පහුගිය දවසක අපි ඩුබායි නගරේ ඇවිදින අතරේ එහෙ පකිස්තානි restaurant එකකට කෑමට ගියා. සාමන්‍යයෙන් ඒ රටේදී අපේ පෙනුම දැක්ක ගමන් අපි ඉන්දියානුවෝ කියලා හිතලා හින්දි දන්න අය අපි එක්ක මුලින් කතාකරන්නෙ හින්දියෙන්. ඉතින් මේ restaurant එකේත් අපි ළඟට ආව වේටර් මහත්තයා, හම්සා, අපිට හින්දියෙන් කතා කරන්න පටන් ගත්තා.
අපට හින්දි බැරි බවත්, අපි ශ්‍රී ලංකන් බවත් කීවාම එකපාරටම හම්සාගෙ මූන ලස්සන හිනාවකින් එළිය උනා.
"ආ.. සිරි ලංකන්...සිරි ලංකන්... යූ ආ සංගක්කාර පීපල්!!' හම්සා සතුටින් කෑ ගැහුවේ menu එක ගැන විස්තර කියන එකත් අමතක කරලා.
බලද්දි හම්සා තද ක්‍රිකට් ෆෑන් කෙනෙක්. එයා ඉස්සර පකිස්තානෙදී නිතර ක්‍රිකට් මැච් බලන්න යනවාලු. ඒ ගිය එක වතාවක එයාට ක්‍රීඩකයෝ ළඟටම යන්න ලැබිලා. ඉතින් එයාලාව දෙවියො වගේ අදහන හම්සා එයින් කීපදෙනෙක් එක්ක පින්තූර ගන්න උත්සාහ කරලා. රටවල් කීපයක ක්‍රීඩකයන්ගෙන් ඇහුවත් ඒ කිසිකෙනෙක් ඊට කැමති වුණේ නෑලු. අන්තිමේදි හිනාවකින් හම්සා එක්ක සෙල්ෆියකට පෙනී ඉන්න ආවෙ සංගක්කාර විතරයිලු. මේ විස්තරේ හම්සා අපට කීවේ කැඩුණු ඉංග්‍රීසි, හින්දි, අරාබි එහෙම දාලා අතින් පයින් විස්තර කරමින්.
"සංගක්කාර ගුඩ් මෑන්. යූ සංගක්කාර පීපල්, ගුඩ් පීපල්" හම්සා අන්තිමට කීවෙ පපුවට අතක් තියාගෙන. හම්සාට ලංකාවෙ කෙනෙක් දැක්කාම සංගක්කාරගෙ නෑයෙක් දැක්ක තරම් අගේ බව එයාගෙ මූනෙන් අපට තේරුණා.
අවුරුදු ගාණකට ඉස්සර පකිස්තානයෙදි හම්සා එක්ක ගත්ත සෙල්ෆිය සංගාගෙ ජීවිතෙන් අංශුවක් තරම්වත් නැතිව ඇති. ඒත් ක්‍රිකට් ලෝලී හම්සාට ඒ තත්පරය ජීවිත කාලෙටම මතක හිටිය දිලිසෙන මොහොතක්. වැඩියත්ම අනෙත් ක්‍රීඩකයො එයා එක්ක පින්තූර ගන්න එක ප්‍රතික්ෂේප කළ නිසා. ලංකාව ගැනත්, ලංකාවෙ මිනිස්සු ගැනත් හොඳ සිතුවමක් හම්සාලාගෙ හිතේ මැවෙන්න ඒ වගේ මොහොතවල් ඇති.
ඉතින් සංගා නිසා පුංචි වෙලාවකට අපිටත් ඩුබායිවලදී 'සංගක්කාර පීපල්' වෙන්න ඉඩ ලැබුණා!

ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් රසිකයන් කියන්නේ ඇත්තටම අමුතුම ක්‍රිකට් උන්මාදයක් තියෙන පිරිසක්. ලංකාව ක්‍රිකට් ගහනකොට සමහර වෙලාවට අපේ ලංකාවේ අයටත් වඩා උනන්දුවෙන් ඒ මැච් ෆලෝ කරන ඉන්දියානු, පාකිස්තානු ක්‍රිකට් රසිකයන් ඉන්නවා.
ReplyDeleteපහුගිය සතියේ ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිහින් ජයග්‍රහණය කරපු තරගය ඒකට හොඳම උදාහරණයක්. ඒ තරගය අතරතුර ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රිකට් රසිකයන් ලංකාවට සහයෝගය දක්වමින් පළ කරපු අදහස් දැක්කම පුදුමත් හිතුණා. සමහරු අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා, තරගයේ හැරවුම් ලක්ෂ්‍ය සහ ක්‍රිකට් තාක්ෂණය ගැන විශ්ලේෂණය කරලා තිබුණේ අපේ සමහර ක්‍රිකට් රසිකයන්ටත් වඩා ගැඹුරින්.
මට හිතෙන්නේ මේක ක්‍රිකට්වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක සංගීතයටත් තියෙන්නේ පුදුමාකාර ගෞරවයක් සහ ආදරයක්. සංගීත භාණ්ඩයක් අරගෙන යන කෙනෙක් දිහා පවා සංගීතය අගය කරන මිනිස්සු බලන්නේ ලොකු ගෞරවයකින්.
