මගේ අලුත්ම කෙටි කතා පොත මුද්‍රණය වෙලා අවසානයි කියන සතුටු ආරංචිය අද මට ලැබුණා. ඉතාම ඉක්මණින්, සාර්ථකව මේ කටයුත්ත කරගන්න පුළුවන් වුණේ විදර්ශන ප්‍රකාශන අනුබද්ධ ප්රෝග්රෙස් ප්‍රකාශන සමාගමේ කාර්යක්ෂමතාවය නිසා. මේ ගැන මගේ ස්තූතිය හිමිවෙන්නේ විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතාට සහ පුර්ණිමා, ළහිරු ඇතුළු එහි කාර්යමණ්ඩලයට. ඒ වගේම ගගන වර්ණකුලසූරිය ගේ අපූරු කවර නිර්මාණය ගැනත් නොකියාම බැහැ. අන්තිමේදී මේ හැම කෙනෙක්ගේම දායකත්වයෙන් මගේ හිතේ ඇඳුණු විදිහටම 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' කෙටිකතා එකතුව පොතක් හැටියට දොරට වඩිනවා.
ලබන සතියේ ඉඳන් මගේ පොත සියලුම සරසවි ශාඛා වලිනුත්, සූර්ය, දයාවංශ පොත් හල් වලිනුත් ලබාගන්න පුළුවන්. මීට අමතරව විදර්ශන වෙබ් අඩවියෙන් සහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ B100-101-102 විදර්ශන කුටිවලත් 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' තියේවි.
සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා සංග්‍රහය
හෙල්මලී ගුණතිලක
'විදර්ශන ප්‍රකාශන' ආයතනයට අනුබද්ධ 'ප්‍රෝග්‍රස් ප්‍රකාශන' වෙතින්.
වැසුම් නිමැවුම - ගගන වර්ණකුලසූරිය.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️
ReplyDelete(●'◡'●)☜(゚ヮ゚☜)🌞💐🫘🌹🎂🎉🎡🏃🦉🦩🫠😁
ReplyDeleteසු පි රි 🤓
ReplyDeleteස්තූතියි හැමදෙනාටම! මාත් පොත අතට ගන්න මඟ බලමින් :)
ReplyDelete
ReplyDelete'සුළු ප්‍රාතිහාර් ය දෙපාර්තමේන්තුව' සුළුපටු කාර්යයක් නොවන බව මම අත්දැකීමෙන්ම දනිමි. දවසේ වැඩි කොටසක් රාජකාරි කටයුතු වල යෙදී සිට, දෙවනුව ගෙදරදොරේ වැඩවලට අමතරව සමාජ සේවාවලත් නිරතවී, ලැබෙන සුළු විවේකයකින් මෙවැනි කෘතියක් එළි දැක්වීම ප්‍රාතිහාර් යයක්ම වේ. කෙටිකතා එකතුව කියවීමට පුල පුලා සිටිමි. මගේ සුබ පැතුම්. තාත්