January 17, 2025

ඔබට පෙම් කිරීම

ඔබට පෙම් කිරීම
රිදුම් දුන්නත්
වියෝගයකින් අවසන් වූවත්
එය වරදක් සේ නොදකිමි

උගත යුතු බව නොදැන සිටි දේවල්
ඔබ නිසා උගත්තෙමි
මට කෙතරම් ගැඹුරින් දැනේද යන වගත්
දීමට නොහැකි තැන්වලදී පවා
මා කෙතරම් දීමට සූදානම් ද යන වගත්
මම ඔබෙන් උගත්තෙමි

අපට සදාකාලය උරුම නොවුණත්
මට සදා ළඟ තබාගැනීමට නිමේෂයන්-
සිනාවක්,
ස්පර්ශයක්

මා ද නොදන්නා තරමට
මට වැදගත් වූ
මා හඳුනාගැනීමක්
ඔබෙන් ලැබිණි

ඔබට පෙම්කිරීම
වරදක් ලෙස නොසලකමි
දුෂ්කර ම තැන්වලත්
ප්‍රේමයට වර්ධනය විය හැකි බවටත්

හදවත බිඳුණු පසු
නැවත සුවපත් වන බවටත්
එය සිහි කැඳවීමක් විය

ඔබේ අත අත් හළ පසුවත්
මට පසුතැවීමක් නොදැනේ

ඔබට පෙම් කිරීමෙන්
මා මටම පෙම් කිරීමට උගත් බැවිනි

A poem by Tears Of The Soul
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Digital Art



2 comments:

  1. හැම වචනයක්ම spot on.

    ජීවිතේ හැම අත්දැකීමක්ම මේ වගේ තමයි. We keep realising how much we can achieve, get frustrated, hurt and still heal.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus මේකේ අහක දාන්න වචනයක් වත් නැහැ. ඒ නිසාමයි මට මේක පරිවර්තනය කරන්න හිතුණේ.

      Sometimes we underestimate our resilience. No matter what happens and we feel we will never make it through, in the end, we do.

      Delete