November 04, 2025

බෙන්ජමින් ට



නොදන්නා තැනක සිට මා වෙත පැමිණි බෙන්ජමින් ට

ඉතින් මා කුමක් කරම් ද?
මා කොස්සක් අතට ගත් විට
ඌ කාමරයෙන් පිටවෙයි

උදුන දැල්වීමට දර සකසද්දී
ඌ ගෙවත්තට පලා යයි

ඉනික්බිති, ඌ නැවත පැමිණි විට
අපි වරුවක් තිස්සේ වැළඳගනිමු

තැති ගැන්ම නිසා උත්සන්න වුණු
බෙන්ජමින් ගේ හද ගැහෙන වේගය
කෙමෙන් අඩුවනු මට දැනේ

මම උගේ උරහිස් පිරිමැද
දෙපා සිඹිමි
දිගු කන් සුරතල් කරමි

බෙනී- මම කියමි
බය වෙන්න එපා.
මමත් දන්නවා …
අලුත් ජීවිතය පසුපස්සෙන්
පරණ ජීවිතය හොල්මන් කරන හැටි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem "Benjamin, Who Came From  Who Knows Where" By Mary Oliver


Digital art

3 comments:

  1. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. ඒක Mary Oliver ගේ බව පටන්ගන්නකොටම දැනුනා

    ReplyDelete
  3. මේකත් කියවලා "පර්සි සහ පොත්" ආයෙ කියෙව්වා.😁

    ReplyDelete