November 04, 2025

බෙන්ජමින් ට



නොදන්නා තැනක සිට මා වෙත පැමිණි බෙන්ජමින් ට

ඉතින් මා කුමක් කරම් ද?
මා කොස්සක් අතට ගත් විට
ඌ කාමරයෙන් පිටවෙයි

උදුන දැල්වීමට දර සකසද්දී
ඌ ගෙවත්තට පලා යයි

ඉනික්බිති, ඌ නැවත පැමිණි විට
අපි වරුවක් තිස්සේ වැළඳගනිමු

තැති ගැන්ම නිසා උත්සන්න වුණු
බෙන්ජමින් ගේ හද ගැහෙන වේගය
කෙමෙන් අඩුවනු මට දැනේ

මම උගේ උරහිස් පිරිමැද
දෙපා සිඹිමි
දිගු කන් සුරතල් කරමි

බෙනී- මම කියමි
බය වෙන්න එපා.
මමත් දන්නවා …
අලුත් ජීවිතය පසුපස්සෙන්
පරණ ජීවිතය හොල්මන් කරන හැටි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem "Benjamin, Who Came From  Who Knows Where" By Mary Oliver


Digital art

8 comments:

  1. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. Thanks Pra!
      කාලෙකින් වැටක්.. ස්පෑම් එකෙන් ගොඩ ගන්නත් වුණා මේක :D

      Delete
  2. ඒක Mary Oliver ගේ බව පටන්ගන්නකොටම දැනුනා

    ReplyDelete
    Replies
    1. එහෙම හදවතින්ම, සරලව ලියන්න පුළුවන් එයාට තමයි

      Delete
  3. මේකත් කියවලා "පර්සි සහ පොත්" ආයෙ කියෙව්වා.😁

    ReplyDelete
    Replies
    1. Mary Oliver ගේ 'බලු කවි' පොතක්ම තියෙනවා මගේ හිතේ. ඒවා හරි ජීවමානයි නේ ?

      Delete
  4. හ්ම්.. ලස්සනයි. බෙන්ජමින් හරහා metaphorically කියන පණිවිඩය තමයි ලස්සන.

    ReplyDelete
    Replies
    1. ඔව්, බොහොම සියුම් විදිහට ඒක කියලා තියෙන ලස්සන!
      බල්ලන්ට ආදරේ නැතිව මෙහෙම ලියන්නත්, මේවා රසවිඳින්නත් බැහැ කියලා මට හිතුණා

      Delete