මීටත් වඩා
ශෝකයට සමීප වීමට නම්
මා මියැදිය යුතු බව
මට සිතුණු කාලයක් විය
නමුත් මා තවත් ශෝකයට සමීප වූවත්
මියැදුණේ නැත
එකත් එකටම
මීට දෙවියන්ගේ ද,
මගේ මිතුරන්ගේ ද
දායකත්වයක් තිබෙන්නට ඇත
නමුත් මා සිටියේ පීඩිතවයි
කවියන් කියනා පරිදි
මගේ සිනහව අතුරුදන් ව තිබිණි
මගේ මිතුරු ඩැනියෙල්
(ඔහු සිංහයන් අතර පවා නිර්භීතයි)
මෙසේ කීවේ එවිටයි
“ඔබ උසුලන බර
පොත් හෝ ගඩොල් හෝ ශෝකය
මින් කවර එකක් වූවත්
වඩාත් වැදගත් වන්නේ
එය බිම තැබිය නොහැකි විට
ඔබ එය
වැළඳ ගන්නා ආකාරයයි,
සමබර කරගනිමින්
උසුලනා ආකාරයයි”
ඉතින් මම තව දුරටත් ඒ කලාව ප්‍රගුණ කළෙමි
ඔබ ඒ බව දුටුවේද?
ශෝකයට සමීප වීමට නම්
මා මියැදිය යුතු බව
මට සිතුණු කාලයක් විය
නමුත් මා තවත් ශෝකයට සමීප වූවත්
මියැදුණේ නැත
එකත් එකටම
මීට දෙවියන්ගේ ද,
මගේ මිතුරන්ගේ ද
දායකත්වයක් තිබෙන්නට ඇත
නමුත් මා සිටියේ පීඩිතවයි
කවියන් කියනා පරිදි
මගේ සිනහව අතුරුදන් ව තිබිණි
මගේ මිතුරු ඩැනියෙල්
(ඔහු සිංහයන් අතර පවා නිර්භීතයි)
මෙසේ කීවේ එවිටයි
“ඔබ උසුලන බර
පොත් හෝ ගඩොල් හෝ ශෝකය
මින් කවර එකක් වූවත්
වඩාත් වැදගත් වන්නේ
එය බිම තැබිය නොහැකි විට
ඔබ එය
වැළඳ ගන්නා ආකාරයයි,
සමබර කරගනිමින්
උසුලනා ආකාරයයි”
ඉතින් මම තව දුරටත් ඒ කලාව ප්‍රගුණ කළෙමි
ඔබ ඒ බව දුටුවේද?
විස්මිත මගේ මුවින්
ඉඳහිට සිනාවක් නික්මෙනු
ඔබට ඇසී ඇත්ද?
ඉඳහිට සිනාවක් නික්මෙනු
ඔබට ඇසී ඇත්ද?
සුළඟට හසු වූ රෝස මල්,
සැඩ රළ මත මුහුදු පාත්තයන්,
ආපිට නොලැබෙන ප්‍රේමයන්
වැනි
මේ ලෝකයේ කරුණාවන්ත
එහෙත්
ඇතැම්විට කරදරයට ලක් ව ඇති දේ දෙස
මා නතර වී
ප්‍රසාද බැල්මෙන් බලනු ඔබ දැක ඇත්ද?
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Heavy' by Mary Oliver
Digital art
සැඩ රළ මත මුහුදු පාත්තයන්,
ආපිට නොලැබෙන ප්‍රේමයන්
වැනි
මේ ලෝකයේ කරුණාවන්ත
එහෙත්
ඇතැම්විට කරදරයට ලක් ව ඇති දේ දෙස
මා නතර වී
ප්‍රසාද බැල්මෙන් බලනු ඔබ දැක ඇත්ද?
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Heavy' by Mary Oliver
Digital art
පොත් - ගඩොල් සහ ශෝකය ඒකමිතියක තියන විදියට තමා මං කැමතිම!
ReplyDeleteවර්ෂා- ඔව්!
Deleteඒ වගේම කොයිකත් උසුලාගෙන ඉන්න ම සිද්ධ උනාම වැළඳ ගන්න, සමබර කරගන්න විදිහ ගැන තියන කොටස හරි ලස්සනයි නේද?
++++++++++++++👌
ReplyDeletethanks Bassa!
Deleteඅන්තිම පදයෙන් යන්තම් ගොඩට එන්න පුළුවන්. "ආපසු නොලැබෙන ප්‍රේමයන්" ..............හරි ලස්සනයි.
ReplyDeleteකුමුදු - ඒකත් 'මේ ලෝකයේ කරුණාවන්ත එහෙත් ඇතැම්විට කරදරයට ලක් ව ඇති දෙයක්' :)
Delete