'but music only exists because the pauses exist, and sentences only exist because the blank spaces exist'- Paulo Coelho

January 11, 2024

උපුටන!

මගේ දෙවෙනි කෙටිකතා පොත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ජනවාරි 20 මෙල්බර්න් නගරයේ එළිදැක්වෙනවා.  ඒ බව මම කළින් පෝස්ට් එකක් දැම්මා නේ. මේ ඒ සම්බන්ධ වෙන කතාවක්. පොත එළිදැක්වීම  වෙනුවෙන් මගේ බොහොම පරණ මිතුරියක් වන කාංචනා අමිලානි පොතේ උපුටන වලින් facebook posts වලට ගැලපෙන පින්තූර ටිකක් මට හදලා එවලා තිබුණා. ඒ මම ඉල්ලලා වත් නෙමෙයි. පහුගිය ටිකේ මම බොහොමත්ම කාර්යබහුල වුණු නිසා මට ඇත්තටම ඒ වගේ දේකට වෙලාව තිබුණේ නැහැ. ඒ නිසා කාංචනා හිතලාම කළ මේ උදව්ව මට බොහොම අගෙයි.

මේ තියෙන්නේ කාංචනා එහෙම හදපු පින්තූර අතරින් එකක්. මම ලියපු කතාවලින් කොටසක් වෙන කෙනෙකුට හිතට දැනිලා ඒක quote එකක් හැටියට උපුටලා තියෙනවා දකින එක අමුතුම අත්දැකීමක්. ඒ වචන ටික වෙනම අරන් මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා දැක්කාම මාත් පොඩ්ඩක් 'හෙල්ලුනා' කිව්වොත් හරි. ඉතින් කාංචනා ට ස්තූති කරන ගමන් පොත කියවන්න ලැබුනොත් අදහස් කියලා එවන්න කියලාත්, මෙල්බර්න් අහල පහලක ඉන්නවා නම් විසි වෙනිදාට ඇවිත් යන්න එන්න කියලාත් මම ආදරයෙන් මතක් කරනවා. 


9 comments:

  1. වැඩිදුර හිතන්න ගියා - මොලේට සමනල් ගැටේ වැටුණා

    ReplyDelete
  2. මගේ සුබපැතුම් . පුළුවන් නම් නිවාඩු තියෙන වෙලාවක උත්සවයේ වීඩියෝ පිටපතක් මුහුණු පොතට හරි බ්ලොග් එකට හරි එකතු කරන්න . පොත ගැන දේශන සහ රසික අදහස් අහන්න ආසයි.

    ReplyDelete
  3. ලංකාවට ගිය දවසක පොත ගන්න බලන්නම්

    ReplyDelete
  4. " සුළු ප්‍රාතිහාර් ය " එලි දැක්වීම මහා ප්‍රාතිහාර් යක්ම වේවා යයි පතනවා.

    ReplyDelete
  5. මගේ කෙල්ල පොත් කියවන්න බොහොම මනාපයි. ඔයාගේ පොත එළි දක්වන තැන කිව්වොත් එයා එයි. "මිණි මිණි පොදේත්" එයි!

    ReplyDelete
    Replies
    1. දුව එනවා නම් බොහොම සතුටුයි! මේ පෝස්ට් එකේ විස්තර තියෙනවා
      https://hotchocolatedays.blogspot.com/2024/01/blog-post.html

      Delete
  6. ස්තූතියි හැම දෙනාටම

    ReplyDelete