මයියා- දකුණු ආසියාතික රටවල ක්‍රිකට් කියන්නේ ආගමක් නේද? ෆෑන්ස් ලා ක්‍රීඩාව වගේම ක්‍රීඩකයෝ එක්ක emotionally බැඳිලා ඉන්නේ. ඒ නිසා තමයි පැරදුනාම ඒක personally දැනෙන්නේ :D
Deleteහෙහ්,හෙහ් 'සංගක්කාර පීපල්.😋🤣😂
ReplyDeleteක්‍රිකට් ගැන වැඩිය විස්තර නොදන්න, හැබැයි සංගක්කාරව දන්න මටත් ආඩම්බර හිතුණා එවෙලේ :D
Deleteමට ඔක්ස්ෆර්ඩ් වලි හම්බවුන වයසක මහත්තයෙක් හොල්ම , මම ලංකාවේ කිව්වම මට කතා කලේ සිල්වා කියලා , මම හොල්මං , බලද්දී එයාගේ කැමතිම ක්‍රීඩකයා අරවින්ද සිල්වා , අරවින්ද 96 දි ඔස්ට්‍රේලියාව පැරද්දුවා කියලා සාහෙනේ සතුටුවෙන කෙනෙක් , ඔසියෝ පේන්න බැරි පොරක්
ReplyDeleteඉවාන් - ඔසියෝ ටිකක් රළුයි කියලා ලෝකවාසීන්ගේ අදහසක් තියෙනවා නේද? Shane Warne වගේ අයගේ සමහර arrogant ගති නිසා එහෙම අදහසක් ඇතිවුණා වෙන්න පුළුවන්.
Deleteඅරවින්ද ට කැමති නිසා ලංකාවේ ඕන කෙනෙක් සිල්වා - ඒක මරු :D
ඩුබායි වල දැනට තියෙන ටැක්සි කොම්පැණි එන්න කලින් දිව්වේ පුද්ගලික ටැක්සි, ඒවායේ වැඩ කල බහුතරයක් පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් වගේම ඉරාන අය. පකිස්තානුවෙකුගේ වාහනේට නැග්ග ගමන් කතාව හින්දියෙන් නැත්නම් උර්දුවලින්, හිනාවක් දාලා සොරි කිව්ව ගමන් ඔවුන් අහන්නේ සිරි ලංකා... ගූඩ් ජේසූරිය කියලා පටන් ගත්තාම අහන් ඉන්න විතරයි තියෙන්නේ.
ReplyDeleteජයසූරියලා ටෙස්ට් මැච් එකක දී ඉන්දියාවට නවසිය ගානක් ගහද්දි ඉන්දියානුවන්ව ඊටත් වඩා රිද්දෙව්වේ පාකිස්තාන මිනිස්සු.
96 වර්ල්ඩ් කප් එකෙන් පසුව සාජා සීරීස් එකක දී ලංකාව අසාර්ථක වුනා, ඒ වෙලාවේ පකිස්තාන් මිනිස්සු තරම් දුක් වුන පිටරැටියන් වෙනත් නැතිව ඇති.
Coral- තාම අපි ලංකාවේ කිව්වාම කොයි රටේදීත් අහන්න වෙන්නේ ලංකාව ගැන හොඳක් නේද?
Deleteඔසියෝ නම් අපි කියන්න කලින්ම ශ්‍රී ලන්කන් නේද? සිංහලීස් නේද අහන්න තරම් දැනුවත් දැන්. :D
ඩුබායි වගේ රටවල ඔය ශ්‍රමිකයෝ ගොඩක් වෙලාවට ජීවිතයෙන් වැඩි කාලයක් පවුලේ අයගෙන් ඈත් වෙලා ගෙවන්නේ බොහොම දුක්ඛිත ජීවිතයක් ඉතින්. බැරි වුණු කාලෙකට contract renew නොකළාම ආයෙත් අකුලාගෙන තමන්ගේ රටවලට යන්න වෙනවනේ
සුන්දර අත්දැකීමක් නේද 🤗. "අවුරුදු ගාණකට ඉස්සර පකිස්තානයෙදි හම්සා එක්ක ගත්ත සෙල්ෆිය සංගාගෙ ජීවිතෙන් අංශුවක් තරම්වත් නැතිව ඇති. ඒත් ක්‍රිකට් ලෝලී හම්සාට ඒ තත්පරය ජීවිත කාලෙටම මතක හිටිය දිලිසෙන මොහොතක්". Absolutely.
ReplyDeleteමලී මේක ලිව්වෙ Ryanair සහ සංගක්කාර අතර වුණු සිද්දිය දැනගත්තට පස්සෙද or was it just a coincidence. සංගක්කාර වගේ කෙනෙක් මොකට ඔය බජට් එයාලයින්ස්වල යනවද කියලයි මටනම් එකපාරට හිතුනෙ but perhaps he did not have many options. I saw many emotionally charged comments on that incident, but we never know what exactly happened.
Lotus- බ්ලොග් එකේ දාන්න පරක්කු වුණාට මම මේක ලිව්වේ ඔක්තෝබර් මුල වගේ. මෙතන පබ්ලිෂ් කරපු දවසේ ඉඳන් සංගක්කාර තිස්සෙම නිව්ස් ෆීඩ් එකේ එන්නේ මොකද කියලා බැලුවාම තමයි දැනගත්තේ තවත් හුටපටයක් වෙලා කියලා! ඒ නිසා තනිකරම coincidence එකක් :D
Delete//we never know what exactly happened// True.
Yes there are racists out there who judge on the colour of the skin. But sometimes people are just doing their jobs. During our trip, when crossing borders in Europe, sometimes we were the only ones asked to produce passports in a train carriage. But perhaps that was from previous countless bad experience on the officers' ends. මගේ නම් අදහස ඕවා ගැන වැඩිය එළවන්නේ නැතිව තමන් එතැනට අවශ්‍ය දේ කළාම හරි කියන එක.