුත් මට ඒ ගැන තව හොයාබලන්න ඒ සටහන ලොකු උත්තේජකයක් වුණා. ඔබේ අලුත්ම පෝස්ට් එක මම කැමතිම විෂයක් සම්බන්ධයෙන්.. අනිවාර්යයෙන් එන්නම් කියවන්න...

      Delete
  3. මට මතක් වුනේම Laura Ingalls ගෙ Little House පොත්. ඒ පරිසර වර්ණනාව අපිව එතනට ගෙනියනවා නේද. Netflix තිවුනොත් බලමු. ඉංග්‍රීසි පොත් කියවිල්ල මට ටිකක් දිරවන්නේ නැති වුනත් මේ ලඟදි කියවපු පොතක් නිසා ඒක ටිකක් වෙනස් වුනා. "Not Without My Daughter". පරක්කු වෙලා වුනත් සමහර පොත් කියවන්න ලැබෙන්නේ වාසනාවට.

    ReplyDelete
    Replies
    1. කුමුදු - මේ කොටස ලස්සන වුණාට මේ කතාව Little House වගේ සුන්දර නෑ හොඳේ! :D
      Netflix තියනවා මේක. බලලා කියන්නකෝ මොකද හිතුණේ කියලා

      Delete
  4. Downloaded. Not yet watched.

    ReplyDelete
    Replies
    1. Tell us how you liked it after you watch

      Delete